රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා හා බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නොවැම්බර් 2 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා  අද (19) නියෝග කළේය.

අනුර සේනානායකට  ජාතික රෝහලේ ගෙවන වාට්ටුවෙන් ඉවත් වී  බන්ධනාගාර ගත වන ලෙස මහේස්ත්‍රාත් නියෝග නියම කැරිණි.

ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි  ආනන්ද සමරසේකරට එරෙහිව  ශ්‍රි ලංකා වෛද්‍ය  සභාව කරගෙන යන විමර්ශණය පමා වීම සළකා  බලා  නොවැම්බර් 30 වැනි දාට පෙර  වාර්තාවක්  දෙන ලෙස වෛද්‍ය සභාවට  නියෝග කළේය.

අස්ථි කොටස් සම්බන්ධයෙන් ඩිඑන්ඒ පරික්ෂණයක් කිරිමට  පැමිණිල්ල කළ ඉල්ලිමට අවසර ලැබිණි.