කොටි කාන්තා අංශයේ හිටපු නායිකාව වූ තමිලිනී නොහොත් සුබ්‍රමනියම් ශිවගාමීගේ මෘත දේහය ඉරිදා (18) සවස කිලිනොච්චිය පරන්තන් නිවසට රැගෙන එනු ලැබීය.
පසුගිය මැයි මස 15 වැනිදා ඇය මහරගම පිළිකා රෝහලට ඇතුළත් කර ඉන් අනතුරුව විකිරණ ප්‍රතිකාර ලබා දුන්නද මිය ගියාය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ඇතුළු දේශපාලඥයෝද, ප්‍රදේශවාසීහුද ඇගේ දේහයට අවසන් බුහුමන් දැක්වූහ.
තමිලිනී නොහොත් සුබ්‍රමණියම් ශිවගාමි 1972 වසරේ පරන්තන් හි උපත ලබා කොටි සංවිධානයට බැඳී ඇත්තේ 1986 වසරේදීය. ඒ වනවිට ඇය 14 වන වියේ පසුවූවාය.
තමිලිනී වවුනියාව සරණාගත කඳවුරක රැඳී සිටියදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2009 වසරේ මැයි මස 20 වැනිදාය. යුද්ධයෙන් පසු අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨම එල්.ටී.ටී.ඊ. නායිකාව වන තමිලිනී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ‘කර්නල්‘වරියකද වූවාය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර වසරක කාලයක් පුනරුත්ථාපනය සඳහා යොදවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. පසුව යුද හමුදාව යටතේ පූන්තෝට්ටම් කඳවුරේ පුනරුත්ථාපනය ලැබූ තමිලිනී 2013 වසරේ මැයි මස 26 වැනි දා දෙමව්පියන් වෙත භාරදෙනු ලැබීය.
තමිලිනී පසුව විවාහ වී ඇති අතර, රෝහල් ගතකළ පසු ඇගේ මව තමිලිනීගේ සත්කාර කටයුතුවල නිරතව සිටියාය. තමිලිනීට සොහොයුරියන් දෙදෙනෙකු සිට ඇති අතර, එක් සොහොයුරියක එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයට බැඳී සටන් බිමේදී මිය ගියාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදියෙක් වුණත් ඒත් අපි වගේම මනුස්සයෙක් (නි)
අපි මොවුන්ට අනුකම්පා කළයුතුයි. එයයි මිනිස්කම (නි)
මොකද ඒ තමලිනීට විතරක් වෛර කරන්නේ ? එයත් මනුස්ස දුවක්. අපේ රටේ තියෙන කාලකන්නි ආර්ථික ක්‍රමය දුරුකරලා සම්පත් සමානව බෙදෙන තාක්කල් තමලිනීලා නැවත නැවත ඉපදෙයි (නි)
පවු! කවුරු වුණත් මනුස්සයෙක්නේ (නි)
මටත් අනුකම්පාවක් දැනුනා (නි)
ත්‍රස්තවාදී කෙනුකුවී ජිවිත සියගණනක් මෙයා විසින් විනාශ කරද්දී , ජීවිතයක වටිනාකම මැය විසින් නොදැක්කත් , අවසාන මොහෙතේ ඇය ජීවිතය ගැන අවබෝධයක් ලබාගන්න ඇති , නිවන් සුව ලැබේවා (බ)
චන්ද, සතර අගතියෙන් මිදී මෙත්තා කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ සිත්තුළ දියුණු කරගනිමු. එවිට සතුරු ආකල්ප සිතින් දුරුවේ. (නි)
2 වැනි පින්තුරය තුළින් ඉතා සංවේදී කඳුළු කතාවක් කියැවෙනවා. (ර)
මොනා උනත් මනුස්සයෙක්නේ. නිවන් සුව ලැබේවා.!
ගමනක නිමාව. (ර)
තමලිනි, මරණය ඔබ වෙත පැමිණියේ ඉතාමත් රුදුරු ආකාරයකටය. මරණයේ වේදනාව ඔබට නොදැනුනු සෛනයිට් දේශපාලනයේ කුරිරුකම අවසන් මොහොතේ හෝ ඔබ තේරුම් ගෙන පසුතැවුනේ නම් කර්මය ඔබ පසුපස හඹා එන්නේ නැත. ඔබගේ විශ්වාසයට අනුව සැනසුම ලැබේව(රේ)
සිරිසේන මහතා කියූ දේ හරි. ඔවුන්ගේ දිළිදුකම,අසරණකම ඔවුන් ත්‍රස්තවාදයට තල්ලුකර ඇත . ත්‍රස්තවාදය නැතිකළ හැක්කේ මේ ප්‍රශ්න වලට නියම විසදුම් ලබාදීමෙන් මිස ආයුදයෙන් නොවේ.එය කාටත් පොදු සත්‍යයකි (බ)
රාජ්‍ය ගෙෘරව දෙන්න වටිනවා හප්පා.(රේ)
ස්වභාව ධර්මය කාටත් සමානයිි(රේ).
ලෝකයේ සිටි ත්‍රස්තවාදීන් බහුතරයක් මැරුණත් පස්සේ වීරයන් වෙලා අමරණිය වෙලා ගරු බුහුමන් ලබනවා , මෙයාටත් එම වාසනාව ලැබුණා (ම)
මෙහිදී පැහැදිලි වන එක දෙයක් ඇත. (ර)
මෙයට මරණය සැපයි තව විදවන්න ජීවිතය දෙන්න තිබුනේ (ම)
රටෙන් කෑල්ලක් ඉල්ලා මිනිසුන් දහස් ගණන් විනාශ කලත්, අවසානේ උරුම වුනේ හතර රියනක් පමණයි. එයද මිනිය පොහොර වනතුරු පමණයි.(රේ)
කර්මය එනවා පසුපස රියසක ලෙසේ.... (නි)
නිර්වාණාබෝධය ලබාගැනීමට හැකිවේවා! (නි)
දැහැමිව ජිවත් වී සමාජයට වැඩ දැයි පුද්ගලයෙක් වෙමින් කුසල් රැස් කර නිර්වාණය ලගා කරගන්න උත්සහ කරමු ! (ර)
අන්තිමේදී කවුරුත් මරණයට පත්වෙනවා. යනකොට මේ කිසිවක් අරගෙන යන්නේ නැහැ.ඒක තමා මේ ලෝකයේ ස්වභාවය. මේ ටික තේරුම් ගත්තා නම් මේ ලෝකය කොච්චර සුන්දරද? (නි)