IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිටපු ජනපතිලාගේ වැඩි වාහන බාර දෙන්න සහන කාලයක්

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් අප්‍රේල් 23 දාට පෙර බාරදිය යුතු බවට ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපතිවරුන් වෙත අප්‍රේල් 19 වැනිදා ලිඛිත දැනුම් දීමක් කර කළේය.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම් දීම කර තිබිණි.

අදාළ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එන නිලධරයා වෙත බාර දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා කළ දැනුම් දීමේ සඳහන් වේ.

කැබිනට් අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කෙරුණු අතර හිටපු ජනාධිපතිවරුන්ටද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් හිටපු ජනාධිපතිවරුන්ට හිමි වාහන ගණනද දෙකකට සීමා කර තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාරයාලයෙන් ලබා දුන් වාහන තුනෙන් එකක් ඉතා නුදුරු දිනකදී ආපසු ලබා ගැනීමට කටයුතු කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (3)

හිටපු ජනපතිලාගේ වැඩි වාහන බාර දෙන්න සහන කාලයක්

ගුණරත්න Monday, 28 April 2025 07:08 AM

දැන් ඉන්න ජනාධිපතිත් පරිවාර වාහන 10ක් විතර දාගෙන පොලිස් ගාඩ් දාගෙන යනවා, ඒවත් අඩු කරොත් හොඳා

:       11       2

idr tharanga Monday, 28 April 2025 09:04 AM

ඇයි ඒ වාහනෙන් ලෝකෙ වටේ යන ගමන්ද ඉන්නෙ. සහන කාල දෙන්නෙ ණය ගෙවන්න.

:       2       6

fairoos Monday, 28 April 2025 03:18 PM

ඉතාම හොඳ තීරණයක්. රට බංකොලොත් කරපු ගොටාභය වත් අපිද නඩත්තු කරන්න ඕන.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site