ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න සහතික, රියදුරු බලපත් සහ විවාහ සහතික සකසන බව කියන විශ්‍රාමික තැපැල් සේවකයකු (75) සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය කියයි.
මිනුවන්ගොඩ හොරැන්පැල්ලේ ස්ථානයක ව්‍යාජ ලියැකියැවිලි සකසන බවට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයන් යොදවා පොලිසිය වැටලීම සිදු කළේය.
තමාට රට යෑමට අවශ්‍ය බවත්, ඒ සඳහා වෙනත් නමකින් විදේශ ගමන් බලපත්‍රයක් සැකසිය යුතු බවත් කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ කාන්තා පොලිස් සැරයන් 5213 ප්‍රියංකා මහත්මිය සැකකරුට දුරකතන ඇමතුමක් දී ඇති අතර ඒ සඳහා රුපියල් 45000ක් පමණ අය කරන බව සැකකරු පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම මුදල ලබා දෙන බවට කාන්තා පොලිස් සැරයන්වරිය එකඟ වූ පසු පාස්පොට් ප්‍රමාණයේ ඡායාරූප තුනක් සහ රුපියල් 5000ක අත්තිකාරම් මුදලක් රැගෙන එන ලෙස දන්වා ඇත.
ඒ අනුව ඇය විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල් උපාලි මහතා සමග ත්‍රීරෝද රියකින් අදාළ නිවස වෙත ගොස් ඇත.
පොලිස් උපාය දූතයන් හා සැකකරු ගනුදෙනුව සිදු කරද්දී විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ඩබ්ලිව් වඩුවාවල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
සැකකරු බොරැල්ලේ කඩයක් අසළ සිටිමින් ගනුදෙනු කරුවන් සම්බන්ධ කර ගන්නා බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (9) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහතාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස විශේෂ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ඩබ්ලිව් වඩුවාවල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 27714 චන්ද්‍රසිරි, කොන්තා පොලිස් සැරයන් 5213 ප්‍රියංකා සහ පොලිස් කොස්තාපල් 27027 උපාලි යන මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ගිය කලක් අනේ මන්දා කොහොම හදන්නද කියලා (අ)
ජනාධිපතිතුමා යුද්ධයෙන් දිනා ගත් රට මුන් කනවා (අ)
මේ සමන් මහත්තයෝ රට බෙර ගත්තේ ෆොන්සේකා මහත්තයා. නිකන් අනිත් අයිට කඩේ යන්න එපා.(නදී)
පොලීසියට මල් මිටක්,මෙවැනි මෙහෙයුම් තව තවත් කරන්න.රට වෙනුවෙන් මහජනයාගෙ සහයත් ඔවුන්ට ලබාදිය යුතුයි.බොහොම කනගාටුයි පාඨක ඔබ මෙවැනි ප්‍රශ්න වලදීත් දේශපාලනය ගාවා ගැනීම.(නි)
රොහාන්ගෙ කතාව ඇත්ත. ඒත් මොකක්ද මේ කඩේ යන කතාව? මාලු කඩේද? මස් කඩේද? එළවළු කඩේද? (දී)
රෝහණ ,ඔයා සමන්ට කඩේ යන්න එපා කියලා ඔයා යනවා නේද? බලාගෙන හොඳේ. (නි)
75 ක් වුනත් ගැහැණු ගැට ගැන දන්නේ නැහැ. දැන් ඉතින් ලිහා ගන්නකෝ පොලිස් ගැට.(නදී)
මේ වගේ දේවල් කරන අය ඕනෑ තරම් ඉන්නවා බොරැල්ලේ සහ රාජගිරියේත්.එක් අතකට සෞදි ,ඩුබායි ,දෝහා,රටවලට නංගිලා යවනවාට වඩා ඇන්ටිලා නංගිලා කරලා යවන එකත් හොඳ වැඩක්. කොහොම හරි විදේශ විනිමයක් ලැබෙන්නේ අපේ රටටනේ! (නි)
වට වෙලා නියම ගේමක් දීල වගෙය් හාවෙක්ට. ඇයි මොකද බැරි ලොකු දඩයමක් කරගන්න.(නදී)