IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හැට ලක්ෂයක විදුලි උපකරණ උස්සලා

ප්‍රධාන පෙළේ සමාගම්වල මහා පරිමාණ විදුලි උපකරණ වෙළඳසල් බිඳ උපකරණ තොග පිටින් සොරකම් කළැයි කියන සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි.

කටුනායක ප්‍රදේශයේ පුද්ගලයින්ට සහ වෙළඳසල්වලට විකුණා තිබු රුපියල් හැට ලක්ෂයක් පමණ වටිනා රුපවාහිනී,පරිගණක,රෙදි සේදුම් යන්ත්‍ර,ශබ්දවාහිනී උපකරණ,ඇතුළු විදුලි උපකරණ ද,සොරකම් සඳහා යොදා ගත් වෑන් රථයක් හා ගල් කටස් ගිනි අවියක්ද සොයා ගෙන ඇත.

ඉකුත් සැප්තැම්බර් මාසයේ 9 වැනි දා රාත්‍රියේ වැල්ලවායේ  විදුලි උපකරණ වෙළඳ සලක් බිඳ රුපියල් ලක්ෂ 10 ක පමණ විදුලි උපකරණ සොරා ගෙන යෑම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මුලින්ම වීරකැටියේ පුද්ගලයෙක් අත්අඩංගුවට  ගත්තේය.

මොරටුව, වැල්ලවාය, බුත්තල, කඩුවෙල, අලුත්ගම ,අම්බලන්ගොඩ ,දිගන  ආදී ප්‍රදේශවල වෙළඳසල් 5ක් බිද ඇතැයි ද පොලිසිය කියයි.

මෙම සැකකරුවන් විසින් හබරණ සහ බෙලිඅත්ත නගරවල එවැනි වෙළඳසල් දෙකක් බිඳීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බවත් ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වී තිබුණේ යාපනයේ ස්වර්ණාභරණ වෙළඳසල් බිඳීම බවත් පොලිසිය කියයි.

සැකකරුවන් වීරකැටිය ,මොනරාගල, සහ කටුනායක ප්‍රදේශවල  බව කියති



අදහස් (0)

හැට ලක්ෂයක විදුලි උපකරණ උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site