රුපියල් කෝටි පහක් වටිනා හෙරොයින් පාර්සල් දහයක් කුළු බඩු පාර්සල් අස්සේ සඟවාගෙන මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ජෝඩුවක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී කීවේය.
සැකකාරියගේ වයස අවුරුදු 60 කි. පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 45 කි.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහති පැවසුවේ සැකකරු හෙරොයින් ගෙන ඒම සඳහා කාන්තාව කුලියට ගෙන ඇති බවයි. මොවුහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අත් අඩංගුවට ගත් හෙරොයින් වල බර කිලෝග්‍රෑම් පහකි. මෙම හෙරොයින් ග්‍රෑම් 500 පැකට් ලෙස අසුරා තිබු බව රේගුව කියයි. සැකකරු මිරිස් කුඩු, තුනපහ කුඩු ආදී කුළු බඩු පැකට් තොගයක් අස්සේ මෙම හෙරොයින් පැකට් සුක්ෂම ලෙස සඟවා තිබු බව රේගුව කියයි.
මොවුන් දෙදෙනා අද අළුයම 05.05 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 126 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ තිබේ.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු අධිකාරි ඩී.එම්.ජී නිමල්තිලක, සහකාර රේගු අධිකාරී ගයාන් සේනාරත්න සහ බ්‍රයන් ආර්ට් යන නිලධාරීහු සිදුකරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆ්ලයිට් එකේ මෙහෙම ගෙන්න පුලුවන්නම් තව ඉන්දු ලංකා පාලම හැදුවම ලංකාවේ සෑම සිල්ලර බඩු කඩේකම කුඩු තියෙයි ලාබෙට විකුනන්න. (බ)
මේ දෙන්නම එල්ලුම් ගස් යවනු නැතිනම් ගල් ගසා මරනු (බ)
හැට පැන්නත් වඳුරා බිම නොයති (ම)