වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස කිසිදු පැමිණිල්ලක් නොමැතිව තෙවසරක් විශේෂ සේවයක් කළ බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා රෝහල් නව ශ්‍රවනාගාරයේ දී ප්‍රකාශ කළේය.
රෝහල් කමිටු ප්‍රණාම පූජා 2014 වැඩසටහන යටතේ ඔහුගේ සේවය අගයමින් ඇමැති ඔහු විශේෂ සම්මානයකින් පිදුවේය.
‘ඔහු අති දක්ෂ වෛද්‍ය පරිපාලකයෙකි. ඔහුගේ සේවය විශිෂ්ටයි.‘
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එල් ඒ එල් ලින්ටන් පත්මසිරි, රෝහල් කමිටු සභාපති චමින්ද මීගොඩ මහත්වරු ද රෝහල් කමිටු හා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද මේ අවස්ථාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ටයි මහත්මයාණනි.
ඔබගේ සේවය රට වෙනුවෙන් තව දුරටත් ලබා දෙන්න . (අ)
ඉතාමත් සාතය කතාවක්, එක්ක මම හොදටම දන්නව , (අ)
වෛද්‍ය වරු කියන්නේ ඇත්තටම දෙවිවරු කි දාහක් එතුමන්ලා නිසා ජිවත් වෙලා ඉන්නවාද (දී)
ඔබ කළ සේවය අති විශිෂ්ටයි. ඔබ තනතුරු වලට නොව ආදරය කළේ මිනිසුන්ටයි. ඔබට මිනිසුන් ආදරය කරනු ඇත. (ස)
වෛද්‍යවරු දෙවිවරු කිව්වේ ඉස්සර දැන් මුදලාලිලා ඕනෑම දෙයක් සල්ලි වලින් මනින්නේ. හොද අයත් එක්කෙනෙක් දෙන්නෙක් ඇති හැබැයි බොහොම කලාතුරකින්.(නදී)