හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අද කොළඹ මහාධිකරණයේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අතුරුදන්වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් ඔහු ගොනු කළ පෙත්සම පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවාය.
ඒ අනුව ඊට ප්‍රතිශෝධන අයදුම්පතක් ඔහු අද ගොනු කළ අතර නීතිපති හා කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මිනීමැරම් අංශයේ ස්ථානාධිපති එහි වගඋත්තරුකරුවන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට ලැබෙන දඩුවම් දිට්ටධම්ම වේදනීය කර්ම හැටියට හදුන්වන්න බැහැ.දිට්ටධම්ම වේදනීය කාර්ම යනු අපි විසින් සිඳු කරන ඉතා සුළු වූ පව් පලදීමයි. නමුත් පර පන නැසීම වැනි මිනීමැරුම් සදහා ඉතා භයානක ප්‍රතිවිපක අත්විදින්නට වෙයි. නිරයේ කල්ප ගණන් පැසෙමින් දුක් විදීම අනිවාර්යවේ.මිනිස් ආත්ම ලැබුවත් අකල් මරණ වලට ගොදුරුවේ. (හේ)
වරදක් නොකළා නම් බියවෙන්නේ කුමටද (නි)
ඇයි මෙතරම් බය දිට්ටධම්ම වේදනීය කර්මය පලදෙනවමයි එ්කේ වෙනසක් නැ කලින් වගේ උස්සල මරන්නේ නැ නීතියෙන් දඩුවම් කරනවා විතරයි (බ)
ජේ.එම්.ඕ කාර්යාලයේ තිබිය යුතු රජයේ භාණ්ඩ සොරකම් කරගෙන යාම ගැන සමරසේකර උන්නැහේටත් ඒවා සඟවා ගෙන සිටීමට ආධාර සහ අනුබල දීම ගැන `සයිටම්` එකේ නෙවිල් දොස්තර උන්නැහේටත් එරෙහිව නඩු පැවරිය යුතුයි. (බ)
මෙතන නම් ලොකු හොරයක් තියෙනවා, මෙයා මේ කේස් එකට හවුල් වගේ, ඒකයි බයවෙලා තියෙන්නෙ. ඒ කාලෙ අන්තරයත්, දොස්තර සංගමයත් සයිටම් එකට එරෙහිව කෑගැහුවෙ නැත්තෙ මෙයාගෙ බලයට බයේද ? (බ)