පානදුර පදිංචි ව සිටි හිටපු පොලිස්පති වික්ටර් පෙරේරාගේ නිවසට හොරුන් ඇතුළු වී රුපියල් ලක්ෂ දහයක් වටිනා රන් බඩු හා රුපියල් පනස්දහසක් රැගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
රන්බඩු බහාලු බෑගය හා තවත් බෑගක් නිවසට මීටර් සියයක් ඈතින් පිහිටි ඉදිකරමින් පවතින නිවසක් ආසන්නයේ තීබී සොයා ගෙන ඇත.
මඟුල් ගෙදරකට යාමට බැංකු ආරක්ෂක කුටියෙන් රන්බඩු ගෙනැවිත් බිරිය කොට්ටය යට තබා නිදාගෙන සිටිය දී සොරා ගෙන ඇති බව පොලිස් ආරංචි කියයි.
![DSC01569[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC015691.jpg)
![DSC01579[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC015791.jpg)
![vlcsnap-2016-05-09-12h32m43s125[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/vlcsnap-2016-05-09-12h32m43s1251.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේ දැනගෙන කරපු දෙයක් වගේ.(හේ)
ජනක, අවුරුදු 30- 40 ක් රාජ්‍ය සේවයේ ඉදලා පොලිස්පති වෙලා ව්ශාම ගිය කෙනෙකුට ලක්ෂ 10 ක රත්තරන් බඩු උපයා ගන්න බැහැ කියලද ඔයා කියන්නේ. ටිකක් කල්පනා කරලා කතා කරන්න. (හේ)
අපොයි දෙවියනේ බැංකු වල තිබෙන ආරක්‍ෂිත සේප්පු ගැන අහලා නැහැ වගේ. අපි නම් කනේ කරේ යන්තම් තිබෙන දෙයක් මිසක් කිසිම රත්රන් බඩුවක් ගෙදර තියා ගන්නේ නැහැ . (ර)
මිනිස්සු දහදුක් විදලා හම්බකරන දේවල් කඩාවඩා ගන්න මේ වගේ මිනිස්සුන් හමගහන්න ඕනේ ..(බ)
හොරා පොලිස් සෙල්ලමක් වගේ. රත්තරන් බඩු කෝට්ටේ යටින් අරගෙන ගිහින් වැඩ බිමකට දාල. කොට්ටේ යටින් රත්තරන් බඩු ගන්නකල් පොලිස්පතිතුමා සැප නින්දේ හිටියද ? තමුන්ගේ බඩු පරිස්සම් කරගන්න බැරි පොලිස්පතිතුමන්ලා ජනතාවගේ දේවල් හොරුන්ගෙන් පරිස්සම් කරන්නේ කොහොමද ? (බ)
එන්න, එන්නම තත්වය දරුණුයි. අපි වගේ අය ගැන කුමන කතාද...(බ)
මේවා දකිනකොට අපටත් ආරක්ෂාව ඉල්ලා උද්ඝෝෂණය කරන්න හිතෙනවා.(ම)
කොට්ටය යට තබා නිදාගෙන සිටිය දී සොරා ගෙන ගිහින් නම් පුදුම නින්දක්.(හේ)
බිරිදවයි පොලිස් ලොක්කවයි වෙන වෙනම කට උත්තර ගන්න වුවමනා සිද්ධියක්. අනෙක් ප්‍රධානම කරනාව තමයි මේ තරම් රත්තරන් ප්‍රමාණයක් ගන්න මෙයාලගේ ආදයම් වාර්තා පරික්ෂා කරන්න ඕන. බලමු අපේ පොලිස් කොමීසමයි එෆ්.සි.අයි.ඩි එකයි මොනවාද කරන්නෙ කියලා?(හේ)
ලක්ෂ දහය සමානයි පොලිසියේ යේ ඉන්න මහතෙකුට (බ)
හොරකම් කිරීම බරපතල වරදක් (බ)
හිටපු පොලිස්පති නිසා හමුදා ආරක්ෂාවක් දිය යුතුයි කියල අපිත් උද්ඝෝෂණයක් කරමුද (බ)
මේ අත්හැරදැමූ බෑග් සඳහා සුනඛයෙකුගේ ආධාරයෙන් මේ හොරා අල්ලාගන්න බැරිද? (නි)
අවුලක් නැහැ..... බඩු හම්බ වෙලානේ (බ)