ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය එන් ඩී බී බැංකුවේ පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පරිගණක විශේෂඥයින් ලවා පිරික්සීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඇගේ නීතීඥයනට අද අවසර දුන්නේය.
අල්ලස් කොමිසමෙන් ඇයට එරෙහිව පවරා ඇති නඩු තුන සම්බන්ධයෙන් ඇගේ නීතීඥවරුන් අද මෝසමක් මගින් කියා සිටියේ සාක්කි විභාගයට දින 45 කට පෙර මෙම තොරතුරු අවශ්‍ය බවයි.
මෘදුකාංග විශේෂඥයින්,විගණන නිලධරයින් ,නීතීඥයන් හා බැංකු නිලධරයින්ගෙන් සමන්විත අට දෙනකුගේ කණ්ඩායමකට ඊට අවසරය දුන් මහේස්ත්‍රාත්වරයා දින හතරක් ඇතුළත ඒ තොරතුරු ලබා ගැනීමට ද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නිවැරැදියි සාධාරණයක් ඉටු වේව (දිල්)
ඔය කොමිසමේ අයටත් පගාව ගත්ත කියල චෝදනාවක් තියෙනවා නේද?(නදී)