කෝට්ටේ ශ්‍රී නාග විහාරායේ විහාරාධිපතිවූ අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වන වතුරුවිල සිරි සුජාත හිමියන් එම විහාරයට නොවඩින බව නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ අද කියා සිටියේය.
නාග විහාරයට නොවඩින ලෙස සුජාත හිමියනට මීට පෙර නුගේගොඩ උසාවියෙන් වාරණයක් නිකුත් කර තිබිණි.
එම වාරණය දික් කරන ලෙස මිරිහාන පොලිසිය අද (17) ඉල්ලා සිටියේය.
ඉත්තෑපානේ ධම්මාලංකාර, කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ ද, උඩතලකන්දේ අරියරත්න හිමියෝ ද අද අධිකරණයට වැඩම කර සිටියහ.
මාහානායක හිමියන්ගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පැවසුවේ සුජාත හිමියන් නාග විහාරයට නොවඩින්නේ නම් වාරණයක් අනවශ්‍ය බවයි.
සුජාත හිමියෝ ද ඊට එකඟ වූහ.
සුජාත හිමියන් එම පොරොන්දුව පිළිපදින්නේ ද නැද්ද යන්න ගැන දෙසැම්බර 17 වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් ආගම් වල පුජකවරුන්ගේ ප්‍රශ්න ඇති වුණාම එයාල හොර රහසේම විසන්දගන්නවා පිටට නොපෙන්වා. අපේ අය තමයි පත්තර වල උසාවියේ හැමතැනම දාල අනාගන්නේ.(ම)
දිනේෂ්, අපි අපේ හාමුදුරුවෝ ගැන බලාගන්නම්. ඔයා ඔයාගේ වැඩක් බලාගන්න (නි)
ගෝතම හිමි, දායක සභාවේ කීප දෙනෙක් කියපු කතාව ඔබ කියන කතාවට වඩා වෙනස් (ම)
අපේ ගරුතර මහානායක මාහිමිපාණන් වහන්සේලා මැදිහත්වී මේ ගැටලුව විසඳා ගත්තා නම් කොපමණ සතුටක්ද? (නි)
මෙහෙමත් දේවල් සිද්ධවෙනවනේ? (නි)
ලොකු ලොකු ස්වාමින්වහන්සේලා ළඟමයි වෛරය ක්‍රෝධය තියෙන්නේ. මෙයාලද මිනිසුන්ට බණ කියන්නේ මොනවද මේ වැඩ ලොකු හාමුදුරුවනේ. මේවා නිසා අනිත් ආගම්වල අය අපට හිනාවෙනවා (බ)
ඔන්න අපේ ස්වාමින් වහන්සේලාගේ වැඩ. වියට්නාමයට ආවොත් බලන්න පුළුවන් මෙහෙ ථෙරවාද පන්සල් සිය ශ්‍රාවකයන්ට සළකන්නේ කොහොමද කියලා. (නි)
අපි දන්නා තරමින් නම් සුජාත හිමියන් විනයගරුක, ධර්මධර, විනයධර, රටට අවශ්‍ය වැදගත් භික්ෂුන් වහන්සේ නමකි. නමුත් කා අතරත් අඩුපාඩු තිබෙන බැවින් උන්වහන්සේ තුළද දුර්වලකම් තිබිය හැක. එසේ වූ පමණින් නාග විහාරයේ ශිෂ්‍යයකු ලෙස අයිතිවාසිකම් ඇති උන් වහන්සේට නින්දා කිරීම නොවටී. මාගේ අදහසේ හැටියට සංඝ සභා වල අධිකරණ නායක හිමිවරුන්, නාහිමිවරුන් හා කාරක සභා භික්ෂූන් රැස්ව මෙවැනි ප්‍රශ්න අධිකරණයට නොගොස් විසඳිය යුතුය. (නි)
බුදුදහම හරියට අවබෝධ කරගෙන හරියට පිළිපැද්දා නම් මෙම ප්‍රශ්න කවදාවත් ඇතිවෙන්නේ නැහැ. (නි)
මට උන්වහන්සේ ගැන කණගාටුයි. අපි ඉතින් මොනවා කරන්නද? (නි)
ස්වාමින් වහන්සේලා අතරත් මෙහෙම ප්‍රශ්න නම් ගිහි අපි අතර මොනවා වෙන්න බැරිද? (නි)
මේ ප්‍රශ්නය දුරදිග නොගොස් විසඳුනොත් හොඳයි (නි)
ගෝතම හිමියන්ගේ අදහස අනුමත කරමි. (නි)
මටනම් හිතෙන්නේ ඔක්කොටොම කලින් නාග විහාරේ ඉන්න අයට නිවැරදි බුදුදහම කියල දෙන්න ඕන. දේශපාලනය පස්සේ ගිය අය ගොඩක් දෙනාට ධර්මය අමතක වෙනවා. (බ)
බුද්ධ සාශනයේ රෙද්ද ගලවන්නේ මේ තණ්හාධික මහා නායකලා තමයි. මේ අයට පුළුවන්නම් බුදු හාමුදුරුවන්ටත් නඩු දමාවි (බ)
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරන්නේ නම් මෙවන් ගැටළු පැනනඟින්නේ නැත. දෙපාර්ශවයම මේ කටයුත්තද බුදුදහමට අනුව ගළපාගත්තා නම් උසාවියාමක් අවශ්‍ය නොවනු ඇත. (නි)
මෙය තණ්හාව පිළිබඳ ප්‍රශ්නය නොවෙයි. පෞද්ගලික ප්‍රශ්නයක් මත තීරණය වුවක්ද නොවෙයි. සුජාත හිමි විහාරයෙන් නික්මගොස් වෙනත් විහාරයක කටයුතු කරයි. එම විහාරයද ඉතා හොඳින් පාලනය වේ. (නි)
කවුරුහරි අපිට කියනවද මේකට මුලික උණු හේතුව මොකක්ද කියල? (ම)
මේ ප්‍රශ්නය දුරදිග නොගොස් විසඳුනොත් හොඳයි කියලා තමයි මමත් කියන්නේ (නි)
මේ ප්‍රශ්න මේ විහාරය තුළදීම විසඳාගන්න නොලැබුණ එක ගැන අපිට කණගාටුයි (නි)
නාගවිහාරයේ දායක සභාව මේ ගැන යමක් කරන්නේ නැද්ද? (නි)
අපිට නම් ලැජ්ජයි ස්වාමින් වහන්සේලා අතරත් මෙහෙම ප්‍රශ්න තිබෙන බව ඇසුවහම (නි)
හාමුදුරුවනේ ඔය පන්සලට නොයා වෙන තැනක ඉදන් ධර්මය ප්‍රචාරය කරන්න එතකොට එයාලම ඇවිත් නාග විහාරෙට එක්කන් යි මෙතන තියෙන්නේ පුද්ගලික ප්‍රශ්නයක්ද දේපල ප්‍රශ්නයක්ද ? (ම)
අංගුලිමාල වගේ දරුණු පුද්ගලයින් දමනය කරපු බුදු හාමුදුරුවන්ගේ දේශනාවන් පිළිපදින මහා සංඝරත්නයට ඇයි මේවගේ සුළුකරුණක් තම ධර්මයම ආශ්‍රයට ගෙන සුජාත හාමුදුරුවන්ට හොඳින් කරුණු කාරණා පහදා දීල, ඒ හිමිනම වැරදි මාර්ගයක යනවා නම්, එම වරද නිවැරදි කොට සත්‍ය අවබෝධ කොටදී නිසි මගට ගන්ට කටයුතු කරන්නේ නැත්තේ, උසාවියකට යනවට වඩා. (ම)
බුදුන් වහන්සේ බුදුදහම පතුරුවන්න තමන්ට හිතවත් අනුගාමිකයන් පත්කරගත්තේ මෙන්න මේ කුළල් කාගැනීම් එදත් තිබුණ නිසා තමයි. ගිහියාට අනුශාසනා පවත්වන්න කලින් පැවිද්දා ශ්‍රද්ධාවන්තයෙක් වියයුතුයි (නි)
ඉන්දික, දිනේෂ් මෙගොල්ලොත් කාගේද ත කොලුවෙලා. සෝබිත හාමුදුරුවෝ ඉන්න කලේ ගියා නම් දැන් හොඳ වෙන්නෙ කොහමද? අනික මහනායක කියන්නේ. මහනායක උන්වන්සේ ගන්න තීරණේ අනික් භික්ෂූන් පිළිගන්නවානම් මේ ගිහි අය කවුද? (ස)