ගාලු දිස්ත්‍රික් ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ හිටපු ඇමැති ගුණරත්න වීරකෝන්ට මරණ තර්ජනය කළ බව කියන සැකකරුවන් සිව්දෙනකු රිමාන්ඩ් භාරයේ සිට අද (12) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කැරුණු අතර ඉන් දෙදෙනකු හඳුනාගැනිණි.
සැකකරුවන් අතරින් අයකු රුපියල් 20000ක ශරීර ඇප මත මුදා හැරුණු අතර නඩුව සමථ මණ්ඩලයට යොමුකර එහි වාර්තාව නොවැම්බර් 21 වැනිදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය නියෝග කළාය.
මනිමෙල් පීරිස්ලාගේ සුරංග මධුෂාන් පීරිස් හා කළුවාහකුරු ධනුෂ්ක පුෂ්පකුමාර යන දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගැනිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මොනවද මේ රටේ සිද්ධවෙන්නේ කියලා. (නි)
තර්ජනේ කළාට මැරුවේ නැහැ නේ! කවට කමට වෙන්නැති! (බ)