නොසැලකිලිමත් ලෙස රිය පදවා කොළඹ නිදහස් මාවතේ දී රිය අනතුරක් සිදුකළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල තමාට එරෙහිව තිබූ චෝදනා පහටම වැරදිකරු බව අද (11) අධිකරණයේදී පිළිගත්තේය.
ඒ අනුව චෝදනා පහටම ඔහු වැරදිකරු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා ඔහුට රුපියල් 29000ක දඩ මුදලක් නියම කළ අතර තාවකාලිකව අත්හිටුවා තිබූ රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රයද මුදා හැරීමට නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිසිය ඔහුට එරෙහිව නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි නියම දඬුවම. (ර)
මේක ගෙවන්නෙත් ඉතින් අපෙන්ම හූරාගත් සල්ලි වලින් නොවැ (නි)
මේක දේශපාලු පුතාලාටම ගිය රටක්. (හේ)
යහපාලනය නිසා තමයි මෙහෙමවත් දඩ ගහන්නේ (නි)
මට එක පාරක් බීලා රිය පැදෙවුවා කියල 15000 ක් දඩ ගහලා බලපත්‍රය මාස 3ක් තහනම් කළා (නි)
මා දන්නා පරිදි බීමත්ව රිය පදවා ඔප්පු වුණොත් මාස 6 කාලයකට රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටවිය යුතුය. ඇමති පුතුන්ට මෙය බලපාන්නේ නැද්ද? (නි)
දන්නේ නැතුවටයි අහන්නේ. එතකොට අර බීලා එළවලා මදිවාට තරුණයෙකුගේ ජීවිතයම ආබාධිත තත්වයට පත්කරපු ඇමතිතුමෙකුට කොහොම දඬුවමක් දියයුතුද?යහපාලනයට මමත් බොහොම කැමැත්තෙන් හිටියේ. එ්ත් මෙතෙක් දුරට සිදුවූ දේ වලින් හිතාගන්න පුළුවන් ඒ ගොල්ලොත් මේ ගොල්ලොත් පාට වෙනස් කපටි අය කියලා. (නි)
නීතිය සැමට පොදු වියයුතු වේ (නි)
මෙයාගේ වාහන අනතුර නිසා කාටවත් කරදරයක් වුණේ නැහැ. ගසක හැපී පාඩුව වුණේ මේ ළමයටමයි. කහ ඉරේ මිනිසුන් මරාගෙන යන අය ගැන නිතර අසන්න ලැබෙනවා. එතනදීත් ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇද්ද කියා සොයා බලනවද. (නි)
දැන්වත් රටේ මහජනතාවට තේරෙන්න ඕනෑ රටේ නීතිය හා බලය ක්‍රියාත්මක වෙන්නේ රටේ සුළු පිරිසකගේ ආරක්ෂාව සඳහා බව. අපි මේ වගේ දේවල් වෙනස් කරගෙන රටේ සියලු දෙනාටම සාධාරන ක්‍රමයක් වෙනුවෙන් සටන් කරන්නේ නැතුව තනි පුද්ගලයෙකුගේ බලය නැතිවීම හෝ පක්ෂයක හෝ ආගමක බලය නැතිවීම ගැන සටන් කිරීම අපි සියල්ලන්ගේම අභාග්‍යයක් (නි)
බමුණු, ගරාජයක නම්බරය සහිත වාහනයක් පදවනවිට වාහනයේ ගරාජයට සම්බන්ධ ලියවිලි තිබිය යුතුයි නේද? (නි)
තව ටිකක් ඇඟට දැනෙන දඩයක් ගහන්නයි තිබුනේ (නි)
එ්ක තමයි ටෙනිසන්, ඔය සමාජ ශාලා වලට පැනලා කෙල්ලෝ බෙදාගන්න බැරුව රණ්ඩුවෙන අයටත් එහෙම වෙන්න ඕනෑ (නි)
මම නම් සතුටුයි මේ තීරණය ගැන (නි)
ලිහිල් දඬුවමක් ලැබෙයි කියලා මම නම් කොහොමත් හිතුවා (නි)
එතකොට දඬුවම 29000 ද? කෝ හිරගෙවල් එයාලට නැද්ද? (නි)
මෙයා කරලා තියෙන වැරදි 5 ටම වැරදිකරු කියලා පිළිගෙන තියෙනවා නේද? ඉතින් කරලා තියෙන වැරදිවල හැටියට මේක දඬුවමක් කියලා කියන්නත් බැරි තරම්. නීතිය දේශපාලකයින්ටත් ඔවුන්ගේ දු දරුවන්ටත් හිතවතුන්ටත් වෙනස් විදියටයි ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි අකැමති වුණත් පිළිගතයුතු සත්‍යයක් බව පේනවා නේද? (නි)
දැන් එතකොට එයාගේ ඒ කේස් එක ඉවරයි. මීළඟ එක කවදාද කියලා තමයි අපි බලාගෙන ඉන්න ඕනෑ. ඊළඟ පාර බීලා හප්පලා මිනිස්සු මැරුවාම රටේ නීතිය ස්ථාපිත කරනවා. එහෙමනේ වෙන්න ඕනෑ, නේද! මොකක්ද මේ ක්‍රමය? අද මම මේ කියපු දේ හෙට බලාගන්න පුළුවන් වෙයි. (නි)
ඕක ඔය කෙනාට මොන කජ්ජක්ද? ඊළඟ දවසෙත් ඔය විදිහටම රිය පැදවීම සිද්ධ කරාවි. (ර)
මෙය ඔහුට දඬුවමක් නොවෙනු ඇත. (ර)
දන්නා කෙනෙක් පහදා දෙන්න මෙරටේ හෝ වෙන රටක වාහන පදවන්නේ වාහන ලියාපදිංචියෙන් හිමි පුද්ගලයාද? (ර)
මරු දඬුවම. වැරදි පහටම රුපියල් 29000 ක් සල්ලි ගෙවලා, නැවතත් ඉතින් පෙර පරිදිම, රථ පදින්න අවසර. (ර)