
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක් පිළියන්දල හොරණ පාරේ නිවාඩු නිකේතනයක් ඉදිරිපිටදී ඊයෙ (22) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සේවය අත්හැර ගොස් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 12320 ක් පොලිස් භාරයට ගෙන ඇත
පොලිස් විශේෂ කාර්ය බළකා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් ට ලද රහසිගත තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd