හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්නසකින් ඔහුගේ සහෝදරයකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහ තවත් දෙදෙනකුට අලි පැටවුන් සිව් දෙනකු ලබා දී ඇති බව ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ දිලිප පීරිස් මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
නීති විරෝධී ලෙස සිටින අලි පැටවුන් 20ක් ඉදිරි සති දෙක ඇතුළත දී අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව නීතිඥ පීරිස් මහතා අධිකරණයට පැවසුවේය.
උඩවලව වනෝද්‍යානයේ අක්කර 16ක කොටසක අලි ගාලක් ඉදිකරන බවත් මේ වනවිට සියයට 75ක වැඩ අවසන් කර ඇති බවත් ඔහු දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් ඩුබායි මොකද මේ ලියන හැම කතාවකටම මේ තරමටම ප්‍රතිචාර දක්වන්නේ? (නි)
වඳ වීගෙන යන සත්ව කොට්ඨාශයක් වන අහිංසක අපි පැටව් අල්ලාගෙන පන්සල් වල ඇති කිරීමෙන් අපි ලබන්නේ කුමනාකාරයේ සතුටක්ද? දවසකට අඩුමගානේ කිලෝ මීටර 10 වත් ඇවිදින්න පුරුදු වෙලා ඉන්න මේ වගේ සත්තු පන්සල් වල විඳින දුක දැක්කහම අපේ මිනිස්සු හිතන්නේ "අනේ සාදු පින් කරපු ඇත්තු" කියලා. කිසිම අලියෙක් ඇතෙක් කැමති නැහැ බල්බ් වැල් එල්ලාගෙන, ගිනි ජාලා අස්සේ, ඇඟ වටේ වෙල්වට් රෙද්දක් ඔතාගෙන ඇවිදින්න. (නි)
ඔක්කොටම කලින් පාර්ලිමේන්තුවට රිංගගෙන ඉන්න සමහර හොරු එළවන්න ඕනෑ (නි)
මෙන්න රටේ වඩාත් දැවෙන ප්‍රශ්නය! (නි)
අලි විතරක් නෙමෙයි. තම නිල බලය යොදාගෙන තවත් බොහෝ නීතිවිරෝධී වැඩ කර තිබෙන්න පුලුවන්. හැබැයි ඔයවගේ බොහෝ දේවල් වලට විරුද්ධව කතාකරන්න වගේම නීතිය ක්‍රියාකරන්නත් ඕනෑ. අපි බලමු එහෙම වෙයිද කියලා (නි)
තව මොනවා දීලද කියලා කවුද දන්නේ මෙහෙම බලනකොට (නි)
අලි පැටවූ දෙකක් ජනාධිපති බලතල අනුව නියමානුකූලව සන්නසක් මගින් දීම වැරදියි කියමුකෝ. අැවන්ගර්ඩ් පුද්ගලික ආයතනය ජනාධිපිති නාවික හමුදාවට පවරාන්න නියෝග දුන්නේ මොන නීතිය යටතේද? (ස)
තිලක් ඩුබායි, දැන් මේ රටේ සිදුවන ලොකුම අවිහිංසාව , ඔය පන්සල්වල ඉන්න අලි ඇත්තු ටික දෙනාද? වත්තල , ජා ඇල , හලාවත ඔය ලයින් එකේ , දෙසැම්බර් අන්තිම ලං වෙලා ඇවිද්දොත් ලංකාවේ අවිහිංසාවේ රඟ පුළුවන් බලාගන්න . පන්සල් වල ඉන්න අලි ඇත්තුන්ට , සැලකිය යුතුමයි ඒ ගැන විවාදයක් නැහැ . හැබැයි මෑතක ඉදලා යුද්දය නැති නිසා අනාථ වෙච්ච , සංවිදාන ටිකක් , මේ අලි ඇත්තු ප්‍රශ්නේ ඉස්සරහට දා ගෙන , මේ රටේ චිරාත් කාලයක් තිබ්බ සංස්කෘතික අංගයන් වලට පහර ගහන්න පටන් අරගෙන . (ස)
අනේ මන්දා මේවා! (නි)
අනේ මම දන්නේ නෑ මේ තිලක් ඩුබායි බඩගින්නට කන්නේ මොනවද කියල. යහපාලන නායකයෝ කාල පහරන ඒවාද කොහෙද. (බ)
තිලක් ඩුබායි, අනුන්ගේ අලි ගැන හොයන එකේ නරකද තමන්ගේ වැඩක් බලාගත්තොත්? (නි)
අලියා කියන්නේ පූජනීය සතෙක් (නි)
විනෝදයට කියල මහජන මුදල් කෝටි ගානක් වියදම් කරලා "මිනි කන මෝරු" ඇති කරපු නායකයන් සිටිය රටක් නිදහස් කර ගත්ත කියන්නේ මොන තරම් සතුටු වෙන්න පුළුවන් කාරණයක්ද? (ස)
ඒකාධිපතියෙකුගෙන් රටක් නිදහස් කර ගත්තට මදි,ඒ රටේ වහල්ලු වගේ ජිවත් වුන වහල්ලුන්වත් පුනුරුත්තාපනය කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න. (ස)
අලියා කියන්නේ පූජනීය සතෙක් නිසාද මත්තල පට්ට කැලේ විදුලි වැටේ වැදිලා අලි අම්මල එක්ක පැටව් 6-7 දෙනෙක් මරල දාල තියෙන්නේ. (ස)
වයස හැත්තාවක වැඩිහිටියෙක්, ඒ වගේම බෞද්ධයෙක් වෙලත් ඇයි මේ තරම් තණ්හාවක්? කොන්ඩෙත් කළු කරන බවයි පේන්නෙ.සසර හුඟක් දීර්ඝ වන කෙනෙක් වගෙයි. (ස)
මහින්ද හැමදේම කළේ තමන්ගේ පවුල වෙනුවෙන් තමයි ඉතින්. (නි)
දැන් ඉතින් මේවා හොයනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නැහැ වගෙයි (නි)
කට්ටියට තරහා ගියාට තිලක්-ඩුබායි මොනවා වුණත් ඇත්ත කියනවා. (නි)
දැන් හිතෙනවා මේ තියෙන නිදහසට වඩා එදා තිබ්බ යුධ වාතාවරණය හොඳයි කියලා. (ස)
අලි ඇත්තු ගැන හොයනවා වගේම ඒ කාලේදී ගහපු "හතර වරක් ගැහිලි ගැනත්" ඉක්මනින්ම සොයන්න. (ස)
තිලක් ඩුබායි කියන්නේ ඇත්ත. කට්ටිය භූමිතෙල් වැදුන ගැරඩියෝ වාගේ කුලප්පු වෙලා. හරි දේ හරියි කියන්නත්, වැරදි දේ වැරදි කියන්නත් කොන්ද පණක් තියෙන්න ඕනෑ. (නි)
සන්නස් පත් වලින් තෑගි භෝග පිරිනැමුවේ ඉස්සර කාලේ හිටපු රජවරු (ම)
ජනාධිපතිට සන්නසකින් නිශ්චල දේපොළක් තෑගි කළහැකි නමුත් චංචල දේපොළක් තව කෙනෙකුට තෑගි කළහැකිද..? මෙය නීතිමය තර්කයකට තුඩු දී ඇති ප්‍රශ්නයක්.. (නි)
අනේ මන්දා මේවා! (නි)
මේවාට දඬුවම් නැද්ද? (නි)
මේ අලි සියල්ලම එකම තැනක ගාල්කරනවා නම් හොඳයි (නි)
ඕක තමයි මිහිඳු හාමුදුරුවෝ එදා කිව්වේ, නුඹ රටේ භාරකරු මිස අයිතිකාරයා නොවේ, සතුන්ටත් නිදහසේ ඉන්න අයිතියක් තිබෙනවා කියලා. (නි)
රන්ජිත් පිටිගල හරියටම හරි. (නි)
මේවා නිකන් තිර නාටක විතරයි. කවදාවත් රඟදැක්වෙන නාඩගම් නෙමෙයි. අපි නිකන් අදහස් දදා ගැලරියට වෙලා කාලේ නාස්තිකර කර බලාඉන්නවා විසිල් ගහන්න. අන්තිමට දෙගොල්ලෝ එකතුවෙනවා. ඕවට වියදම් කරන මහජන මුදල් අපරාදේ. (නි)
අපි ගප්පියෙක් ඇළෙන් අල්ලාගෙන ආවත් නඩු දාන එකේ, සමහරුන් මිනී මෝරු පවා ඇතිකළා මේ රටේ (නි)
ක්‍රමය හදුන්වාදුන් කෙනානම් කිවේ ගැනියෙක් පිරිමියෙක් කිරීම හෝ පිරිමියෙක් ගැනියෙක් කිරීම හෝ හැර අනෙක් ඕනෑම දෙයක් කළ හැකි බවයි.දැන් කාටකාටත් ඒවා අමතකයි වගේ?. (බ)
ඒ පාර අලියෙක් අල්ලාගෙන..මොන පැත්තෙන් වට කලත් ජනතාව කැමති මහින්දටයි..(ම)
නීති විරෝධී අලි පැටව් තව 4 ක්ද කොහෙද ඔන්න දියවන්නා ඔය පැත්තෙත් කැරකෙනවලු (ම)
ඩුබායි තිලක් , ජනවාරි 8 වෙනිදායින් පස්සේ රට ඔච්චර සුකිත මිදිත නිතිගරුකනම් තවත් මොනවටද ඔය කාන්තාරයට වෙලා මැරෙන්නේ ?යන්නකෝ ලංකාවට .(රේ)
පිටිගල ඇයි අපි අපේ වත්තේ කොස් පැලයක් කැපුවත් හිරේ දාන එකේ ජාතික වනාන්තර(විල්පත්තුව) අක්කර දහස් ගානක් විනාශ කරලාත් නීතියක් නැති මේ රට. (බ)
අලි විතරද? රටේ බත් කන හරක් ටිකත් මසට විකුනම් කාපු කාලයක් ඒක. (බ)
ගහ කොළ සතා සිව්පාවුන්ගේ ඉදලම අපි නිදහස ලැබුවේ පෙබරවාරි 4 වෙනිදා නෙමෙයි ,ජනවාරි 8 වෙනිදා කියල කියන්නේ නිකම්ද? (ස)
පිටිගල ගේ අදහස් සහතික ඇත්ත. (ස)
සන්නසකින් අයියා මල්ලිට අලි ත්‍යාග දීල. තීරණය බුද්ධිමත් ඔබ අතේ. (ස)
රටේ වාසනාවට,අනාගත දරු පරම්පරාවේ වාසනාවට,උපදින්න ඉන්න දරුවන්ගේ වාසනාවට අපේ රට ජනවාරි 8 වෙනිදා අඩුම ජිවිත පරිත්‍යාගයකින් නිදහස් කර ගන්න ලැබීම මොන තරම් විජයග්‍රහනයක්ද? (ස)
පිටිගල ඩුබායි ඔච්චර රට ගැන කැක්කුමක් තියනවනම් විල්පත්තුව මන්නාරම් කැලේ එලි කරනවා සද්දේ කෝ ඔයාලගේ .මහලොකුවට රට ඉදල පුරසාරම් දොඩවන්නේ නැතුව මෙහෙට ඇවිත් කතා කරන්නකෝ. (බ)
ඔව් කාටත් මතක නෑ මේ රටේ බෝම්බ පිපුරුනා තැනින් තැන කියල .එහෙම රට නිදහස් කළේ කවුද කියල අමතක ජාතියක් . ඩුබායි තිලක් වගේ අවස්ථාවදියන් (බ)
රණසිංහ ඔබ හරි. සද්දන්ත අලියව හැමෝටම පෙනෙන එකේ විල්පත්තුව කව්රුත් දකින්නේ නැති එකනේ පුදුමේ!! (බ)
සත්ත්ව හිංසාව,කැලේ ඉන්න සත්තු අල්ලලා විකුණන එක කවුරු කළත් වැරදියි.හැමෝටම සාධාරණව නීතිය පාවිච්චි කරන්න. (ම)
ආගමේ නමින් බිස්නස් කරන මේ වගේ නිලධාරීන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි.වඳ වී ගෙන යන සත්ව කොට්ඨාසයක් වන අහිංසක අපි පැටව් අල්ලාගෙන දේසපාලකයන්ගේ මන්දිර වල/පන්සලවල ඇති කිරිෙමන් ලබන්න කිනම් සතුටක් ද? (ම)