“නාමල්ට බොරු චෝදනාවක් ගෙනල්ලා. නාමල් වරදක් කරා නම් එල්ලුම් ගස් යැව්වත් මට කමක් නෑ. මම කියන්නේ ඒක නෙමේ. මේ ආණ්ඩුව ගිය රජයේ නායකයන්ගෙන් හොඳට පළි ගන්නවා. බැසිල් හිරේ දැම්මා, යෝෂිත හිරේ දැම්මා, නාමල් දැම්මා. එෆ්.සී.අයි.ඩී. කියන්නේ ආණ්ඩුවේ අතකොලුවක්.“ යැයි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා කීවේය.
COMMENTS
මෙතුමලා වගේ අය අගවිනිසුරුකම් කළ රටක නීතිය ගැන කුමන කතාද? (නි)
රටේ නීතියේ ඉහළ පුටුවේ හිටපු කෙනත් මෙහෙම නම් රටේ අනාගතය ගැන කවර කතාද...??? (නි)
මෙහෙමත් කතා අපිට අහන්න වුණානේ. (නි)
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිවුවලු (නි)
හැරෙන හැරෙන පැත්තට කතාකරන අය නිසයි රට වැනසෙන්නේ. (නි)
තමාම තමන්ගේ වැරදි පිළිගත්තා වගේ මට මතකයක් තිබෙනවා. (නි)
අධිකරණ පද්ධතිය විනාශකළේ කවුද කියලා අපි දන්නවනේ ඉතින් (නි)
ඔබට මේවා ගැන කතාකරන්න අයිතියක් ජනතාව දෙන්නේ නැහැ. (නි)
ඕවා ඔහොම තමයි. අපි මේවාට අනුකම්පා කළයුතුයි. (නි)
ඔය කතා වලට දැන් මිනිස්සු ඇහුම්කන් දෙන්නෙ නැහැ (නි)
අනේ මොකටද මගේ කට මේවට උත්තර දෙන්නේ... (නි)
දැන් ගොඩක් අය බයවෙලා ඉන්නේ (නි)
මේ වගේ අය කියන්නෙ මොකක්ද, ඒකෙ අනිත් පැත්ත තමයි සත්‍යය කියලයි මම නම් හිතන්නේ (නි)
මෙහෙම කෙනෙක් නම් මම මේ දැක්කමයි (නි)
ඔබතුමා හරි.(හේ)
රටේ පාලකයාගේ හැසිරීම අනුවලු නඩුකාරයොත්.! ඔබ එකල ඔලුවෙන් හිටගෙන දීපු තීන්දු තීරණ ,දියවන්නා ඔය අසබඩ අනංග රැඟුම් ,අපට හොඳට මතකයි.බලාන ගියාම ඔබයි ,හිටපු ජනපති හා ඊට කලින් සිටි චෞරිය තුන්දෙනාම එකම මොඩල් එකේ.ගෙදර ගිහිල්ල නිකම් ඉන්නම බැහැ වගේ නේ කරපු වැඩවලට...? (බ)
මේ පුද්ගලයාගේ ක්‍රියා කලාපය දැන් අන්තිමයි.(හේ)
මේ කියන දේවල් අහන්න තවත් මිනිස්සු ඉන්නවද? (නි)
මට හිතෙන විදියට අතීතයේ කරපු දේවල් වලට ළඟදීම කාට කාටත් ප්‍රතිඵල ලැබෙයි (නි)
කාගෙන්වත් පලි ගන්නේ ඇයි.(හේ)
වැරැදි කර ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)
දැන් කඩේ යන්නේ කාටද? වැදගත් රස්සාවක් කරලා වැදගත් විදියට ගෙදරට වෙලා ඉන්නේ නැතුව මොනවද මේ කරන්නේ? (නි)
චෝදනා බොරු නම් ඉතින් බොරු කියලා ඔප්පුවෙයිනේ (නි)
බොරු චෝදනා කාටවත් ගේන්න වෙන්නේ බෑ.(හේ)
මොකද දැන් කතාව වෙනස් කළේ? (නි)
මේයාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න (හේ)
එහෙම අයට අනුබල දෙන අය ගැනත් අපිට හිතාගන්න පුලුවන් (නි)
දැන් කට්ටියටම පිස්සු හැදිලද කොහෙද?(හේ)
මෙයාට හොද නරක මාරුවෙලා (හේ)
හීනෙන් නැගිටලා වගෙයිනේ මේ කියවන්නේ (නි)
දැන් මොනවද මේ කියන්නේ? හෙල්පින් හම්බන්තොට නඩුවේදී අහවලා නිවැරදිකරු කළාට ජනතාවගෙන් සමාව ඉල්ලුවේ වෙන කෙනෙක්ද එතකොට? දැන් පැත්ත මාරු කළාද? බොරු චෝදනා නම් නිදහස් කරයිනේ ඉතින්. (නි)
මේවා අහනකොට මගේ ඇඟේ මාලු නටනවා (නි)
මහත්තයෝ, මොනවාහරි කියන්න කලින් ටිකක් හිතන්නකෝ (නි)
මුළු අධිකරණ පද්ධතියම විනාශ කළේ කවුද? (නි)
මෙවන් අයගේ කතා අහන අය තවත් රටේ ඉන්නවද? මෙයාලගෙත් අතීතය අපිට තවම මකකයි (නි)
ඔබතුම හිටපු අගවිනිසුරු වරයෙක්. නීතිය ගැන නොදන්නා සාමාන්‍ය පුරවැසියන් ප්‍රකාශ කරන අදහස් හා ඔබ වැනි බුද්ධිමතුන් ගේ අදහස් අතර විශාල වෙනසක් තිබිය යුතුය්. අපි අදහස් ලියන්නේ අපේ සාමාන්‍ය දැනුම මත අපිට හැඟෙන දේවල් ඒ නමුත් ඔබතුමන්ලා නීතිය හදාරපු රටේ ප්‍රබලම තනතුරක් දරපු රාජ්‍ය සේවකයෙක්. ලොකු කුඩා භේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම එක සමානව රටක නීතියක් ක්‍රියාත්මක කිරීම ඒ රටේ ප්‍රජාතාන්ත්‍රවාදයට සුභ ලකුණක්. කෙනෙකු සැකකරුවෙකු හැටියට අත්අඩංගුවට පත්වෙලා ගරු අධිකරණය මගින් ඔහුව වැරදිකරුද නිවැරදිකරුද කියල තීරණය කිරීමටත් පෙර ඔහු අහිංසකයකු කියා පෑම හාස්‍යජනක වුවත් ඔබවැනි පුද්ගලයකු එය ප්‍රකාශ කිරීම කනගාටුදායකයි. (අ)
ඇත්තටම මෙතුමා මොන පැත්තේද? (නි)
මෙතුමලා හිතන්නේ අපිට අතීතය අමතකයි කියලා (නි)
ඔබතුමාලා කාලෙන් කාලයට එක එක කතානේ කියන්නේ (නි)
අපි හැමදාමත් මහින්ද මැතිදුන් සමගයි. (ර)
මේ කතා අහලා අපිට දැන් එපා වෙලා. (ර)
මේවා එච්චර ගනන් ගත යුතු නෑ. (ර)
රටේ නීතිය තමුන්ට ඕන විදිහට හසුරුවපු කෙනා මෙය තමයි (ම)
කාලෙකට පස්සේ උගත් බුද්ධිමත් ප්‍රතිචාර ටිකක් දැක්කා .ඔක්කොම නිවැරදි දේ හරියට දැක්කනම් රටට යහපත් කාලයක් උදාවේවි. (ම)
ඔබ 2005 දී ඔබගේ රාජකාරිය අකුරටම ඉටුකළා නම් අද මෙහෙම ඔබට කතා කරන්න වෙන්නේ නැහැ නේද? (නි)
"බැසිල් හිරේ දැම්මා, යෝෂිත හිරේ දැම්මා, නාමල් දැම්මා" ඉතින් මොකද? අපේ රටේ නීතියක් රීතියක් යන්තම් හෝ තියෙනවා නම් මේ වෙනකොට එයාලා ඉන්න ඕනෑ හිරේ යකඩ කූරු ගණන් කර කර තමයි, අපි හිතන හැටියට. (නි)
අනේ දැන් හොඳටම ඇති ඔයාලගේ මේ කතා (නි)
හිරෙයි, රිමාන්ඩ් එකෙයි වෙනස බොහෝදෙනා දන්නේ නැහැ. ඉතින් කවර කතාද? (නි)
හිරේ දාන්න ඕනෑ කවුද නැත්තේ කවුද කියලා දැන් මහජනතාව පවා දැනුවත් (නි)
අපි දැන් හැමදෙනා ගැනම හොඳට දන්නවා මහත්තයෝ (නි)
අනේ මන්දා! අපේ රට ගල් යුගයේ වෙන්න ඕනෑ මේ කියන දේවල් වෙන්න (නි)
දිවේ ඇට නැති හින්දා හොඳයි ඔහොම කතා කරන්න. ඉස්සර ගම්වල නම් මේ වගේ අයට හොඳ කතාවක් කියනවා (නි)
මෙතුමා කවුද කියලා හැමෝම දන්නවා. (නි)
මෙතුමා වැරදි තීන්දු දීලා ජාතියෙන් සමාව ගත්තා නේද? අපි රටේ වැරදි තීන්දු දෙන විනිසුරන්, හොර වංචා කළ දේශපාලුවන් ගැන පිටරටවල් දැනුවත් කරනවා. ඔවුන්ට වීසා දෙන්න එපා සහ ඔවුන්ගේ දරුවන් පිටරට ඇවිත් හොරකම් කළ මුදලින් ඉගෙනගන්නවා නම් වීසා අවලංගු කර පිටුවල් කරන්න කියා. දැනටමත් අපි මෙය ආරම්භ කරලා තියෙන්නේ (නි)
අපේ රටේ නීතිය සහ අධිකරණ පද්ධතියම හෑල්ලුවට ලක්වුණේ කුමක් නිසාද කියලා අපි දන්නවා (නි)
අනේ හැබෑට කොහොමද මෙහෙම කතාකරන්නේ? මට එන්නේ පුදුම තරහක් (නි)
මේ අය ගැන මහජනතාව දැන් හොඳින් දැනුවත් (නි)
මේවට දියයුතු පිළිතුරු මෙතන සඳහන් කරන්න අමාරුයි (නි)
මෙතුමාගේ කතා ගැනයි, කෙරුවාව ගැනයි බොහෝදෙනා දන්නවා.. ඒ නිසා මේ කතාවත් එතරම් ගණන් ගන්නේ නැහැ අපි. (නි)
මෙතෙක් කලක් කර තිබෙන කතාවලින් අපි බොහෝ දේ වටහාගතිමු. (නි)
ඔහොම යමුකෝ. ජයවේවා! (නි)
මේවට මොනවගේ උත්තර දෙන්නද මන්දා (නි)
බුද්ධිමත් ජනතාව මේ සියළුදෙනා ගැනම දන්නවා (නි)
නැවත අගවිනිසුරුකම ඔබතුමා බාරගන්න. එතකොට මේ සේරම ප්‍රශ්න විසඳෙයි. රටේ නීතියට හිස නමන්න (නි)
මෙතුමලා එක්කෝ තමන් ගැන බලාගෙන පාඩුවේ ඉන්න ඕනෑ, නැත්නම් දේශපාලනයට එන්න ඕනෑ (නි)
වයසේ වැරැද්ද. එත්තටම මෙයා දීපු නඩු තීන්දු සේරම ආපහු සලකා බලන්න වෙනවා. මෙයා තමයි කිව්වේ මහින්දව හිරේ යවන්න තිබුණා කියලා. (ම)
අනේ මන්දා මහත්තයෝ මොනවද කියලා මේ කතා (නි)
අනේ මන්දා කොහොම මෙහෙම කතාකරනවද කියලා (නි)
ඒ කාලේ චෝදනා තිබුන අයත් නිදහස් කළානේ. එදා එ්ක හරියට කළා නම්,මේ ගැටළු ගොඩක් විසඳිලා. ඒ වැරැද්දට බොහොම ගෞරවාන්විත විදියට ජාතියෙන් සමාව ගත් එක ගැන ආඩම්බර වෙනවා (නි)
අනේ මන්දා. දැන්නම් හිතෙනවා ගොඩක් අය කියන්නේ දිව දෙකේ කතා කියලා (නි)
හිතෙන හිතෙන වෙලාවට එක එක කතා...? (නි)
ප්‍රථමයෙන් තමන් ගැන බැලුවා නම් හොඳයි නේද? (නි)
එදා කිව්ව කතා එක්ක දැන් ඊට හාත්පසින්ම විරුද්ධ කතාවක් කියනවා. ඔබතුමා කියන කොයි කතාවද දැන් අපි පිළිගන්න ඕනෑ? (නි)