රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය  ආනන්ද සමරසේකර  මහතා  තමන් අත්අඩංගුවට  ගැනීම වළක්වමින්  කොළඹ මහාධිකරණයේ  ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කළ ප්‍රතිශෝධන අයැදුම  අද (27) සලකා බැලිණි.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් වන නිතිපති හා  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විරෝධතා  ගෙනු  කිරිම සඳහා  නොවැම්බර 24 වැනි දා  දක්වා  නඩුව කල් තැබීමට මහාධිකරණ විනිසුරු පද්මිණි එන් රණවක මහත්මිය නියෝග කළාය.