රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙක් සාක්කි වසන් කිරීමට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චම්පික පෙරේරාට උපදෙස් දුන් බව කියන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි කියයි.
පෙරේරා මහතා තාජුදීන්ගේ ළඟම නෑයකු කැඳවාගෙන එම උසස් නිලධාරියා ළඟට ගොස් ඇති බවත් මෙය රිය අනතුරක් බව එම නිලධාරියා කියා ඇති බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.
තාජුදීන් ඝාතන සාක්කි වසන් කිරීමට නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිට උපදෙස් දෙන්නට නම් එම අපරාධය කළ පුද්ගලයා කවුරුන්දැයි එම පොලිස් ප්‍රධානියා දැනුවත්වය ඉන්නට ඇති බව ද පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරලා තිබෙනවා නම් කාටවත් සමාව දෙන්න හොඳ නැහැ. (නි)
අර පසුගිය ආණ්ඩුවේ වැරදි වහන සුදුහුණු ගාන ලොක්කා වෙන්න ඇති (නි)
අත්අඩංගුවට ගත්තහමම බලමුකෝ මේ කවුද කියලා (නි)
මේ කවුද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
තාජුඩීන් ඝාතනය පමණක් නොව කටුගෙයි කඩු සොරකම, නුවර පාරේ සිසු ඝාතනය, ලොකු සීයාගේ ඝාතනය, ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබීම, කොළඹ කච්චේරිය ගිනි තැබීම, කොළඹ සුදු වෑන් වලින් පැහැරගෙන අතුරුදහන් කරවීම් සහ කොළඹ වටිනා ඉඩම් මංකොල්ලා කෑම් ආදී අපරාධ ගැනත් සොයන්න (නි)
මේ කියන්නෙ කවුරු ගැනද කියලා මම නම් දන්නවා (නි)
දැන් අපි බලාගෙන ඉන්නේ ඒකාබද්ධ කට්ටිය රට බේරාගත් පොලිස් නිලධාරින්ව අත්අඩංගුවට ගන්න යනවා කියලා උද්ඝෝෂණය කරනකම් (නි)
නියමයි. ඔහොම යමුකෝ! (නි)
එවකට රට පාලනය කළ උදවිය වර්තමානේ රට පාලනය කළා නම් අත්අඩංගුවට ගන්න ඉන්න ඔය කියන නිලධාරිය මෙලහකටත් පොලිස්පතිත් වෙන්න තිබුණා. රටේ වාසනාවටත් අපේ වාසනාවටත් දරදඬු පාලනය වෙනසක් දකින්න අපට ලැබුණා!!! (නි)
රට පුරාම නැඟීඑන ආණ්ඩු විරෝධය මේ දේවල් වලින් නම් වහන්න බැහැ. (නි)
කාට කාටත් සාධාරණය ඉෂ්ට කර දෙන්න. (නි)
අනේ අපේ රට! (නි)
ඔය පොලිස් මහත්තයා කවුද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
අපිට ඒ කවුද කියලා දැනගන්න එච්චර කල්යන්නේ නැතිවෙයි (නි)
කවුද කියලා දැනටමත් පැහැදිලියි.(හේ)
මේ ගැන හොඳ හොඳ කතා අපිට මැයි දින රැලි වලදී අහගන්න පුලුවන්වෙයි (නි)
ආ... හා....! ඔන්න එහෙනම් වැඩ වරදින ලකුණු. ඔහොම යමු ඔහොම යමු (නි)
ලංකාවේ බොහෝ තැන්වල සමහර "ලොක්කෝ" කරන්නේ "බාල" වැඩ (නි)
කවුද දන්නෙ නැහැ මේ ලොක්කා? (නි)
\"විෂ ගොර සර්පයා -දැක නෑර මෝඩයා කීවලු\". කවුරු කවුරුත් සර්පයා දගලන්න කලින් ඉක්මන් කරොත් හොදයි. අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලය වැහුවට වැඩක් නැහැ. (රේ)
ඔන්න දැන් පොලිස් ලොක්කාට උපදෙස් දුන් කෙනා ගැන දැනගන්න ලැබේවි එයා අල්ලාගත්තම (නි)
මේක අර කොණ්ඩයාගේ කතාවේ දෙවන කොටස වගෙයි මට හැඟෙන්නේ (නි)
මගේ හිතේ නම් යමෙකු ගැන සැකයක් තිබෙනවා. බලමු! (නි)
රජකම් කෙරුවත් කළකම් පළදේ... (නි)
තව වැඩි දවසක් යන්න කලින් මේ සියළු සෙල්ලම් එළිවේවි (නි)
උතුරේ වෙනම පාලනයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරගෙන එය ආණ්ඩුවට අනුමැතිය උදෙසා ලබාදෙන අස්සේ අායෙත් තාජුඩීන් සිද්ධිය... සිංහලයින්ට දෙපැත්ත බෙදිලා වාද කර කර ඉන්න පුලුවන් දැන් (නි)
අලුත් පොලිස්පතිතුමා නීතිය ක්‍රියාත්මක කරන්න පටන්ගෙන තිබීම ගැන සතුටුයි (නි)
අපිත් දන්නවා මේ කවුද කියලා. බලමුකෝ ඉස්සරහට (නි)
"සැඟවී පවතින කිසිවක් නැත. සියල්ල හෙළිදරවු කරනු ලැබේ" ශුද්ධ වූ බයිබලය එසේ සඳහන් කර ඇත. (නි)
ඒ ලොක්කා කවුද කියලා බොහෝ අය දන්නවා. වැරදිකාරයා වුණදාට ලොක්කට ආයේ කිසිදු සමාවක් නම් නැහැ. (නි)