කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් සොයා ගෙන ගොස් සිටි සුදු කැස්බෑවා ළඟ තබා ගත් බවට සැකපිට දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ප්‍රසංග දීපාල් වික්‍රමරත්න අද කොළඹ අපරාධ කොට්ටාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ නීතීඥයකු මාර්ගයෙන් බාරවීමෙන් අනතුරුව ය.
2013 දෙසැම්බර 16 වැනි දා රාත්‍රී නාවික හමුදා හිටපු කොමදෝරු බෝයගොඩගේ සැලසුමකට අනුව ආමි සම්පත් ඇතුළු පිරිසක් කැස්බෑවා සොරාගෙන ඇති බවත්, කැස්බෑවා මාලදිවයින් ප්‍රභූවරයකුට රුපියල් කෝටි 10කට විකුණන තෙක් රැකවලාගෙන ඇත්තේ සැකකරු බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා අහලා ඇතිවෙලා. උසාවියට ගෙනිහින් ඔප්පු කරලා දඬුවම් ලබාදෙන්න (නි)
සුදු කැස්බෑවා කියන්නේ ඇලි(ඇල්බිනෝ) සතෙක්නේ. ඇලි සතුන් සාමාන්‍යයෙන් අඩු ආයුෂ ඇත්තවුන්. අසා ඇති අන්දමට කැස්බෑවගේ පරමායුෂ අවුරුදු දෙදාහක් පමණ වනවා. මේ අනුව සුදු කැස්බෑවෙකුට මෙච්චර සල්ලි ගෙවන එක විද්‍යාත්මකව මෝඩ වැඩක් (නි)
චමිල්, එහෙම බැලුවොත් ඒ නඩේට ලක්ෂ 57 ක් ඉන්නවා. (නි)
බමුණු, ලක්ෂ 57න් තව ලක්ෂ 10 විතර අඩුවුණා කියලා මතකයි. දැන් එක්කෙනා එපාවුණා කියලා හිතන්න එපා කලින් එක්කෙනාට බහුතර කට්ටිය කැමතියි කියලා. එයාව ගෙදර යවන්න අකමැත්තෙන් ඡන්දෙ දුන් අයත් තව ගොඩක් ඉන්නවා. (නි)
බමුණු, ඔය කියන ලක්ෂ 57 නම් එදාවේල හොයාගෙන දුකසේ හම්බ කරගත් අහිංසක කොටසක්. ඔබත් ඇතුළුව. නමුත් අහිංසක ජනතාව රවටමින් ඔබලාගේම මුදල් කොල්ලකමින් රටම අගාධයකට දැම්ම පිරිසක් හිටියා. තවමත් ඉන්නවා. (නි)
ඔං කලින් ලොක්කගේ නඩේ එක්කෙනෙක්ගේ තවත් වැඩක් (හේ)
අනේ හැබෑට මේ ලංකාවේ සිද්ධවෙන දේවල්? (නි)
දැන් කියන්න මේකත් පළිගැනීමක් කියලා. ඔය කියන කොමදෝරු අත්අඩංගුවට ගත්තොත් කියන්න රණවිරුවන් හිරේ දානවා කියලා (නි)