හිටපු රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන වසරේ පෙබරවාරි 08 වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

සමරසේකරගේ  ප‍්‍රතිශෝධන අයැදුම්පත මේ 27 වැනි දා කොළඹ මහාධිකරණයේ දී සලකා බැලීමට නියමිත බැවින් එම තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් පසුව  මෙම පෙත්සම සලකා බැලීමට තීරණය විය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ  විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහත්වරු පෙත්සම සළකා බැලිණි.