ඌව, මධ්‍යම හා වයඹ පළාත් සඳහා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරු තිදෙනෙක් ද පොළොන්නරු දිස්ත්‍රික්කයට විශේෂ ව්‍යාපෘති නිලධරයෙක්ද මෛත්‍රිපාල සිරිසේන ජනපති විසින් අද (25) පත්කරනු ලැබූහ.
හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර ඌව පළාතට ද හිටපු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මධ්‍යම පළාතටද හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර වයඹ පළාතටද , පොළොන්නරු දිස්ත්‍රික්කයට පත් කළ ප්‍රේමසිරි මුණසිංහ යන මහත්වරු අද ජනාධිපති කාර්යාලයේදී ජනපති අතින් පත්වීම් ලිපි ලබාගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම බෙදන එකයි තියෙන්නේ. මහින්දගේ කාලේ වගේ දැන් නාස්ති නැහැනේ. (බ)
ජනාධිපති තුමණි, ඌව පළාත භාර විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක තුමාට ගවපාලනය හා ගව ගහනය පිලිබඳ ප්‍රාමාණික දැනුමක් තිබෙන බවට මහජන මතයක් ගොඩ නැගී ඇති බැවින් එතුමාට ගවයන් පිලිබඳ ව්‍යාපෘතියත් භාර දීමෙන් උපරිම ඵල නෙලා ගත හැකි වනු නො අනුමානය ය. (රේ)
රටේ සල්ලි තමන්ගේ හිතවතුන්ට ලබා දීම සදහා මේවගේ මරිවැඩ කරන එක 19 සංසෝධනයේන් නතර කරන්න බැරි වුනාද. අනේ අපේ රට. ඔනෑම හරකෙකුට මොකක්හෝ තනතුරක් හදල රටේ සල්ලි විනාස කරනවා. අම්මා අප්පාගේ බූදලය වගේ. (රේ)
මින් එක් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේදී ගංජා වගාතිරීමට ගොවීන්ට අධාර කළ යුතු බවට මතයක් ප්‍රකාශ කළා වගේ මතකයි.(රේ)
අපේ ගෙදර බල්ලත් ඉන්නවා අනේ බැරි වෙන එකක් නැහැ මෛත්‍රිරිගෙන් පෝස්ට් එකක් ඉල්ලගන්න , තව අඩු කකුල් හතරේ බල්ලෝ විතරනේ අනේ මුන්ට චන්දෙ දීල කරගත්ත ගොන්කමක් අපිත් වරෙල්ලකෝ ඊළඟ වතාවේ(රේ)
මට ටෝයියෝ ගැන හරිම සතුටක් දැනනවා අප්පා (රේ)
යන්තම් ඇති තිලක් ගේ ඇස් ඇරිලා (අ)
අවුරුදු 6ක් කට වහගෙන ඉන්න වෙලා.අපි හැමෝටම (රේ)
අනේ මර්වින් මහත්තයට ඒ මහත්තයාගේ පුතට එතකොට දුමින්ද මහත්තයට අපේ විමල් මහත්තයට ගම්මන්පිල උන්නැහේට මොනවා හරි දෙන්නකෝ ඔය උපදේසක තනතුරු ඕණ තරම් තියෙන්නේ. (රේ)
"දුන් දේ සුවඳයි" කිවුවාට, මේවා නම් ගඳයි අපිට (නි)
බලාගෙන ගියාම කවුරුත් එකයි වගේ (නි)
මේවා නම් යහපාලනය තුළ තිබෙන අයහපත් දේවල් ලෙසයි අපි දකින්නේ (නි)
රැකියා ප්‍රශ්නය විසඳීමට නව අදහස් පහළවෙනකොට එහෙම තමයි. මෙහෙම ගියොත් තව කාලයක් යනවිට ශ්‍රී ලංකාවේ එකම රැකියා විරහිතයෙක්වත් හොයාගන්න බැරිවේවි.... (නි)
ජනවාරි 8 වෙනිදා සිට පත්කරනවා, පත්කරනවා... අවසානයක් නොමැත. කෝ දස ගුණයේ සංවර්ධනය? (නි)
අපි අපි වෙනුවෙන් සහ රට වෙනුවෙන් මෙහෙ දුක්විඳිනවා. ඒවා බෙදා හදාගෙන හොරාකෑවොත් නම් ඉදිරියේදී වෙන දේ හිතාගන්නත් බැරිවෙයි එහෙම අයට (නි)
සන්තෝෂයිනේ. පහුගිය කාලේ වගේ දැන් නාස්ති නැහැනේ (නි)
හැම දේශපාලඥයාම බෙරිහන් දෙනවා රටේ ලොකුම සම්පත දරුවන් කියලා. නමුත් දෙමාපියන් තම සිඟිත්තාව පාසලකට ඇතුළු කරගන්න බැරුව දඟලනවා. මහා ලොකු සමාජ සේවකයෝ. අනේ මෙහෙමත් රටක්? (නි)
යහපාලනය දවසින් දවස විනාශ මුඛයට යන හැටි බලාගෙත සිටින්නයි වෙන්නේ. ඇයි අපි ඉල්ලා ගත් පරිප්පුවනේ. (නි)
යහපාලනයට ජයවේවා! (නි)
සන්තෝෂයි සන්තෝෂයි අප්‍රමාණ සන්තෝෂයි. කෝ අර ප්‍රතිපත්ති ප්‍රකාශනය? අනේ අපිත් කරගත් දෙයක්? (නි)
අපි අපිටම ගහගන්න වටිනවා කරගත්දේට (නි)
මදැයි අපිත් කරගත් දෙයක්? (නි)
අපරාදේ අපේ කතිරයේ බලය! (නි)
ගැමුණු, කතාව නම් සත්තකින්ම ඇත්ත. (නි)
මහමැතිවරණයේදී යහපාලනයට ඡන්දය දෙන්න ගිය මගේ අම්මට කණ්ණාඩි කුට්ටම අරගෙන යන්න අමතකවෙලා කතිරය ගහලා තිබුනේ යහපාලනය කියලා "බරකරත්තයට". අද අම්මා ඒ ගැන සතුටු වෙනවා. යහපාලනයට ඡන්දය නොදීම ගැන ගොඩාක් සතුටු වෙනවා. (නි)
යහපාලනය වෙනුවෙන් දිවා රෑ මගේ මුදල් වියදම් කරමින්, නිදි මරාගෙන, යහපාලනය වෙනුවෙන් කඩේගිය මට නම් දැන් යහපාලන අමාරුව හොඳටම සනීපයි. (නි)
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු (ම)
නියම යහපාලනයක්නේ මේ යන්නේ. අපේ මවුපියන් සහ අපි යුඑන්පී එකට ඡන්දය දෙන්නේ මේවා දකින්න නෙමෙයි. මේ ගැන පියවරක් ගන්න. (නි)
අපරාදේ කියන්න බැහැ ඕනෑ තරම් තනතුරු තියෙනවා. (ර)
මම යහපාලනයට ජන්දය දුන්නේ ඇමති මණ්ඩලය 20 ට අඩු කරනවා කියපු නිසා. (ම)
යහපාලනේට උදව් දීපු හැමෝටම ඔවුන්ගේ කොටස දෙන්න එපැයි ඉතින් කොටියට දෙනවා වගේම..... හොඳයි හොඳයි හැමෝම සන්තෝසෙන් බදාගෙන කන්න, (බ)
මේ දේශපාලු හොරු ඇරෙන්න ලංකාවේ වෙන උගතුන් නැත්තද මෙවැනි වැදගත් වැඩ භාරදෙන්න? (බ)
මේ දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරදුන අයටනේ. ඕව ඉතින් හොඳ වැඩ. තව කොච්චර දුන්නත් කමක් නැහැ. පැරදුන යු එන් පී කාරයෝ එක්කෙනෙකුටවත් නොදී හිටියොත් ඒ ඇති. යහපාලනෙයි ගොන්කමයි තරාදියේ පැත්ත පාත්වෙන හැටියෙන් කිරා බලා ගැනීමට තව මාස හතරකින් ඡන්දදායකයාට අවස්ථාවක් එනවා. (බ)
නියමයි. කළ යුතුම, අත්‍යවශ්‍ය ම කටයුත්තක්. (අ)
අනේ මන්දා හැමදාම පත් කරනවා. (ර)
ජනතාව එලවපු අය ඔය අපුරුවට නිලතල ගන්නේ. (ර)
සංවර්ධනයයි ,දේශපාලනයයි එකක් නෙමෙයි දෙකක් කියලා ඇයි දැන්වත් තේරුම් ගන්නේ නැත්තේ? මේ අය විශේෂ ව්‍යාපෘති කරන්න තරම් දක්ෂයෝ නම් , ඇයි මිනිස්සු මේ අයව ප්‍රතික්ෂේප කලේ ? ඇයි වෙන දක්ෂයෝ ඇත්තෙම නැද්ද මේ රටේ? දරුවෝ ඉගෙන ගන්නේ මොකටද එහෙනම්? (ර)
ලඟින් හිටපු නඩේට තානාන්තර දුන්නට ජනතාවගේ ඡන්දය නම් ශ්‍රිලනිපයට ලැබෙන්නේ නැහැ. මෙදා පාර. (ස)
මෙතරම් ඉක්මනිම අපේක්ෂා භංගත්වය කියන දෙය, විවිධ අයුරින් අපට ලබා දුන් හැටි,ඇත්තටම හිතා ගන්නත් අමාරුයි. (බ)