මිනෙත් හීන්කෙන්ද ගේ (13/7) පන්දු අටක් තුල කඩුලූ ත‍්‍රිත්ව දෙකක් ලබාගැනීම නිසා ජාත්‍යන්තර පාසල් වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ශාලිකා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 146 කින් කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසල පරාජය කළේය.
මෙහිදී ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මිනෙත් හීන්කෙන්ද කඩුලූ ත‍්‍රිත්ව දෙකක් සමගින් ලකුණු 13 කට කඩුලූ 7 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනුණි.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල කඩුලූ 4 ට 170 (නිහිඳු වල්පොළ 64, ඉල්හම් ඉස්වන් නොදැවී 51, ලෂාවන් ද මෙල් නොදැවී (28)
විචර්ලි ජාත්‍යන්තර පාසල සියලූ දෙනා දැවී 24 (මිනෙත් හීන්කෙන්ද 13/7, නිහිඳු වල්පොළ 11/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ජයසුරිය මහතාණනි තවත් මාලිංග කෙනක් අවදානය ඔබවෙත ජයවේවා ............ මාලිංග යටතේ පුහුණු උනොත් ගොඩම තමා (දී)
මේ කඩුළු 6 ම විකට්ටුවට පන්දුව එල්ල කිරීම නිසා අති විශිෂ්ඨයි.ජාතික මට්ටමින් මෙ ක්‍රීඩකයා දෙස බලන්නට හැකි වේවා.(දිල්)
ඔබ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට ආඩම්බරයකි. (දිල්)
මරු බැට්ස්මන්ලා ටිකක් ඉන්නවා. බොලේ එද්දි අයින්වෙනවා. (අ)
ලසිත් මාලිංග විතරක් නෙමෙයි.ඔබත් රටට ආඩම්බරයකි. (අ)
මෙන්න පුහුණු කරලා ගන්නවානම් ක්‍රීඩකයෝ , හැබැයි වැඩයි ගුණයි දෙකම එක්ක හදන්න ඕනේ.(දී)
ඉෂාර , කතාවනම් සහතික ඇත්ත. (අ)
නියමයි පුතා. (නදී)
මම දැක්ක හොදම පාසල් පන්දු යවන්න ඔයා.නියමයි.(නදී)