මීගමුව පොලිසියට අද (24) පෙරවරුවේ භාරවූ හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න ලබන නොවැම්බර් 1 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්මන්ත එපිටවල මහතා නියෝග කළේය.
මීගමුව සිල්ලන්දූවේදී 2002 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්නට එරෙහිව නීතිපති විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ සිටි අතර මීගමුව අධිකරණය ඔහුට වරෙන්තු නිකුත් කැර තිබිණි. ඒ අනුව අද පෙරවරුවේ ඔහු මීගමුව පොලිසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබීය.
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන සරත් කුමාර ගුණරත්න 2002 වර්ෂයේ සිදු වු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොඳ වැඩ (බ)
2002 ඉඳල යට ගහල (බ)
අවුරුදු 14 කට පස්සෙත් මෙවැනි නඩු දිග් ගැස්සෙන්නේ කාගේ වරදින්නෙන් ද ? හිටපු උප ඇමැති කෙනෙක් නිසා මේ කටයුතු "කුණු බක්කියට " ගියාද ? (බ)
ඔවු ඔවු එහෙම තමා අපේ යහපාලනය , දිමුත්. (බ)
මෙයාට තව ගොඩක් චෝදනා තියෙනවා..ඒවත් විභාග කරලා අවුරුදු 15 කටවත් කුඩුවට දමන්න ස්වාමිනි..(බ)
හිටපු ඇමති කුණුබක්කියට ගියාද, එහෙම නැත්නම් නඩුව කුණු බක්කියට ගියාද කියල දන්නේ නැහැ. හොදම දේ නම් වරදක් කරලා හරි වුනොත් හරි තමන්ම ගිහින් නඩුවක් දම්මගෙන ඉවරයක් වෙන එකයි.(බ)
2002 නම් වරද වුනේ, ඒ කාලේ (2005 වනතුරු) හිටපු චන්ද්‍රික මැඩම් මේ ගැන මොකද කියන්නේ. (බ)
සිල් බිදගෙන ජීප් එකේ යනකොට හැප්පිච්චි තරුණය ඇද උඩ. (බ)
නොම්මර එකේ දේශපාලුවෙක්. (බ)
පැරිස් වල ඉන්න ටිකකුත් මේ මිනිහගේ හොරකම් වලට සහයෝගය දුන්න බව නම් හොදටම දන්නවා (බ)
මේ ආණ්ඩුවේ ඇමතිවරු වැරදි කරපුවාම ජනතාවගේ උද්ඝෝෂණ නිසා යම් තරමක් හෝ යුක්තිය ඉෂ්ට වෙනවා. එ්ත් පහුගිය ආණ්ඩුවේ ඒවා ඔක්කොම යට ගහල තිබුනේ. කවුරු හරි කතා කළොත් ඉතින් සුදු වෑන් පිහිට තමා. (බ)
මොනවා තිබුණත්,කිව්වත් උසාවියට ඒවා ඔප්පු කරන්න බෑ හරියට (ම)
හෙට කියයිද දන්නෙ නැහැ රෝහලේ ඉන්නේ කියලා (නි)
දේහපාලකයන් අතර වැරදි නොකළ කෙනෙක් ඇත්තේම නැතිතරම් (නි)
මාර සීන් එක දැං ආණ්ඩුව කළොත් ඒවා මැකෙනවා. උදා- රණවක, පහුගිය ආණ්ඩුව කරපුවා එලියට එනවා. ඒකෙ නම යහ පාලනේද? (බ)