ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කැඳවා ඇත්තේ කාරණා පහක් සම්බන්ධයෙන් බවත් ඒවා සම්බන්ධයෙන් හිටපු ජනපති කැඳවා කුමක් හෝ වරදක් කර ඇතැයි ජනතාවට ඒත්තු ගැන්වීම තුළින් දේශපාලන වාසියක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් මගින් දන්වයි.
කොමිසමේ විමර්ශනයට ලක්ව ඇති කාරණා අනුව පළමු කරුණ වන පුරප්පාඩුවක් නොමැති අවස්ථාවට අනුර සිරිවර්ධන අයිටීඑන් සභාපති කිරීම බවත් එම පත් කිරීම විධිමත් ලෙස සිදු කරන්නේ ජනාධිපති නොව ස්වාධීන රූපවාහිනී සමාගමේ කොටස් අයිතිය ඇති මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා බවත් අදාළ පත් කිරීම කර තිබුණේ කලින් එම තනතුරේ සිටි සභාපති ඉවත් වීමෙන් පසු බවත් එම නිවේදනයේ සඳහන්ය.
එමෙන්ම ජනපතිවරණ කාලයේ දැන්වීම් සම්බන්ධයෙන් අය විය යුතු මුළු මුදල අදාළ මීඩියා ෆැක්ටරි, ස්පෙෂල් සොලූෂන් යන ආයතන සම්පූර්ණයෙන් ගෙවා ඇතැයි දැනුම් දී ඇති බව එහි සඳහන්ය. එසේම දැන්වීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරන විට යම් ප්‍රතිශතයක් නොමිලේ ලබාදීමද සෑම මාධ්‍ය ආයතනයක් විසින්ම කරනු ලබන වෙළඳ ප්‍රවර්ධන කටයුත්තක් බවද සැලකිය යුතු බව එම නිවේදනයේ දැක්වේ.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එනම් ප්‍රතිවාදී අපේක්ෂකයාගේ දැන්වීම් ප්‍රචාරය නොකර මුදල් ආපසු දීම ස්වාධීන රූපවාහිනී ආයතනයේ අභ්‍යන්තර කටයුත්තක් බවද මාධ්‍ය නිවේදනයේ සඳහන්වේ.
එම නිවේදනයේ අවසන් වශයෙන් මෙසේ දැක්වේ.
‘‘2015 ජනවාරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වූයේය. ජනාධිපතිවරණයක් අතරතුර අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් ලබාදෙන්නේ කුමන මාධ්‍ය ආයතනවලටද, එවැනි දැන්වීම් කීයක් දමනවාද වැනි කාරණා අධීක්ෂණය කිරීම ඡන්ද අපේක්ෂකයකුට ප්‍රායෝගිකව කළ නොහැක. එමෙන්ම ප්‍රචාරක දැන්වීම් මාධ්‍ය ආයතනවලට ලබාදෙන්නේ ඡන්ද අපේක්ෂකයා නොව ඔහු නියෝජනය කරන දේශපාලන සංධානය හෝ පක්ෂය විසින් ප්‍රචාරක දැන්වීම් නිර්මාණය කිරීමට බාරදී ඇති ප්‍රචාරක ආයතන විසිනි. අපේක්ෂකයා හෝ ඔහුගේ දේශපාලන පක්ෂයවත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමග ඍජු ලෙස සම්බන්ධ වන්නේ නැත‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද හිතන් එන්නේ තාම එයා ජනාධිපති කියල ,,,ඇත්ත තමයි තව අවුරුදු දෙකක්ම තිබ්බනේ ...(බ)
කුමාර් ,,තව මොනවා යන්නද යහ පාලනේ ප්‍රතිලාබ ලැබුනේ නැද්ද අඩුම තරමේ බස් එකේ හරි අඩුවෙන් යනවා එතකොට ගෑස් මිල ,බයනැතිව කෙල්ලෙකුට පාරේ බැහැල යන්න පුළුවන් තත්වයක්ද තිබ්බේ ..මතකනේ (බ)
අනේ මන්දා මොනා කියන්නද කියලා. (ර)
බය නැත්නම් ඇයි කට්ටිය එක්කගෙන එන්නේ? බය නැතුව ඇවිල්ලා අහනදේට උත්තර දීලා ගියානම් ඉවරනේ. (නි)
ඔය මොනවා කිවුවත් මහජනතාව දැන් බුද්ධිමත් (නි)
දැන් තිබෙන චෝදනාව ජනාධිපතිවරණයේදී දාපු දැන්වීම් වලට මුදල් ගෙවලා නැති එකනේ. අනිත් අපේක්ෂකයා ගෙවපු මුදල් වලට අදාළව දැන්වීම් දාලා නැහැ. සල්ලි ගෙව්වෙ නැහැ නම් ඉතින් මොකද කරන්නේ? අපි කාටහරි ණයවෙලා අපිට බේරිලා යන්න පුළුවන්ද? (නි)
මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ. (ර)
මැතිඳුනි, අපි ඔබ සමඟයි (නි)
කවුද මේ අපිව රවට්ටන්න හදන්නේ? අපි කොණ්ඩය බැඳපු චීන්නු කියලද හිතන්නේ? (නි)
ඒක නේන්නම් අමල් (නි)
මහජනයා මොකුත් දන්නේ නෑහෑ. (ර)
අපට නම් හොන්ට්දටම තේරෙනවා වෙන්නේ මොවවද කරන්නේ මොකක්ද කියයල. කොහොම වෙතත් තව අවරුදු දෙකක් රට කරන්න ලැබුණානම් වෙන දේ අදහ ගන්න බැහැ. කලකල දේ පලපල දේ. (බ)
මහින්ද මහත්තයම කිව්වේ "අපි අතින් වැරදි සිදුවුණා, වැරදි කාරයන්ට දඩුවම් දුන්නේ නෑ " කියලා. (බ)
මගේ මතය නම් වැරදි කරානම් තමයි බයවෙන්න ඕන. එ්ත් වැරදි කරානම් එ්කට දඩුවම් ස්වභාව ධර්මයෙන් හරි ලැබෙනවා. (බ)
මම ඉහත අදහස් දැක්වූ සියලු දෙනාගේ අදහස් සමඟ එකඟවෙමි. (නි)
කවුරු මොනවා කිවුවත් මහින්ද මහත්තයාගේ අඩුපාඩු තිබුනා. (ර)
නිශ්ශබ්දව සිටීම තමයි හොඳම දේ (නි)
එතකොට ධනුන තිලකරත්නට විරුද්ධව බොරු චෝදනා කරලා දේශපාලන පළිගැනීම් කළේ කවුද (බ)
ඉතින් ඔය ටික කියන්නකෝ කොමිසමට. සෙනගත් ෂු ගාල 20ක් විතර ඉන්නවා නේද.? (ර)
එතකොට අයි ටී එන් එක මහින්දගේ බුදලේද? එ්ක රජයේ ආයතනයක් එක එකාට ඕනේ විදිහට කටයුතු කරන්න බැ ඡන්දය පක්ෂ දෙකටම සමබරව පහසුකම් ලබා දිය යුතුයි එසේ නොකළානම් අනිවාර්යෙන්ම මහින්දට විතරක් නොවේ මේ ආයතනයේ සියලුම විධායක නිලධාරින්ට වහාම දඩුවම් කළ යුතුයි රජයේ දේපල කාගෙවත් බුදලය නෙවේ පසුගිය ඡන්දෙදි මේ වගේ කිසිම ප්‍රශ්නයක් සිදු නොවී ජනපති වරනේදී විතරක් සිදු වුනේ කොහොමද? (බ)
රටේ ප්‍රශ්න වලට පිළිතුරක් ද අහල-පහල පරණ වුණ කුණු (අ)
අති ගරු තුමා තාම කතා කරන්නේ එයා තාම ජනාදිපති කියල හිතාගෙන. ලෝකයේ හිටපු ලොකුම සහෝදර සමාගම.(අ)
එයා හිතන් හිටියේ එයාගේ මුළු පවුලම හිතන් හිටියේ මෙරටේ සියලු දේවල් එයාලගේ එම නිසා තමයි එයාගේ ගෝලයෝ ප්‍රසිද්ධියේ පෙම්වතා මරල පෙම්වතියව දුෂණය කළේ එම නිසා තමයි සරුව සුනිල් කුඩා දැරියන් 100 ක් දුෂණය කරලා පාටි දැම්මේ ඒවාට ප්‍රධාන අමුත්තා හිටපු කතානායක එයාගේ අයියා හා ඩලස් මේවා රටක වෙන දේවල්ද ? පිට රට හංගල තියෙන මහජන මුදල් කන්දරාව ඒවා එලියට අදිනවද නැතිද කියන එක අපි දන්නේ නැහැ මොකද අලුත් ආණ්ඩුව කියුවට ඕකේ ඉන්නෙත් පරණ හොරුමනේ කොහොම වුනත් රාගය බලය යොදාගෙන කරපු අපරාධ වංචා දුෂණ නවත්වන්න (බ)
මේකට කියන්නේ යහපාලනය කියලද ? අපේ වෙලේ සුදාව වහාම නිදහස් කරනු ! (බ)
තව අවරුදු 2 ක් හිටියනම් මොනවද රටම ඉතියෝපියාවක්, සොමලියාවක්,උගන්ඩාවක්, කෙන්යාවක්, සුවාසිලන්තයක් කරලම තමයි පස්ස බලන්නේ. (බ)
හොරුන්ගෙත් හොරු කම්බා හොරු. හොරු අල්ලන්න යනවා දැන් ආණ්ඩුවේ ඉන්නේ හොරු නෙමෙයිද (බ)
ලංකාවේ නීතියෙන් ගැලවුනත් ,වැරදි කරානම් එ්කට දඩුවම් ස්වභාව ධර්මයෙන් හරි ලැබෙනවා. එහෙම නොවෙනවානම් ආගම දහම බොරු. (බ)
රොහාන් මල්ලි, ඔයා හරි..අතිගරු තුමාට උදේට ගන්න කියලා දුන්න අර රෝස පාට පෙත්ත ගන්න අමතකවුනාම එයාට හිතෙනවා එයා තවමත් ජනාධිපති කියලා. (බ)
රජවරු,බිසෝවරු,කුමාරවරු,රජාගේ සහෝදරවරු රටට කළ විනාශය මිනීමරු ප්‍රභාකරන් රටට කළ විනාශය වගේ සිය දහස් ගුණයකටත් වඩා වැඩියි.මොලේ කළදක් තිබෙන කෙනෙක් වුනත් ඒක දන්නවා. (බ)
අතුල ඔබ හරියටම හරි.කුමාරවරු සන්තෝෂ කරන්න කියල මහජන මුදල් වලින් කොටි 20-30 වටිනා ලම්බෝගිනි ෆෙරෙර්රි,ෆොර්චේ කර 7-8 ගුවනින් ගෙනත් දුන්නු රාජ්‍ය නායකයෙක් ලෝකයේ කොහෙද ඉන්නේ?කොලබ පාරවල් වහල වැලි කොට්ට දාල සති ගණන් මහජනතාව දුකට පත් කරපු රාජ්‍ය නායකයෙක් ලෝකයේ කොහෙද ඉන්නේ? (බ)
අතුල ඔබ හරි.තව අවරුදු 2 ක් හිටියනම් අපිට අපේ රට අත හැරලා ගගට මුහුදට පනින්නයි සිද්ද වෙන්නේ. රටේ වාසනාවට, දරුවන්ගේ වාසනාවට, උපදින්න ඉන්න දරුවන්ගේ වාසනාවට රට නිදහස් කර ගන්න ලැබුන. (බ)
මහින්ද මැතිතුමාගේ වටිනාකම පෙනෙන්නේ යහපාලනය තව යනකොට. අප රටේ ගැලවුම්කරු එතුමා බව ඉදිරියේදී කාට කාටත් වැටහේවි (බ)
මහින්ද මැතිදුනි ඔබට ජය. (ර)
එළිවෙන ජාමෙට තව හොඳ හොඳ දේවල් ඔය කට්ටිය ගැන අහන්න ලැබෙයි (බ)
හිටපු හැම රජයම සහ ජනාධිපතිවරු යටතේ රජයේ සියලුම නාලිකා මෙලෙස කර ඇත. නමුත් යහපාලනය මෛත්‍රීය කරමින් කුණු අවුස්සමින් මිනිසුන් නොමග යවමින් සිටි. එවිට සියලුම ව්‍යවස්ථා සහ ෆෙඩරල් පළාත් සභා ව්‍යුහය ඇමෙරිකාව සහ බටහිර දී ඇති න්‍යාය පත්‍රය ක්‍රියා කළ හැක. මේ පව් අනාගත පරම්පරාවන් (සිංහල) ගෙවනු ඇත. මෙය දැනට රටේ මානසිකත්වය සහ සමාජ වෙබ් අඩවි ක්‍රියාන්විතයේ ප්‍රතිපලයක් ලෙස ජාතිවාදී කියා දැනෙනු ඇත. (බ)
අපිට තවත් කතා එපා ඔයාලගේ (නි)