IMG-LOGO

හිටපු අයිජීලා මොනවා කළාදැයි උසාවිය වාර්තාවක් ඉල්ලයි

රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ නඩුව සම්බන්ධයෙන් 2009 වසරේ සිට මේ දක්වා සිටි පොලිස්පතිවරුන් නිසි ලෙස අධීක්ෂණය කර ඇත්දැයි විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය අද රහස් පොලිසියට නියෝග කළාය.

එම සිද්ධියට සැක පිට සිටින යුද හමුදා  බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගමට ඔහුගේ නීතීඥවරුන් අද ඇප ඉල්ලා සිටි අතර වෛද්‍යවාර්තා ලැබෙන තෙන් ඇප ලබා දිය නොහැකි බව මහේස්ත්‍රාත් කීවාය.

එම සැකකරුට මිනී මැරීමට තැත් කිරීම යටතේ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මේ අතර මෙම නඩුව සම්බන්ධයෙන් පළ කළ එක්තරා වෙබ් අඩවියක් ගැන ලැබී ඇති නිර්නාමික ලිපියක සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදු කර වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළාය.

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට ලොතරැයි මණ්ඩලයෙන් දායකත්වයක් සපයන බව එම ලිපියේ සඳහන් වෙතියි අධිකරණයේදී කියැවිණි.

මහේස්ත්‍රාත් - ලියාපදිංචි නොකළ වෙබ් අඩවියකට රාජ්‍ය ආයතනයකින් මුදලක් ලබා දිය හැකිද?

රහස් පොලිසිය - බැහැ

විත්තියේ නීතීඥවරුන් - එලෙස ලබා දෙනවා නම් එය රාජ්‍ය මුදල් අවභාවිතයක්

වෙබ් අඩවියට දැන්වීම් දෙන්නේ කෙසේදැයි ලොතරයි මණ්ඩලයේ අධ්‍යක්ෂගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 



අදහස් (0)

හිටපු අයිජීලා මොනවා කළාදැයි උසාවිය වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site