පැරණි කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කරන වව්නියා පුනරුත්ථාපන කඳවුරේ දි නත්තල් සැමරීම බදාදා රාත්‍රී පැවැත්විණි. පුනරුත්ථාපනය වෙමින් සිටින හිටපු කොටි සාමාජිකයන් හා පුනරුත්ථාපන කඳවුරෙන් බැහැරව ගිය හිටපු කොටි සාමාජික සාමාජිකාවන් අතරින් කිතුනු බැතිමතුන් මේ උත්සවය සඳහා එක්විය.
පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්‍යාංශය සංවිධානය කර තිබූ මේ නත්තල් සැමරුමේ දී නත්තල් බැති ගී ගායනය , විවිධ ක්‍රීඩා ඉසව්, මල්වෙඩි සංදරේශනයක් හා පුනරුත්ථාපනය වන අයගේ දරුවන් හා ඥාතීන් වෙනුවෙන් නත්තල් සීයා මගින් තෑගි බෙදා දීම ද සිදුකැරිණි.
වව්නියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ කර්නල් එම්.ඒ.ආර්.හැමිඩොන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවය සඳහා වව්නියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා ද සහභාගී වී සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (නි)
කමක් නැහැ. මේ මිනිසුන්ට හරිමඟ පෙන්වලා යහපත් පුරවැසියන් කරලා සමාජයට එක්කරන එක හොඳ වැඩක්. ඒ වගේ හමුදාවේ අයත් පෝරකයට දාන්නේ නැතුව පුනරුත්තාපනය කරලා යහපත් සොල්දාදුවෙක් විදියට ආයෙත් සේවයට ගන්න පුළුවන්නේ (නි)
පුනරුත්ථාපනය වූ උතුරේ තරුණයින් වන මොවුන් තවදුරටත් රටට අවැඩක් කරන අය නොවේ (නි)