ඔහු හිටපු ඇමැතිවරයෙකි. හැම මාසයකම කුරුඳුවත්ත පොලිසියට පැමිණිය යුතුය. එය උසාවි නියෝගයකි. ඔහුට රට යාමටද බැරිය. පසුගිය මාසවල නුදුටු දෙයක් දැකගැනීමට උකුසු ඇසක් තිබූ පොලිස් නිලධරයකුට හැකිවිය. සීසී 850 පුංචි මරුටි කාරයකින් පැමිණි පුද්ගලයෙක් ඔහු දුටුවේය.
ඔහු හිටපු පොලිස්පතිවරයෙකි. ඔහු පොලිසියෙන් පිටත කාරය නවතා ගෙන කාරය තුළ රැඳී සිටී. ඔහුගේ පරණ ලොක්කා පොලිසියේ නියමිත වැඩ ටික අවසන් කරන තුරු ඔහු මරුටියට වී සිටී.
පරණ ලොක්කා පිටවන විට ඔහුද මරුටිය පදවාගෙන යයි. උසාවි නියෝගය දුන්දා සිටම පරණ පොලිස් ලොක්කා මාසේ අන්තිම ශනිදා මේ සඳහා වෙන්කර ගන්නවාලු.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.