
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න (සංශෝධනය) කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වත්මන් රජය විසින් මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද "පොහොසත් රටක් -ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5 කට පසු ලබා දෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා ජනතාව විසින් රජයට වරමක් ලබා දී තිබේ.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පත් 2 ක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2/3 කඩුව තියන් කොස් කොටන්නද? පනත් හදලා හිටපු හොරු දන්ගෙට යවන්න ඕනේ සිංගප්පූරුවේ වගේ...!
ඉස්සර පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වුනේ යමක් කමක් තියෙන ඇති හැකි අයට පමණයි. ඉතින් එහෙම තියෙද්දී ජනතාවගේ වීරයෝ ප්‍රායෝගික අත්දැකීම් බහුල පිරිස් සමාජයේ හිටියා දිස්ත්‍රික් ක්‍රමයට ඔවුන්ට පාර්ලිමේන්තුවට යන්න අමාරුකම් ඇතිවුණා තමයි. එහෙම අයට පාර්ලිමේන්තුවට තේරිලා මුලු ජීවිතයම සමාජය වෙනුවෙන් කැපකලාම අන්තිමේ ජීවත්වෙන්න ක්‍රමයක් නැතිවුණා.. ගාල්ලේ දහනායක මැතිතුමා එවැනි කෙනෙක් කියලා මම දැකලා තියෙනවා අන්ත දුප්පත්ම අය හිටියා ඔවුන්ගේ අවසාන කාලය ගතකිරීමට ඔය විශ්‍රාම ක්‍රමය ජේ ආර් සැකසුවේ සාධාරණව දූෂණයෙන් තොර අයගේ ජීවත්වීමට පමණයි. එහෙත් සිදුවුණේ අනවශ්‍යම ආකාරයට ගෙවීම් කිරීම නිසා මෙයට විරෝධතා ඇතිවුණා.. ඒ ගැන අවදානයට ගන්නවා නම් හොඳයි.