පානදුර ප්‍රදේශයේ කලාකරුවන්ගේ එකමුතුව ‘පානදුර හෙළ කලා සංසදය‘ සංවිධානය කළ ‘අසිරි සර කලා උළෙල ‘ සෙනසුරාද පනදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලේ දී පැවැත්විණ.
රෝහණ බැද්දගේ ප්‍රධාන අමුත්තා විය
සංවිධානයේ වෙබ් අඩවිය විවෘත කිරීම ප්‍රවීණ නිලි සංගීතා වීරරත්න මහත්මිය අතින් සිදු විය. බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා වසර 25 කට පෙර පිටපත ලියා අධ්‍යක්ෂණය කල ‘රතුමල්‘ වෙදිකා නට්‍යයේ පිස්සකුගේ චරිතයකට ඔහුම නිරූපනය කළේය.
එයින් කියැවුණේ සමාජයේ නරක දේට එරෙහිව කටයුතු කරන අයකුට පිස්සෙකු යයි හදුන්වමින් රෝහල ගත කොට තිබු අවස්ථාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරයෙන් පිටුපස වෙස්මුහුණු බැන්දත් එලි පිටනේ නටන්න වෙන්නේ. දේශපාලඥයා කියන්නේ තිරය පිටුපස නැටූ නාඩගම ඒ ලෙසින්ම තිරය ඉදිරියේ රඟ දක්වන්න පුළුවන්අයනේ (දී)
සාමාන්‍ය ජීවිතේ පලපුරුද්ද හොඳට රගපාලා පෙන්නන්න ඇති.(නදී)
ඉන්න අයට,හිටපු අයට මේක අමුතුවෙන් දාන්න දෙයක් නෙමේ.(නදී)
එතුමාගේ දක්ෂතාවය අගය කළ යුතුයි. කුණු ගඳ ගසන දේශපාලන සමාජයෙන් ඉවත්වී කලාවට සම්බන්ධ වෙන්න කියා එතුමාට ආරාධනා කරමු (නි)
මා කියන්න හිතපු දේ කලින් අපේ අය ලියා එවලානේ? (අ)
තනතුරෙන් ගියාට පස්සෙත් පාට් දාන දේශපාලකයෝ හිඟයි (දී)
කොහොමත් මැති ඇමති වරුන්ට මේවගේ පිස්සු වාගේ හැසිරිමට හොඳ පුරුද්දක් තිබෙන නිසා මෙය මොහුට අපහසුවක් නොවන්නට ඇති . සමහරු නටන්නේ පාර්ලිමේන්තුවේත් පිස්සු නාඩගම්. මේක නම් එළියේ නටපු නාඩගමක්.(නදී)