රුපියල් කෝටි පහක් වටිනා හෙරොයින් පාර්සල් දහයක් කුළු බඩු පාර්සල් අස්සේ සඟවාගෙන මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ජෝඩුවක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී කීවේය.
සැකකාරියගේ වයස අවුරුදු 60 කි. පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 45 කි.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහති පැවසුවේ සැකකරු හෙරොයින් ගෙන ඒම සඳහා කාන්තාව කුලියට ගෙන ඇති බවයි. මොවුහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අත් අඩංගුවට ගත් හෙරොයින් වල බර කිලෝග්‍රෑම් පහකි. මෙම හෙරොයින් ග්‍රෑම් 500 පැකට් ලෙස අසුරා තිබු බව රේගුව කියයි. සැකකරු මිරිස් කුඩු, තුනපහ කුඩු ආදී කුළු බඩු පැකට් තොගයක් අස්සේ මෙම හෙරොයින් පැකට් සුක්ෂම ලෙස සඟවා තිබු බව රේගුව කියයි.
මොවුන් දෙදෙනා අද අළුයම 05.05 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 126 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ තිබේ.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු අධිකාරි ඩී.එම්.ජී නිමල්තිලක, සහකාර රේගු අධිකාරී ගයාන් සේනාරත්න සහ බ්‍රයන් ආර්ට් යන නිලධාරීහු සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැට පැනලත් කුඩු ඇදලා
දිනේෂ් Sunday, 04 October 2015 05:57 AM
ෆ්ලයිට් එකේ මෙහෙම ගෙන්න පුලුවන්නම් තව ඉන්දු ලංකා පාලම හැදුවම ලංකාවේ සෑම සිල්ලර බඩු කඩේකම කුඩු තියෙයි ලාබෙට විකුනන්න. (බ)
මඩුල්ල Sunday, 04 October 2015 06:40 AM
මේ දෙන්නම එල්ලුම් ගස් යවනු නැතිනම් ගල් ගසා මරනු (බ)
රියාන් Monday, 05 October 2015 05:18 AM
හැට පැන්නත් වඳුරා බිම නොයති (ම)