IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිටපු පොලිස් ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙක් සාක්කි වසන් කිරීමට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චම්පික පෙරේරාට උපදෙස් දුන් බව කියන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි කියයි.

පෙරේරා මහතා තාජුදීන්ගේ ළඟම නෑයකු කැඳවාගෙන එම උසස් නිලධාරියා ළඟට ගොස් ඇති බවත් මෙය රිය අනතුරක් බව එම නිලධාරියා කියා ඇති බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.

තාජුදීන් ඝාතන සාක්කි වසන් කිරීමට නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිට උපදෙස් දෙන්නට නම් එම අපරාධය කළ පුද්ගලයා කවුරුන්දැයි එම පොලිස් ප්‍රධානියා දැනුවත්වය ඉන්නට ඇති බව ද පොලිසිය සැක කරයි.



අදහස් (0)

හිටපු පොලිස් ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට

නන්ද Saturday, 23 April 2016 04:43 PM

වැරදි කරලා තිබෙනවා නම් කාටවත් සමාව දෙන්න හොඳ නැහැ. (නි)

:       0       0

කුමාර් Saturday, 23 April 2016 05:29 PM

අර පසුගිය ආණ්ඩුවේ වැරදි වහන සුදුහුණු ගාන ලොක්කා වෙන්න ඇති (නි)

:       0       0

උමයංගනී Saturday, 23 April 2016 05:51 PM

අත්අඩංගුවට ගත්තහමම බලමුකෝ මේ කවුද කියලා (නි)

:       0       0

පියුමාල් Saturday, 23 April 2016 05:56 PM

මේ කවුද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

කුමාර් Saturday, 23 April 2016 07:13 PM

තාජුඩීන් ඝාතනය පමණක් නොව කටුගෙයි කඩු සොරකම, නුවර පාරේ සිසු ඝාතනය, ලොකු සීයාගේ ඝාතනය, ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබීම, කොළඹ කච්චේරිය ගිනි තැබීම, කොළඹ සුදු වෑන් වලින් පැහැරගෙන අතුරුදහන් කරවීම් සහ කොළඹ වටිනා ඉඩම් මංකොල්ලා කෑම් ආදී අපරාධ ගැනත් සොයන්න (නි)

:       0       0

රන්ජන් Sunday, 24 April 2016 02:16 AM

මේ කියන්නෙ කවුරු ගැනද කියලා මම නම් දන්නවා (නි)

:       0       0

දර්ශන Saturday, 23 April 2016 07:11 AM

දැන් අපි බලාගෙන ඉන්නේ ඒකාබද්ධ කට්ටිය රට බේරාගත් පොලිස් නිලධාරින්ව අත්අඩංගුවට ගන්න යනවා කියලා උද්ඝෝෂණය කරනකම් (නි)

:       0       0

අංජලි Saturday, 23 April 2016 07:20 AM

නියමයි. ඔහොම යමුකෝ! (නි)

:       0       0

සිල්වා Saturday, 23 April 2016 07:27 AM

එවකට රට පාලනය කළ උදවිය වර්තමානේ රට පාලනය කළා නම් අත්අඩංගුවට ගන්න ඉන්න ඔය කියන නිලධාරිය මෙලහකටත් පොලිස්පතිත් වෙන්න තිබුණා. රටේ වාසනාවටත් අපේ වාසනාවටත් දරදඬු පාලනය වෙනසක් දකින්න අපට ලැබුණා!!! (නි)

:       0       0

දහම් Saturday, 23 April 2016 07:35 AM

රට පුරාම නැඟීඑන ආණ්ඩු විරෝධය මේ දේවල් වලින් නම් වහන්න බැහැ. (නි)

:       0       0

නවාස් Saturday, 23 April 2016 07:56 AM

කාට කාටත් සාධාරණය ඉෂ්ට කර දෙන්න. (නි)

:       0       0

සුසන්ත Saturday, 23 April 2016 07:59 AM

අනේ අපේ රට! (නි)

:       0       0

පියුමාල් Saturday, 23 April 2016 08:23 AM

ඔය පොලිස් මහත්තයා කවුද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

විශාඛා Saturday, 23 April 2016 08:59 AM

අපිට ඒ කවුද කියලා දැනගන්න එච්චර කල්යන්නේ නැතිවෙයි (නි)

:       0       0

ආනන්ද Sunday, 24 April 2016 08:51 AM

කවුද කියලා දැනටමත් පැහැදිලියි.(හේ)

:       0       0

ටිකිරි Saturday, 23 April 2016 09:26 AM

මේ ගැන හොඳ හොඳ කතා අපිට මැයි දින රැලි වලදී අහගන්න පුලුවන්වෙයි (නි)

:       0       0

සංජීව Saturday, 23 April 2016 10:22 AM

ආ... හා....! ඔන්න එහෙනම් වැඩ වරදින ලකුණු. ඔහොම යමු ඔහොම යමු (නි)

:       0       0

පෙරේරා Saturday, 23 April 2016 10:22 AM

ලංකාවේ බොහෝ තැන්වල සමහර "ලොක්කෝ" කරන්නේ "බාල" වැඩ (නි)

:       0       0

ටිරෝන් Saturday, 23 April 2016 10:41 AM

කවුද දන්නෙ නැහැ මේ ලොක්කා? (නි)

:       0       0

ප්‍රියා Monday, 25 April 2016 02:49 AM

\"විෂ ගොර සර්පයා -දැක නෑර මෝඩයා කීවලු\". කවුරු කවුරුත් සර්පයා දගලන්න කලින් ඉක්මන් කරොත් හොදයි. අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලය වැහුවට වැඩක් නැහැ. (රේ)

:       0       0

විජේ Saturday, 23 April 2016 10:44 AM

ඔන්න දැන් පොලිස් ලොක්කාට උපදෙස් දුන් කෙනා ගැන දැනගන්න ලැබේවි එයා අල්ලාගත්තම (නි)

:       0       0

සෙනරත් Saturday, 23 April 2016 12:28 PM

මේක අර කොණ්ඩයාගේ කතාවේ දෙවන කොටස වගෙයි මට හැඟෙන්නේ (නි)

:       0       0

රොෂාන් Saturday, 23 April 2016 12:49 PM

මගේ හිතේ නම් යමෙකු ගැන සැකයක් තිබෙනවා. බලමු! (නි)

:       0       0

ගංගා Saturday, 23 April 2016 01:01 PM

රජකම් කෙරුවත් කළකම් පළදේ... (නි)

:       0       0

හිරුණි Saturday, 23 April 2016 01:07 PM

තව වැඩි දවසක් යන්න කලින් මේ සියළු සෙල්ලම් එළිවේවි (නි)

:       0       0

අනිල් Saturday, 23 April 2016 01:34 PM

උතුරේ වෙනම පාලනයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරගෙන එය ආණ්ඩුවට අනුමැතිය උදෙසා ලබාදෙන අස්සේ අායෙත් තාජුඩීන් සිද්ධිය... සිංහලයින්ට දෙපැත්ත බෙදිලා වාද කර කර ඉන්න පුලුවන් දැන් (නි)

:       0       0

පියුමාල් Saturday, 23 April 2016 01:35 PM

අලුත් පොලිස්පතිතුමා නීතිය ක්‍රියාත්මක කරන්න පටන්ගෙන තිබීම ගැන සතුටුයි (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 23 April 2016 02:27 PM

අපිත් දන්නවා මේ කවුද කියලා. බලමුකෝ ඉස්සරහට (නි)

:       0       0

සුනිල් Saturday, 23 April 2016 02:45 PM

"සැඟවී පවතින කිසිවක් නැත. සියල්ල හෙළිදරවු කරනු ලැබේ" ශුද්ධ වූ බයිබලය එසේ සඳහන් කර ඇත. (නි)

:       0       0

චන්න ප්‍රසන්න Saturday, 23 April 2016 04:16 PM

ඒ ලොක්කා කවුද කියලා බොහෝ අය දන්නවා. වැරදිකාරයා වුණදාට ලොක්කට ආයේ කිසිදු සමාවක් නම් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site