හිටපු ජනපතිවරයාට බැටෑලියන් තියාගෙන රට වටේ ගොස් ආණ්ඩු පෙරළීමට ඉඩදිය නොහැකි යැයි වාරිමාර්ග ඇමැති විජිත් විජයමුණී සොයිසා මහතා පැවසීය.
හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අද (2) දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.
‘මිලිටරි මානසිකත්වයක් තිබෙන අය මිලිටරි තියෙනවාට කැමතියි. අන්තවාදී හා පැසිස්ට්වාදී ක්‍රමවලට එයා කැමතියි. මේක යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ ජාතික සංහිඳියාව ඇති කරන ආණ්ඩුවක් හැටියට වෙනස් ක්‍රමවේදවලට අපි කාටවත් ඉඩ තියන්නේ නෑ. ආරක්ෂාව සැලසිය යුත්තේ පොලිසිය මගිනුයි‘ යැයිද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ නම් අප්පච්චි හරිම හොඳයි. දැන් නරකයි. රෙදි ඇඳගෙනද ඕවා කියන්නේ? (නි)
ෂෙල්ටන් මහත්තයෝ, ඔය ප්‍රශ්නෙට එක උත්තරයක් මම ලියපු අදහසේම තියන බව පෙනුනේ නැද්ද? (නි)
ශානක මහත්තයෝ, මහින්ද මහත්තයා කරපු සමහර වැඩ නම් ඊට කලින් කවුරුවත් කළේ නැහැ තමයි. ඒවා හින්දා තමයි අපි අද මේ පවු ගෙවන්නේ! (නි)
මේගොල්ලෝ නිකන් අවලංගු කාසියක් වගේ රට එපා කියපු අයනේ... (ර)
මෙහෙමත් මිනිස්සු! මෙයාලත් එක්ක අපිට මොන යහපාලනයක්ද? (නි)
මෙතන අදහස් දාන්න තරම් සාමාන්‍ය දැනුමක් සහ බුද්ධියක් හෝ අඩුම තරමේ තමන්ගේ රට ගැන හැඟීමක්වත් නැති බහුතරයකට අමතකවෙලා ලොව දරුණුම ත්‍රස්තවාදය දණගැස්සු දැනට ජීවත්වන එකම නායකයා මෙතුමන් බව. ජාතියක් ණය මේ මිනිසා පක්ෂ පාට භේද නැතුව රැකිය යුතුය. (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! මේක ඉතින් ශ්‍රී ලංකාවනේ (නි)
ලබන පාර ලැයිස්තුවෙන් එන්න ඉන්න කට්ටිය වැඩි. ලැයිස්තුවට එන්න දැන් ම ඉදන් සුදානම් වෙන්න. අපිනම් දෙයි ඡන්දෙ මෙයාලට. (ර)
පරාජිත සමහරු දැන් නන් දොඩවන බව අපි නම් දන්නවා (නි)
තරිඳු ප්‍රියංග,මහින්ද මහත්තයා හමුදාපති සරත් ෆොන්සේකාට කළ දෙය අමතකද? එතුමා තමයි යුද්ධය දිනන්න යුධමය නායකත්වය දුන්නේ (නි)
ආණ්ඩුව පෙරළන්නේ හිටපු ජනාදිපති නොවෙයි අපි. ඒ රට රැකගන්න. තව ටික දවසකින් අපිට රටින් බාගයක් නැතිවන බව පෙනෙනවා. රට රැකගන්න පුළුවන් එකම පුද්ගලයා හිටපු ජනාධිපති (නි)
ශ්‍රීමාලි, නිකම් කෑගහන්න එපා. මහින්ද යුද්ධ කළේ ලෝකේ භයානකම ත්‍රස්තවාදීන් එක්ක. තවම ඔවුන්ගේ මුල් කෑලි තිබෙනවා පළිගන්න සුදානමින්. (නි)
මහින්ද මහතා කරගත්තේ පොලිස් සේවයේ කොස්තාපල් තනතුරට හිටපු පොලිස්පති ඉල්ලනවා වගේ වැඩක් (නි)
ශෂික, කොටි සංවිධානේ පරම හතුරා මහින්ද නොව චන්ද්‍රිකා මැඩම්ය. මැඩම්ට ඇහැක් පවා අහිමිවූයේ කොටි බෝම්බ වැදිලා බව අමතකද? (නි)
මැරිලා ඉපදී ඇත්තේ මම නොව මහින්දට අන්ධ භක්තියෙන් වඳින පුද්ගලයෝය. ෆොන්සේකාගේ ආරක්ෂාව පැය 24 න් ඉවත් කරද්දී, අගවිනිසුරුතුමිය හැඬු කඳුලින් නික්මයද්දී නිදාගෙන සිටියේ ඔබ මිස මා නොවේය. අනික ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කර තියෙනවා හිටපු ජනාධිපති කෙනෙක්ට ආරක්ෂාවට 30ක් ප්‍රමාණවත් කියලා. ඊට වඩා 1ක්වත් අඩුකළ යුතුත් නැහැ. වැඩිකළ යුතුත් නැහැ (නි)
අන්තිමේදී සමහරු නටපු නැටුමකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ (නි)
සත්‍ය වශයෙන්ම මහින්ද රාජපක්ෂට ලැබිය යුත්තේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරය. මන්දයත් ඔහු ජනාධිපති ධූරයෙන් පරාජයට පත් වූ එකම පුද්ගලයා වන අතර පසුව පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වී මන්ත්‍රීවරයෙක් වූ එකම පුද්ගලයාද වීමයි. පුද්ගලයෙකුට හිමිවන්නේ හිටපු තනතුරේ නම වරප්‍රසාදයන් නොව දැනට සිටිනා තනතුරේ නම සහ වරප්‍රසාදයන්ය. (නි)
සමහරුන්ට මහින්ද මහත්තයා කොටි පරාජය කරලා අපිට නිදහස අරන් දීලා, සැඟවුණු කොටි ක්‍රියාකාරීන්ගේ ඉලක්කයක් වියහැකි බව හිතාගන්න බැරිද? නැත්නම් කුහකකමද? එතුමාට ලක්ෂ 58 ක ඡන්ද ලැබිලා තමයි පැරදුනේ. උතුරු නැගෙනහිර වැඩි ඡන්ද එතුමාට විරුද්ධවීම තමයි එයට හේතුව. එතුමාගෙන් නිදහස ලබා,එතුමා කළ සංවර්ධන ප්‍රතිඵල ලබමින් එතුමාට ගරහන එක පවක්. (නි)
තරිඳු ප්‍රියංග මහත්තයෝ, යුද්ධය අවසන් කළේ එතුමා තනියමද? ඔබ හීන දැක්කට අපට අතීතය මතකයි. කොටි පරාජය කෙරුවේ මහින්ද තනිවම තුවක්කුවක් උස්සාගන ගිහිල්ලා වෙඩි තියාගන තියාගන ගිය හින්දා නොවෙයි. කොටින්ගේ පරාජයට කරුණා අම්මාන්ගේ ඉවත්වීමත් ඔවුන්ගේ අසමගියත් ප්‍රබල හේතුවක් වුණ බව අමතකද? මහින්ද කියන්නේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී පැරදුන කෙනෙක්. දැන් ඔහු මන්ත්‍රී කෙනෙක් පමණයි. (නි)
ලසිත් මහත්තයෝ, දැන් හැමෝටම වැඩිය ආරක්ෂාවක් ඕනෑ මහින්ද මහතාට. චන්ද්‍රිකාලා මොනවද මේ රටට කළේ? (නි)
ඔබතුමාලා ජනතාව ප්‍රතික්ෂේප කළ අය (නි)
අපි නම් කියන්නේ පරණ කොටියෙක් හදිසියේ නැවත මතුවුණොත් ඔහු ගහන කෙනාට විතරක් හමුදා ආරක්ෂාව තිබුනොත් ඇති. (නි)
මේ වගේ අයට තැන දුන් හිටපු ජනපතිතුමාට මේවා හොඳ පාඩම් (නි)
ලංකාව තුළ තවමත් වහල් මානසිකත්වය තියෙන අය ගොඩක් ඉන්නවා. (නි)
ඔය මොකුත් නොවෙයි, ඕවා දිට්ට ධම්ම වේදනීය කර්ම (නි)
හිටපු ජනාධිපති මහින්ද මහත්මා ගැන කතා කරන්න තරම්වත් වටිනාකමක් මොවුන්ට තිබෙනවද? (නි)
රාධා, මහින්ද මහතා පොලිස්පතිලට හමුදාපතිලට ජනාධිපතිලට කරන්න බැරි දෙයක් කරලා දීපු කාලේ ඔය කතා කිවුවේ නැහැ නේද? කටින්ද ඔය කතා කරන්නේ? (නි)
අනේ මොකටද මගේ කට! (නි)
මේ මාධ්‍ය ඉදිරියේ හැමතිස්සෙම කතා කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ අයමනේ (නි)
රොකී, ජනාධිපතිලා තුන්දෙනෙක් සිටියා. මොකද බැරිවුණේ? (නි)
මේවට උත්තර දෙන්න වචන නැහැ මට නම් (නි)
ආත්මාර්ථකාමී ගුනමකු මිනිස්සුයි දේශද්‍රෝහී දේශපාලකයොයි ඉන්නකම් මේ රටට කවදාවත් හරියන්නෙ නැහැ.(ම)
ලංකාවේ පොලිස් නිලධාරින්ට කරන්න ඕනෙ තරම් රාජකාරි තියෙනවා. යුද්දෙ නිමකළ නිසා හමුදාවට දැන් තියෙන රාජකාරි ගොඩක් අඩුවෙලා. එහෙමනම්, මහින්ද මහත්තයට පොලිස් ආරක්ෂාව දෙන්නේ මොකද හමුදාව යෙදවීමට හැකියාව තිබියදීත් ? මේක කුම්න්ත්‍රණයක එක පියවරක් විය හැකි ඔහුව ඝාතනය කරවීමේ. කුහකයන්ට ඔහු කළ සේවය අමතක වෙලා. (බ)
මේක ඡන්දෙන් දිනලා කතා කළා නම් කමක් නැහැ (බ)
30 අවුරුද්දක් ජනාධිපතිලා කීදෙනෙක් හිටියද . යුද්දේ ඉවර කළේ හිටපු ජනාධිපති තුමා. අනිත් අය හිටියේ බිත්තර කටු වල හැංගිලා එදා , අද කෑ ගහනවා වීරයෝ වගේ . (බ)
යුද්ධය දිනුවා හෝ පැරදුනා හෝ රටේ හිටපු නායකයෙක් හැටියට අපි කවුරුත් මහින්ද මහත්තයට ගරු කළ යුතුයි. නමුත් මෙය හුදෙක් දේශපාලනමය අදහසකින් නොවන බව සිහි තබා ගත යුතුයි. (බ)
ඒ කාලේ එතුමාගේ හොදම හොද ගෝලයෙක් නේද මේ.(හේ)
සෑහෙන්ට රස කටුවක් වගේ මෙයාට දීල තියෙන්නේ. (බ)
පක්ෂ පාට වැඩක් නැහැ. එතුමාට ආරක්ෂාව දෙන්න එක අපේ රටේ වගකීමක්. (ර)
හිටපු ජනාදිපති දැන් අවලංගු කාසියක් ... එතුමාට බහුතර ජන මතයට ඉහලින් යන්න දෙන්න බැහැ...(හේ)
රටේ ජනාධිපතිටත් නැති අගමැතිටත් නැති හමුදා ආරක්ෂාවක් ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙකුට මොකටද? හිටපු ජනාධිපති කෙනෙක්ට පොලිස් ආරක්ෂාව පමණක් ප්‍රමාණවත්. අනික මහින්ද බලේ ඉන්නකලේ චන්ද්‍රිකා මැඩම්ට හමුදා ආරක්ෂාව දුන්නද? (හේ)
ලසිත් ඔයා දන්නා දේසපාලනය අපිනම් අහලත් නැහැ අපුරුයි. (ර)
දැන් ඔබතුමා කියන දෙයක් කට්ටිය අහයිද?(හේ)
මේ ආණ්ඩුව ජනතාව තෝරාගෙන තිබෙන්නේ අවුරුදු පහකට .එයට ප්‍රථම ආණ්ඩු පෙරලන්න ගිහින් ජනාධිපතිවරණය කලින් තියා ලැබුන ප්‍රතිපල වගේ ප්‍රතිපලයක් ලැබුනොත් මොකද කරන්නේ ? තවම සාමාන්‍ය ජනතාවට ආණ්ඩුව එපාවෙලා නැත. (ර)
අපේ රටේ ජනාධිපතිට තමයි යුද්ධය ගැන තීරණ ගැනීමේ වගකීම තිබෙන්නේ. ඒ තනතුරට තමයි ආරක්ෂක ඇමති කම තිබුනේ. ත්‍රිවිධ හමුදාවන් සහ අනෙකුත් ආරක්ෂක අංශ ඒ තනතුරට පහලින්. යුද හමුදාපතිට බැහැ ගුවන් සහ නාවික හමුදාපතිවරුන්ට අන දෙන්න. එය පුළුවන් ආරක්ෂක ලේකම්ට පමණයි. ඒත් ජනාධිපති නියෝගය යටතේ. ඔවුන් නියෝග ක්‍රියාත්මක කළා. ජේ ආර් යුද්ධය ඉවර කළේ නැත්තේ මොකද. ඉන්දියාවේ කීමට යටවෙලා. මතක නැද්ද වඩමාරච්චි? (බ)
ආණ්ඩු පෙරලීම නොව ප්‍රජා අයිතිය පවා අහෝසි කළ යුතුයි. ඔය සමාගම රටේ වැදගත් ස්ථාන වල තිබෙන නිවාස තම බලය යොදාගෙන හිටු කියලා අයිති කරගෙන .... බොරු නම් බලන්න කොළඹ ගවර් වීදියේ තිබෙන මිලියන් ගානක් වටිනා දේපොල ක් ඔවුන් අතට ගිහින් තිබෙන ආකාරය (බ)
උඩින් කමෙන්ට්ස් දාලා තියෙන අයට මතක නෑ කවුද යුද්ධය අවසන් කළේ කියලා (බ)
මහින්ද නැතුව සමහරුන්ට කතාකරන්නම බැහැ වගෙයි (නි)
චන්ද්‍රිකාගේ ආරක්ෂාව මොනවද මහින්ද කළේ? මේවට උත්තර දෙන්න (නි)
හිතට එකගව මධ්‍යස්ත මතධාරී රටවැසියෙකු වශයෙන් බලන කල හිටපු ජනපතිගේ තුන් ක්‍රියාදාමයන් ( පාර්ලිමේන්තුව තුල, ඉන් එපිට, මාධ්‍ය හමුවේ) අනුමත කල හැකිද? (ර)
ලසිත් ...කොටි සන්විධානයේ පරම හතුරා මහින්ද මිස චන්ද්‍රිකා නොවේ.ඔබ ඔහොම කතා කරන්නට ජීවත් වන්නේද මහින්දට පින්සිදුවන්නටය.(බ)
ලසිත් කියන කෙනා මැරිලා ඉපදිලාද (බ)
යුධ්ධේ දිනුවේ කව්ද කියලා හරියටම දැනගන්න ඕන නම් මේ අයගෙන් අහන්න. (ර)
බලය සහ බලය. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව සැවොම තරයේ මතක තබා ගත යුතු කරුණකි. අප ළඟ නොබලා දුර බැලිය යුතු බවද සිහිපත් කරමි. (බ)
යුද්දේ කරපු හමුදා ජනරාල්ට මොකද කළේ (බ)
සශික ඔබේ බුද්ධිය පිළිබඳ කනගාටුයි යුද්ධය ඉවර කිරීම ජනපතිගේ වගකීම. එය ඉටු නොකළ අය ජනතාව ගෙදර යැව්වා ඔහු ජීවිතේ ඇති තුරා ජනපති විය යුතුයි කියන එක වැරදි අදහසක් (බ)
මහින්ද සුළගක්. වගේ පාවෙනකොට අප්පච්චි කොහොමද රට පෙරලන්නේ. (බ)
තරිඳු ප්‍රියංග.. ඔයා කියන විදියට යුද්ධය අවසන් කරලනම් මොන කෙහෙල්මලකටද හමුදා ආරක්ෂාව ඉල්ලලා දගලන්නේ ? අනික චන්ද්‍රිකා මැඩම් නම් විශ්‍රාම ගිය හිටපු ජනාධිපති . මහින්ද මහතා ප්‍රතික්ෂේපිත හිටපු ජනාධිපති නමුත් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී, (බ)
රටේ යුද්ධය නතර කළේ අපේ වීර සෙබළු. ජනපති හැටියට කෙනෙක් දිවුරුම් දෙන්නේ රටේ ඕනෑම ප්‍රශ්නයකට මුහුණදෙන්න. රටවැසියන් ආරක්ෂා කරන්න (නි)
ඒ අය කෑ ගහපුදෙන් ඒ අයට බලය ලබා දෙන්න තරම් ජනතාව බොළඳ නැහැ. (ර)
කවුරු කොහොම මොනවා කිවුවත් මහින්ද මැතිතුමා නොහිටින්න අදත් කොටියා රජකරනවා. ප්‍රභාකරනුත් රජකරනවා. එ්ක අමතක කරන්න එපා. (නි)
ආරක්ෂාව දිය යුත්තේ හිටපු ජනාදිපති නිසා නොවේ මොනවා උනත් දැනට ජීවතුන් අතර ඉන්න අයගෙන් වැදීම තර්ජන තියෙන්නේ මෙතුමාට බව ඕන පොඩි කෙනෙකුට තේරෙනවා. කොටියා පරාජය කරන්න ජනදිපතිවරු හතරදෙනෙකුට සහ ඉන්දියානු හමුදාවට බැරි උනා. (ර)
බලලෝබය ඉහටත් උඩින් ඇති කළගුණ නොදත් කුහක මිනිසුන් ගැන දැන් අපි හොඳින් දැනුවත් (නි)
පක්ෂ පාට බේදයකින් තොරව හිටපු ජනාදිපති තුමාට අවශ්‍ය ආරක්ෂාව ලබා දිය යුතුයි. සමහර මිනිස්සුන්ට මුල අමතක වෙන විදිහට අම්ම තාත්ත පවා අමතක වෙන එක පුදුමයක් නෙමෙයි. (ර)
අනේ මන්දා ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)
දැන් මේකද රටේ තිබෙන ලොකුම දැවෙන ප්‍රශ්නය? (නි)
මහින්ද එච්චර ආරක්ෂාව ගැන හිතනවා නම් මැදමුලනට වෙලා හිටියා නම් ඉවරනේ. (නි)
තරිඳු, අපේ ගම්වල තරුණයන් දිවි පුදලා ෆොන්සේකා මහත්තයා බෝම්බ කෑලි සිරුරේ තියාගෙන යුද්ධය කරනකොට මෙයාලා මොකද කළේ? (නි)
ශ්‍රීමා, යුද්ධය සමහරු කියන, හිතන විදියට අවසන් නොකළත් මෙපමණ දුරට හෝ අඩපණ කළේ නැත්නම් දකුණේත් බංකර් වල තමා නිළමෙලාට, මැණිකෙලාට දිවි ගෙවන්න වෙන්නේ. මොන දේකටද මන්දා අහිංසක කොල්ලෝ රණවිරු සෙවණ වගේ තැන් වල දුක් විඳිනවා (නි)