IMG-LOGO

හැටන් ඡන්ද ගණන් කිරීමේ ස්ථානක කලබල කරලා

(රංජිත් රාජපක්ෂ)

හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට  බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡනද ගණනය කිරිමට එම ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරින්ට සිදු විය.

හැටන් දික්ඔය නගර සභාවට සභිකයන් පත්කර ගැනීමට හැටන් අංක 04 ගාමිණිපුර කොට්ටාසයේ (06) දින ඡන්ද දායකයන් 1407 දෙනකු ඡන්දය ප්‍රකාශකර ඇති බවත්, එය ගණනය කිරිමේදි ඡන්ද පත්‍රිකා 1404 ක් පමණක් තිබූ බවත්, සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා තුනක් අඩු වීම නිසා තමන්ට අසාධාරනයක් සිදු වී ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයකු සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු එම ඡන්ද මධ්‍යස්ථානයට ඇතුලු වී ඇතැයි පොලිසිය කියයි

ඡන්දය ගණනය කිරිම නතර කර නැවත එම කොට්ටාශය  ඡන්දය පවත්වන ලෙස ඡන්ද මධ්‍යස්ථාන භාර නිළධාරින්ට තර්ජනය කිරිම හමුවේ හැටන් පොලිසියේ නිළධාරින් එම ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට ඇතුලු වූ පිරිස ඉවත් කර එම මධ්‍යස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමෙන් අනතුරුව ඡන්දය ගණනය කිරිමේ කටයුතු ආරම්භ කෙරිණ.

එම ඡනද මධ්‍යස්ථානය නිකුත් කළ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ඡන්ද 463 ක් ලබා සභිකයන් දෙදෙනෙකු එම කොට්ටාශයෙන් තේරිපත් විය.

 



අදහස් (1)

හැටන් ඡන්ද ගණන් කිරීමේ ස්ථානක කලබල කරලා

PunkaLatha Wednesday, 07 May 2025 11:49 AM

ඡන්ද දූෂණ කරන උන්ට අනික් අයව පේන්නෙත් තමන්ව වගේ.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2067 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 641 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 725 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site