මාල දිවයිනේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නරක අතට හැරෙද්දී මාල දිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ බිරිය හා දියණියක ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට එවූ බව නෂීඞ් ඒ. එප්. පී. ප‍්‍රංශ පුවත් සේවයට කීවේය. මාල දිවයිනට වඩා ඔවුනට ශ්‍රී ලංකාවේ ආරක්ෂා සහිත බව ඔහු පැවැසීය. අනෙක් දියණිය සමග පෞද්ගලික නිවසේ සිටි නෂිඞ් කීවේ අත්අඩංගුවට ගැනීමේ උසාවි නියෝගයක් සමග පොලිසිය එතියි ලැබුණු ආරංචිය අනුව පොලිසිය එනතුරු බලා සිටින බවයි. මහින්ද රාජපක්ෂ ජනපති නෂිඞ්ගේ බිරිය හා බදාදා රාති‍්‍රයේ දුරකථනයෙන් කතා කළ බව අරලියගහ මැදුරේ ප‍්‍රකාශකයෙක් කීය. නෂීඞ් හා පවුලේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා ජනපති කනස්සල්ල පළ කරන බවද ඔහු කීය. මේ අතර නෂිඞ් පක්ෂයේ සභාපති මුසා මනික් (52) වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවට යැවූ බව ඔහුගේ පුතා කීවේය. මාලේ වීදියක දී පහරකෑමට ලක්වූ ඔහු මාලේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටීයේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd