‘යුද හමුදාවක් තියෙන්නේ මන්ත්‍රිවරුන් ආරක්ෂා කරන්න නොවේ. රට ආරක්ෂා කරන්නයි. ජාතිය ආරක්ෂා කරන්නයි. මට ඇත්තෙත් අනෙක් මන්ත්‍රිවරුන්ට ඇති ආරක්ෂාවමයි රාජ්‍ය ආරක්ෂාවමයි‘ යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (10) සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ වේරහැර ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත කිරීමට ගිය අවස්ථාවේදී පැවසීය
ශ්‍රි ලංකාවේ පළමු විශ්ව විද්‍යාල රෝහල ලෙස වේරහැර ඉදිකෙරෙන ශික්ෂණ රෝහල සහ සිසු නේවාසිකාගාර ගොඩනැගිලි සංකීර්ණය කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාල උපකුලපති මිලින්ද පීරිස් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නංවා ඇති අතර මෙම ගොඩනැගිලි සංකීර්ණය මහල් අටකින් සමන්විතය.
කාමර 300ක් විවේකාගාර දේශන ශාලා ආපන ශාලා යන සියලු පහසුකම් සහිත මෙම ගොඩනැගිලි ඉදිකිරීමත් සමග දේශීය මෙන්ම විදේශිය සිසුන්ටත් මෙහි නවාතැන් පහසුකම් සැලසෙනු ඇති අතර ලබන වසරේ මැද භාගය වනවිට රෝහලේද ඉදිකිරීම් නිමකිරිමට නියමිතව ඇත.
‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව අප ලබාදී තියෙනවා. ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් මතයක් ගොඩ නගන්න හදනවා මේ රජය රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නෑ කියලා. ඇත්තෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, මමත් ආරක්ෂක ලේකම්තුමත් ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරිනුත් ජාතික ආරක්ෂාවට බලපෑම් කරන්න කිසිම සංවිධානයකට ඉඩ දෙන්නේ නෑ‘ යනුවෙන්ද ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සාර්ථක, දිගු ගමනකට ආසිරි! (නි)
ඔබතුමා සැබෑම දක්ෂයෙක් (නි)
මේ වගේම අනිත් විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර ප්‍රශ්නත් විසඳනවා නම් වඩාත් හොඳයි. (නි)
තරුණ පරපුර රටේ අනාගතයයි. ඔවුන් ආරක්ෂා කළයුතුයි. ඒ සඳහා ඔබට ශක්තියත් මඟපෙන්වීමත් ලැබේවා! (නි)
ඔබතුමා කියන කතාව අපිත් පිළිගන්නවා (නි)
ඔබතුමා සැබෑම දක්ෂයෙක්. ඔබ රටත් ජාතියත් ආරක්ෂා කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔබට ජය! (නි)
ඔබ වැනි වීර පුරුෂයින් තමයි රටට අවශ්‍ය (නි)
හොඳ කතාවක් (නි)