එල් ටී ටී කාන්තා බලකායේ නායිකාවක් ලෙස කලක් සේවය කළ තමලිනි සිවකාම් ජේ කුමාර් (43) මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) මිය ගිය බව පොලිසිය පවසයි.
අක්මාවේ පැවති දරුණු පිළිකාවකින් පිඩා විදි බව වෛද්‍යවරු පවසති. ඇය කිලිනොච්චි පරත්තන් ප්‍රදේශයේ
ස්ථිර පදිංචිකාරියකි. එංගලන්තයේ සිට පැමිණි බව කියන මහාදේවන් ජේ කුමාර් නැමැති අයෙක් අද පෙරවරු 9.30 ට මළ සිරුර රැගෙන ගිය බව පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මේ ලොකු දෙයක්. (බ)
සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේ මෙතුමියගේ අවසන් කටයුතු සිදු කළ යුතුයි. (බ)
රුචී තමන්ගේ නැහැදියාව පෙන්නන්න එපා... ඔබ බෞද්ධයෙක්ද? (බ)
රංජිත් ඔබ කියූ දෙය සිදු වුනොත් ඒක හරිය කියල අනුමත කරන්න කට්ටියකුත් ඉන්නවනේ. (බ)
කේ . පී , කරුණා ,ගැන හිතත්දි නම් රන්ජිත් කියපු දේ ඒ තරම් ගණන් ගත යුතුත් නැහැ (අ)
මිය ගිය අයට නිවන් සුව පතමු (අ)
හෙට ශෝක දිනයක් ද (අ)
ප්‍රනාන්දු හරි. (ත)
මිනිසුන් මරණයට බිය නැත, බියවන්නේ මරණය තමා වෙත ලඟාවෙන රුදුරු ආකාරයටය. තමලිනි මෙම අදහස නොදැන සිටියා විය හැකියි. (ත)
නාමල් කියන පුද්ගලයට මොකද කේන්ති ගිහිල්ල වගේ ? (බ)
ඇත්තටම හද පතුලෙන්ම නිවන් සුව පතමු. එතකොට අයෙත් උපදින්නේ නැහැ. භුතාත්මයකවත් නැහැ. (අ)
නාමල්ට කේන්ති ගිහිල්ලා නැහැ. ඔහු මනුෂ්‍යත්වයට ගරු කරන පුද්ගලයෙක් විය හැකියි.කොච්චර නරක කෙනෙක් වුනත් මිය පරලොව ගියාට පසු මොකට වෛර කරන්නද?තම තමන් කරපු හොඳ නරක තමන් පසුපස එයි රිය සක විලසට. (බ)
නාමල් , ඔයාගේ ප්‍රතිචාර අඩු ගානේ ජාතියට අදාල නමකින් පල කලානම් ගොඩක් ලස්සනයි (බ)
මැරුණ කෙනෙකුට මොකුත් කියන්න හොඳ නැහැ. නමුත් මෙයා රටේ අහිංසක දෙමළ දරුවන්ගේ ජීවිත විනාශකළ එකට වගකියන්න ඕනෑ (නි)
මමත් සිංහල බෞද්ධයෙක්. නමුත් මට මේ මරණය ගැන කිසිදු සතුටක් නැහැ. මට කියන්න තියෙන්නෙත් නාමල් කියන කෙනා කීදේමයි. ඇයි චතූ නමින් අදහස් පළකරන කෙනා හිතන්නේ හැම සිංහලයාම තමන් වගේ මරණයකට සතුටුවෙන අය වියයුතුයි කියලද? (නි)
කළ කර්ම ගෙවා දැමූ ඔබ මතු භවයේදී සුගතිගාමී වේවා! (නි)
මියගිය කෙනාට වඩා දරුණු, ජාතිය පාවාදෙන කළු සුද්දෝ සිටින ශ්‍රී ලංකාවේ මැයට නිවන් සුව පතමු! (නි)