රජයේ මුදල් හැටකෝටියක් වැයකර පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි බෙදා දුන්නැයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා දුරකථන නියාමන කොමිසමේ නියාමක අනුෂ පැල්පිටිට එරෙහි චෝදනා මහාධිකරණ විනිසුරු එන්.බී.කරුණාතිලක මහතා අද (12) කියවනු ලැබීය. නිවැරදි කරුවන් බව දෙදෙනාම කීහ.
අප්‍රේල් 29 වැනි දා සිට නඩුව විහාග කරන බව විනිසුරුවරයා කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් වීරතුංග කියන්නේ හොඳ මනුස්සයෙක්. එත් ඉතින් අර නරක ඇසුර නිසා තමා මෙහෙම වුණේ (ම)
සිල් රෙදි බෙදල දුන්නා නම් එක වරදක් නොවෙයි .. බෙදා නොදී හිටියානම් තමයි වරද.. එහෙම නේද? (ර)
සිල් රෙදි දීම පිනකි. මෙය අපායේ හෝ ස්වර්ගයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට යොමු විය යුතුය .(ම)
රටට වැඩක් කරන්නෙම නැද්ද... (ර)
අනුන්ට අයිති මුදල් හොරකම් කරල ඒ මුදල් වලින් සිල් රෙදි දුන්නත් යන්නෙ අපායෙ තමයි (බ)
සිල් රෙද්දක් අවුරුදු 20ක් 25ක් පාවිච්චිකරන්න පුළුවන්. සිල් ගන්නේ මාසෙකට වරක්නේ.අපේ රටේ මිනිස්සු සිල් රෙද්දක් මහගන්න බැරි තත්වයකට පත්වෙලාද? (බ)
වැරදි කරුවන් සොයලා දැඩි දඩුවම් දෙන්න. (ර)
සුනිල්."සිල් ගන්න අයට සිල් රෙදි බෙදා දීම හොඳ දෙයක්.මේකේ ඇති වැරැද්දක් නෑ." ... මෙතන වරද තිබෙන්නේ තමන්ගේ අම්මගේ අප්පාගේ බුදලයෙන් එන මුදල් වලින් වගේ මහජන මුදල් බාවිතා කිරීම කියල ඔය ළදරු මොලේට තේරෙන්නේ නැද්ද?(කෞ)
ලලිත් හොඳ මහත්මයෙක් නම් කියන්න ඕනේ මට කරන්න සිද්ද වුනේ අහවල්ලු දුන්න නියෝග කියල.මේවා අම්මගේ අප්පාගේ බුදලයෙක් නෙමෙයිනේ.(කෞ)
මොහාන් ඔබ හරියට හරි. බොහෝ අයට මේක තමා වෙලා තියන්නේ. මේක කාට කාටත් පාඩම්. (ර)
මම ලංකාවේ රෙදි මිල ගැන දන්නේ නැහැ . නමුත් සිල්රෙදි ලැබීමට සුදුසු වැඩිහිටියන් ලක්ෂ හැටක් හිටියත් එක රෙද්දක් රුපියල් දාහක් වෙනවා . (ර)
හොරු කවදද හොරු කිව්වේ. (ර)
සංවර්ධනය ගැන කතාවක්වත් නොමැත. (ර)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මොහාන්, ලලිත් හොඳ මහත්මයෙක් නම් එයට නියෝග දුන්නේ කව්ද කියලා හෙළිකළ හැකිනේ. එයා හොරු ආරක්ෂා කළොත් එයත් හොරෙක් වෙනවා. (නි)
ලලිත් හොඳ මහත්මයෙක් නම් එයට නියෝග දුන්නේ කව්ද කියල හෙළි කළ හැකි. එයා හොරු ආරක්ෂා කළොත් එයත් හොරෙක් වෙනවා. (බ)
සිල් රෙද්දක් වත් මහගන්න වත්කමක් නැද්ද ? එහෙම නැත්නම් නොමිලේ දෙන නිසා ගත්තද?කොහොම නමුත් දෙයක් දෙන එක පින්සිද්ධ වෙනවා.එ් දේවල්වලට පින්ලැබෙන ආකාරය අපේ හාමුදුරුවරු බණකියන වෙලාවට දේශනා කරනවා. (බ)
සිල් රෙද්දෙන් ඡන්දෙ අරගෙන හොර, මගඩි කටයුතු තවදුරටත් කරගෙන යාමට උත්සාහ කිරීම මෙලොවදීත්, පරලොවේදීත් දඬුවම් ලැබීමට හේතුවෙන පාප කර්මයකි. (නි)
සිල් රෙදි බෙදා නිරයට යනු බලන් සකී. (ර)
කෙටියෙන් කියන්නම්. හොඳ මනුස්සයෝ කවදාවත් නරක මිනිසුන් සමග ඇසුරු කරන්නේ නැහැ. හොඳ කල්පනාවෙන් ජීවත් වෙන්නේ. (ර)
සිල් ගන්න අයට සිල් රෙදි බෙදා දීම හොඳ දෙයක්.මේකේ ඇති වැරැද්දක් නෑ.(හේ)
ලලිත් හොඳ මහත්මයෙක්. දක්ෂ රාජ්‍ය නිලධාරියෙක්. ඒත් එතුමා වුනත් කොහොමද ඉහලින් එන නියෝග ඉක්මවා යන්නෙ? අනුන්ගේ පව් වලට කර ගහන්න ඔබට සිදුවීම ගැන මම දුක් වෙනවා. (බ)
සිල් රෙදි විතරක් නෙමෙයි, ලංකාවේ දේශපාලනය කරන්න එන හැමෝම වගේ එන්නේ හොරකම් කරලා, පවුල් පිටින් හැදෙන්න බලාගෙන (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
එතකොට එක පින්වතෙකුට සිල් රෙදි කීය බැගින් බෙදාදෙන්නද ගණන් හදලා තියෙන්නේ? වැරදිලාවත් මේ පිංකම කරගන්න ලැබුනා නම්, මේ ගොල්ලෝ ඔක්කොටම පණපිටින් දෙව්ලොව යන්න තිබුනා (නි)
සිල් රෙදි හොරු හිරේ යවමු. (ර)
චාමර ,අපි මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ හොරු අල්ලන්න. ඔයාලගේ ආණ්ඩුව පහුගිය කාලේ සියලුම සංවර්දන කටයුතු කලා නේද ? (ර)
එතකොට අර සිල් රෙදි දෙන්න වටිනා බව පසක්කළ එක්කෙනා කෝ? (නි)