දෙමළ ජාතික සන්ධානයේ නායක හා මෙන්ම විපක්ෂ නායක ආර්. සම්පන්ධන්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් හා තීරණයන් ගැටළු සහගත බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
‘උතුරු හා නැගෙනහිර පළාත් වලින් යුද හමුදාව ඉවත් කළ යුතුයි, ජනතාව යලි පදිංචි කළ යුතුයි. ඒ වගේම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි. මේවට විසඳුම් සොයන්න අපි රජය සමග සාකච්ඡා කරන්න ඕන කියල මම පැහැදිලිවම කිව්වා. එහෙන් හමුදා කඳවුරු හදනවා. සිංහල අය ගෙනැවිත් මෙහෙ පදිංචි කරනවා ඒව නීති විරෝධීවයි වෙන්නේ. ඒවා නැවත්විය යුතුයි‘ යැයි ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා කීය.
‘2015 වසරේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබිච්ච දේවල් තමයි අපි ඉල්ලුවේ අපි ඒවට පිටින් යමක් ඉල්ලනවනම් ඒ මොනවද කියල සම්බන්ධන් පැහැදිලිව කියන්න ඕන. 2016 වසරේ නිවැරදි විසඳුමක් හොයාගන්නවා කියල සම්බන්ධන් මාධ්‍යයට කියල තිබුණා. ඒක කරන්න තිබුනොත් අපිටත් සතුටුයි. අපි එයාට විරුද්ධ වෙන්නේ නැහැ නමුත් විසඳුම මොකද්ද කියල අපිටත් කියනවනම් අපිටත් පුළුවන් ඒකට එකතු වෙන්න. මෑත කාලයේදී සම්බන්ධන් ගේ ස්ථාවරය පැහැදිලි නැහැ. ඒක ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා වගේම අගමැතිතුමත් කියන්නේ ඒකීය විසඳුමක් දෙනව කියලා. එයාල කියනව උතුරු නැගෙනහිර එකතු කරන්නෙ නැහැ කියලා. නමුත් අපි ඉල්ලුවේ උතුරු නැගෙනහිර එකතු කරපු ෆෙඩරල් විසඳුමක්. දැන් සම්බන්ධන්ගේ මතයයි ජනාධිපති හා අගමැතිතුමාගේ මතයි වෙනස්. මේක අර්බුදකාරි තත්ත්වයක් අපි හැමෝම රජය සමග සාකච්ඡා කළ යුතුයි‘ යැයි ද යැයිද ඔහු කීවේය.
අදාල ප්‍රකාශය පිළිබඳව විපක්ෂ නායකවරයාගෙන් යාපනයේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී ඔහු පැවසූයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රී වරයා උත්සාහ කරන්නේ බොර දියේ මාළු බෑමට බවත් එම නිසා ඔහුගේ එවැනි ප්‍රකාශයන්ට එතරම් අවධානයක් යොමු නොකළ යුතු බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා, හා, හා. කවුරු මොනවා කිව්වත් එක කොඩියක් මුල්කරගෙන නොබෙදි රටක් පමණි මේ කුඩා දිවයිනේ තිබිය යුත්තේ. එයින් පිට විසඳුමකට අපිට එකඟවෙන්න බැහැ. කවුරුහරි එයින් පිට හිතනවා නම් කරුණාකරලා ඉන්දියාවෙන් කෑල්ලක් ඉල්ලගන්ඩ. අනිත් මානුෂිය ප්‍රශ්න ක්‍රමයෙන් විසඳාගමු (නි)
දමිළ ජනතාවට ඇති මුලික ප්‍රශ්නය ෆෙඩරල්වත් බලයවත් නෙමෙයි. බඩු මිලයි. ලෝක වෙළඳ පොළේ කිරිපිටි මිල සීග්‍රයෙන් පහත වැටෙනවා. දැනට කිරි මෙට්‍රික් ටොන් 1 ක් ඩොලර් 2300 යි. ඒ කියන්නේ කිලෝඑකක් රුපියල් 320 යි. රජයෙන් මන්ත්‍රීලට දෙන වාහන පර්මිට් එක නැවත්තුවොත් බොහොම පහසුවෙන් කිරි පැකට් එකකට රුපියල් 100 ක සහනයක් රජයෙන් දෙන්න පුළුවන්. රටේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළට ගෙනඒමට, මන්දපෝෂණය රටෙන් අතු ගා දැමීමට ජාතිබේදයෙන් තොරව රජය හැකි ඉක්මනින් ක්‍රියාත්මක වියයුතුයි. (නි)
ඇයි මේ පුංචි රටේ හැමෝටම සමගියෙන් ඉන්න බැරි? (නි)
අපේ පැතුම සිංහලයා යාපනයේ පදිංචි කරවීමයි (නි)
"මේ සිංහල අපගෙ රටයි" (නි)
එතකොට ලංකාවේ සිංහලයාට උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් ඉඩමක් ගන්න පදිංචි වෙන්න අයිතියක් නැද්ද? (නි)
ආර්. සම්පන්ධන්ගේ ඇත්ත තත්ත්වය දැන් ක්‍රමයෙන් මතුවන්න පටන් අරගෙන. මේක හොඳ දෙයක් නම් නොවේ (නි)
බලන්න, උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිඵල. 'සහජීවනය' යැයි ලේබලය ගසා අන්තවාදය පතුරනවා නම් එය ඉස්සරටත් වැඩිය භයානකය. දෙමළ මිනිසුන්ට ඇති සැබෑ ප්‍රශ්නත් සිංහල අයට ඇති ඒවාමයි. නමුත් ඔවුන් ඒවාට විසඳුම් නොදේ. (නි)
මෙහි සැබෑ තත්වය ශ්‍රී ලංකාව විෂයෙහි කවරාකාරයකින් බලපානු අැත්දැයි ප්‍රඥාවන්තයින් විසින් අවබෝධ කොටගෙන අවශ්‍ය නිශ්චිත පියවර ඉතා ඉක්මනින් නොගතහොත් රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයන් පෙරටු කරගත් උත්තම අභිලාශය මුළුමනින්ම නොතකා හැර වනචාරී යුගයකට ජාතියක් වශයෙන් අප පිවිසීම නොවැළැක්විය හැක. (නි)
ටීඑන්ඒ එක ඒගමන මොනවටද සැරසෙන්නේ? (නි)
ඔව් ඔව්. සම්පන්ධන් කියන කතා අහලම හමුදා කඳවුරු අඩුකරන එක හොඳයි කියලා හිතෙනවා. පුදුම සහජීවනයක්නේ තියෙන්නේ එතුමාගේ. දකුණේ ඉන්න දෙමළ අයට සහජීවනය. උතුරේ ඉන්න දෙමළ අයට තනි ජාතික කලාපයක් (නි)
එක ධජයක් යටතේ, එකම භාෂාවක් යටතේ, ශ්‍රී ලාංකික කියන එකම ජාතියක් යටතේ පෙඩරල් දෙනවා නම් කිසි අවුලක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ භාෂා දෙකක්, ජාතින් දෙකක්, සංස්කෘතීන් දෙකක් පෙඩරල් දුන්න ගමන් වෙන්වෙන එක නවත්තනවා බොරු (නි)