IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හිටපු පීඑස්ඩී පිරිසට ජනපති සමාව

ජනප්‍රිය ගායක රෑකාන්ත ගුණතිලක හා ඔහුගේ බිරිය චන්ද්‍රලේකාට වධ හිංසා කිරීම නිසා සිර භාරයට නියම වූ හිටපු ජනාධිපති ආරක්ෂකයෝ ජනපති සමාවෙන් අද නිදහස ලැබූහ.

එම පිරිසට නිදහස දෙන ලෙස රූකාන්ත ගුණතිලක ද ජනපතිට දන්වා තිබිණි.

2000 වසරේ ජනවාරි 24 වැනි දා රූකාන්ත චන්ද්‍රලේකා යුවළ පදිංචිව සිටි මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදුණු ජනපති ආරක්ෂක අංශයේ පිරිස ඔවුනට වධ හිංසා දුන් බව නඩුවේදී කියැවිණි.

දීර්ඝ කාලයක් පැවැති නඩු විභාගයෙන් පසු පසුගිය අගෝස්තු හතර වැනිදා පානදුර මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔවුනට වසර හතර හමාර බැගින් සිර දඬුවම් නියම කළාය.

ඒ බන්දුල මධුෂාන් කුමාර , නිහාල් විජේසිරි , සරත් කුමාර රූපසිංහ, ආර්. බී කාරුණාසේන ජයලත් (සිවිල් සේවක), ලෙස්සි චන්ද්‍රසිරි, අතුල සේනාරත්න, , ආර් ධර්මසේන, බී ලලින්ද රාජරත්න, සම්පත් රණසිංහ, උපාලි ආරියදාස එම පිරිසය.

 



අදහස් (0)

හිටපු පීඑස්ඩී පිරිසට ජනපති සමාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site