
2022 වසරේ මෙන් 2023 වසරේද රුපියල් මිලියන ගණනක් හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් වෙනුවෙන් වෙන් කර ඇතැයි ඩේලි මිරර් පුවත්පත පෙන්වා දී තිබේ. වෙන් කර ඇති මුදලින් වැඩි ප්‍රමාණයක් ඔවුන්ට ලබා දී ඇති රාජ්‍ය නිවාස සහ වාහන නඩත්තු කිරීම සඳහාය.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ නැසී ගිය හිටපු ජනාධිපතිවරයකු වන රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස වෙනුවෙන් ශ්‍රී ලංකාව මුදල් වෙන් කරන අතර ඔවුන් වෙනුවෙන් අයවැය යටතේද මුදල් වෙන් කරනු ලබයි.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් 2023 වසරේ අයවැය ප්‍රකාශයට පත් කිරීමේදී මහා භාණ්ඩාගාරය වියදම් අඩුකිරීමේදී හැකි සෑම අංශයකම වියදම් අඩු කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූවත් මහා භාණ්ඩාගාරය නිකුත් කළ දත්ත අනුව 2022 වසරට සාපේක්ෂව ඇතැම් අංශ වෙනුවෙන් වෙන්කර ඇති මුදල් සුළු වශයෙන් අඩු වී ඇතත් ඇතැම් අංශවලට 2022 වසරට වඩා වැඩි මුදලක් 2023 වසර සඳහා වෙන් කර ඇත.
හිටපු ජනාධිපතිවරුන් සඳහා පහසුකම් සැපයීම සඳහා වෙන් කරන ලද මුදල් එවැනි එක් අංශයකි.නිල දත්ත වාර්තා අනුව මෙම වසරේද හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් මිලියන ගණනක මුදලක් වෙන් වී ඇත.
චන්ද්‍රිකා කුමාරතුංග
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙනුවෙන් 2022 වසරේ වාහන සඳහා මිලියන දෙකක මුදලක් වෙන් කර තිබූ අතර එය 2023 වසරේ මිලියන 10 ක මුදලක් දක්වා විශාල ලෙස වැඩි වී තිබේ.පසුගිය වසරේ මෙන් මෙම වසරේත් විශ්‍රාමික ප්‍රතිලාභ සඳහා රුපියල් මිලියන 1 යි 170000ක මුදලක් වෙන් කර තිබේ. 2023 වසරේ වෙනත් වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 3 යි 500000 ක මුදලක් වෙන් කර ඇති අතර වෙනත් වියදම් යටතේ 2022 වසරේ වෙන්කළ මුදලට වඩා වැඩි මුදලක් 2023 වසරේ වෙන් කර ඇත.එසේම 'ගොඩනැගිලි සහ ව්‍යුහයන්' යන වියදම් කාණ්ඩය යටතේ 2022 වසරේ වෙන්කළ රුපියල් මිලියනයක මුදල 2023 වසරේ ද වෙන්කර තිබේ.
මහින්ද රාජපක්ෂ
2023 නිල දත්තවලට අනුව 2022 වසරේ මෙන් 2023 වසරේද විශ්‍රාමික ප්‍රතිලාභ යටතේ රුපියල් මිලියන 1 යි 170000 ක මුදලක් වෙන්කර ඇත.2022 වසරේ වාහන වෙනුවෙන් වෙන්කර තිබූ මිලියන දෙකක මුදල 2023 වසරේ මිලියන 10 ක් දක්වා වැඩි වී තිබේ. 2023 වසර සඳහා වෙනත් වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 11 වෙන්කර ඇති අතර 2022 වසරේ වෙනත් වියදම් කාණ්ඩය සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් වෙන්කර තිබිණි.
'ගොඩනැගිලි සහ ව්‍යුහයන්' යන වියදම් කාණ්ඩය යටතේ 2022 වසරේ වෙන්කළ රුපියල් මිලියනයක මුදල 2023 වසරේ ද වෙන්කර තිබේ.
ආර්ථික අර්බුදය මධ්‍යයේ කොළඹ 7 විජේරාම පාරේ රුපියල් මිලියන 800 ක වියදමින් අලුත්වැඩියා කළ නිවසට මහින්ද රාජපක්ෂ මහතා නැවත පදිංචියට පැමිණි අතර ඔහු නිවස අලුත්වැඩියා කරන තෙක් රැඳී සිටි බෞද්ධාලෝක මාවතේ නිවස ජූලි මාසයේ ධුරයෙන් ඉවත් වූ ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී තිබේ.
2022 වසරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිකාල සහ උත්සව දීමනා වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 70 ක මුදලක් වෙන්කර තිබූ අතර එය 2021 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 4 ක අඩු වීමකි. 2022 වසරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දේශීය සහ ජාත්‍යන්තර සංචාරක වියදම් සඳහා රුපියල් මිලියන 12ක් වෙන්කර තිබූ අතර 2021 වසරේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 37 ක මුදලක් වෙන් වී තිබිණි.
2022 වසරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නඩත්තු වියදම් සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 229ක මුදලක් වෙන්කර තිබූ අතර 2021 වසරට සාපේක්ෂව එය මිලියන 16 ක වැඩි වීමක් විය.
මෛත්‍රිපාල සිරිසේන
2023 නිල දත්තවලට අනුව 2022 වසරේ මෙන් 2023 වසරේද විශ්‍රාමික ප්‍රතිලාභ යටතේ රුපියල් මිලියන 1 යි 170000 ක මුදලක් වෙන්කර ඇත. 2023 වසර සඳහා වෙනත් වියදම් කාණ්ඩය වෙනුවෙන් රුපියල් මිලියන 11ක් වෙන්කර ඇති අතර 2022 වසරේ වෙනත් වියදම් කාණ්ඩය වෙනුවෙන් රුපියල් මිලියන 10ක් වෙන් වී තිබිණි.
'ගොඩනැගිලි සහ ව්‍යුහයන්' යන වියදම් කාණ්ඩය යටතේ 2022 වසරේ වෙන්කළ රුපියල් මිලියනයක මුදල 2023 වසරේ ද වෙන්කර තිබේ.2022 වසරේ වාහන වෙනුවෙන් වෙන්කර තිබූ මිලියන දෙකක මුදල 2023 වසරේ මිලියන 10 ක් දක්වා වැඩි වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ
2023 වසරේ විශ්‍රාමික ප්‍රතිලාභ වෙනුවෙන් රුපියල් මිලියන 1 යි 170000 ක මුදලක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙන්කර ඇත.2023 වසර සඳහා වෙනත් වියදම් කාණ්ඩය වෙනුවෙන් රුපියල් මිලියන 10 ක මුදලක් වෙන්කර තිබේ.2023 වසර සඳහා වාහන වෙනුවෙන් රුපියල් මිලියන දෙකක මුදලක්ද 'ගොඩනැගිලි සහ ව්‍යුහයන්' වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙන්කර ඇත.
හේමා ප්‍රේමදාස
හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් 2022 වසරේ වාහන සඳහා වෙන්කර තිබූ රුපියල් ලක්ෂ 8 ක මුදල 2023 වසරේදී රුපියල් මිලියන 5 ක් දක්වා වැඩි වී තිබේ.පසුගිය වසරේ මෙන් මෙම වසරේත් විශ්‍රාමික ප්‍රතිලාභ යටතේ රුපියල් 780000 ක මුදලක් වෙන්කර ඇත.
2023 වසර සඳහා වෙනත් වියදම් කාණ්ඩය වෙනුවෙන් රුපියල් මිලියන 1 යි 500000 ක මුදලක් වෙන්කර ඇති අතර එය 2022 වසරට සාපේක්ෂව ලක්ෂ දෙකක වැඩි වීමකි.'ගොඩනැගිලි සහ ව්‍යුහයන්' යන වියදම් කාණ්ඩය යටතේ 2022 වසරේ වෙන්කළ රුපියල් මිලියනයක මුදල 2023 වසරේ ද වෙන්කර තිබේ.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ දරුවෝ බඩගින්නේ, මන්දපෝෂණයෙන් ඉන්න කොට මේ වගේ මහජන මුදල් වියදම් කරන්න මේ නායකයින්ට හිත දෙනවා. අඩුගානෙ එක්කෙනෙක්වත් ඒ වගේ කැපකිරීමක් කරන්න සූදානමක් නැති බවයි පේන්නේ..
මේ ගොල්ලන්ව එක තැනකට ගාල් කරලා තියාගන්න බැරිද...? එතකොට වියදම ටිකක් අඩු කරගන්න පුළුවන්..
පවුල් පිටින් එකතු වෙලා අපේ රටට කෙළියා මදිවාට.... මොවුන්ට පින් පඩිත් දාන්න වෙලාද?
මේ අපරාධවලට විසදුම ජනබලවේගය.
කිසිම ලැජ්ජාවක් නැතිව දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි අරන් කාලා බිලා ඉන්නවනේ...!
වැඩ කරමු , බදු ගෙවමු, අපි ලොවමු, උන් රකිමු.
අයියෝ ෂාමි… රට රකින්න ගෙනාව විරුවත් අපේ ගානේ පිනට කනවා. මෙයාව ගේන්න දරදිය ඇද්ද අයට මෙනා හිතෙනවා ඇද්ද ලංකාවට හොරෙන්ම ඇවිල්ලා පිනට කකා ඉන්නකොට….
ෙජේ ආර් කරපු සාපය. ප්‍රභාකරන්ට සහ මේ අපරාධය අතර වෙනසක් තියනවද. දෙගොල්ලම කලේ රටේ ආර්ථිකයට විනාශය තමා.
බලපල්ලකෝ මේ අයගේ මුහුණුවල පිරිලා තිබෙන සන්තෝසය... හරියට මිනිස්සුන්ට ඔච්චමට වගේ හිනාවෙන්නේ...
මේ අයගෙන් එක්කෙනෙක් හැරුනම ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයනේ. අද පෙනෙනවා නේ ඒ පක්ෂය රටේ දියුණුව ඇති කළ හැටි. මිනිස්සුන්ට කන්නත් නැහැ, විදුලිය නැහැ, බොන්නත් නැහැ. මුන්ව බලේට ගෙනත් කෘෂිකර්ම ඇමිතිකම් දරපු ඒ.කේ.ඩී ලා වගකිව යුතුයි. ඒ අයට 75 ක වයසක් කතා කරන්න කිසිම අයිතියක් නැහැ. රට කාලා විනාශ කළේ ජේ.වී.පි සහ මෙහි ඉන්න එක්කෙනෙක් හැර ඔක්කොම දෙනයි. ගහන්න අත්පුඩියක්.
මොවුන් ධුර කාලයේදි කල වැරදි සොයා නඩු දමා හිරේ දැම්ම නම් මේ වියදම් අඩු කරගන්න තිබුණා.
මේ නාකි ටික රට කාලා ගියා මදිවට. මුන්ව මැරෙනකම්. කන්න දෙන්නත් වෙලා. කොවිඩ් වලින් මැරුනෙත් නැහැ. මිනිස්සු පොල් ගහන්න ඕන දේව කන්නලව් කරලා සේරමටික එකම දවසේ. අපා ගත වෙන්න. රටේ ජනතාව ගෙ දරුවො විතරද වයසට යන දෙමව් පියන් බලන්න ඕන. කෝ මුන්ගෙ දරුවෝ. රට වලපල්ලට ගියේ මුන් හොරකම් කරලා මුන්ගේ දරුවන්ට. දරුවන්ගෙ දරුවන්ටත්. ඉතුරු කරලා දීලා. මුන් තවත් ජනතාවට. ගින්දර දෙනවා. සේරම කට්ටිය පෙලපාලී යන්න දරුවන්ට. මේ නාකි ටික බාර ගන්න කියලා. චන්දිරිකාට. රටෙන් බාගයක්ම තියෙනවා ඉඩම් දේපල. ගෝටාට මහින්දට. හොරකම් කරපු මුදල් කන්දරාව. සිරිසෙනට. පොලොන්නරුවේ කුබුරුතියෙනවා නෙ මැරෙනකම් කන්න. මොනවා වුනත්. සජිත් ඇතුලු සැම වයසට ගිය අම්මන්ඩිලාවයි අප්පච්චිලාවයි බාරගන්න. ජනතාවට පිස්සු නැහැ හොරුන්ට තවත් සැප දෙන්න
බංකොලොත් රටෙ මිනිස්සු බඩගීනෙ. මහජන මුදල් කියන්නෙ සාංගිකක වස්තුවක් මෙව මෙහෙම කන එක "කම්බුරන" දෙයක්
මහජන මුදලින් තවත් තරැණ වන මේ සුදු අලීන්ට නිවන් සැප ලැබෙන්නේ කවදාද?