නිවාඩු නිකේතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියැයි මඩකලපුව හිටපු නගරාධිපතිනී සිවගීතා ප‍්‍රභාකරන් ඇතුළු සිව් දෙනෙක් නොවැම්බර් 07 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කළ මඩකලපුව මහේස්ත‍්‍රාත් එම්.ගනේෂරාජා මහතා සෙසු සැකකරුවන් පස් දෙනා ඇප මත මුදා හරිනු ලැබූහ.
හිටපු නගරාධිපතිනිය සහ ගණිකා වෘත්තියේ නිරතවූ බව කියන කාන්තාවන් දෙදෙනාද සිටිති. වැටලීමෙන් අත්අඩංගුවට ගත් සිවගීතා ප‍්‍රභාකරන්ගේ සැමියා ඇතුළු පස් දෙනා ඇප මත මුදා හැරිණි.
මඩකලපුව නගරයේ පිහිටි සිවගීතා ප‍්‍රභාකරන්ගේ නිවසේ නිවාඩු නිකේතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මත මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් 23 වැනිදා සිදුකළ වැටලීමකින් මඩකලපුව හිටපු නගරාධිපතිනිය සහ ගණිකා වෘත්තියේ නිරතවූ බව කියන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පරණ ආණ්ඩුවේ සෙට් එකත් ඕක අනුගමනය කරයිද දන්නේ නැහැ දැන් (නි)
ඔන්න බිස්නස්. (නි)
ගණිකා මඩම් හිමිකාරියන් පුරපතිවෙන රටක් කොහෙද ඉතින් දියුණුවෙන්නේ? (නි)
ගිය තැන නමගිය වැඩක් කරනවා වගෙයි
ඉන්දියාවේත් මෙහෙම කෙනෙක් පාර්ලිමේන්තු ගියා මට මතකයි. (නි)
පින්තූරයක්වත් දාන්නකෝ අඳුනාගන්න පුළුවන්ද බලන්න. (නි)