(ඩබ්. ඒ. පියතිලක)
හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු ඒකකයේ, රුධිර කාන්දුකරණ අංශයේ ප්‍රතිකාර උපකරණ හිඟවීම හේතුවෙන් එහි කටයුතු දින 5ක් තිස්සේ නවතා දමා ඇතැයි රෝගීහු පවසති.
හිඟුරක්ගොඩ දිසා රෝහලෙන් වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට රෝගීන් 600ක් පමණ පැමිණෙන බවත්, එයින් රුධිර කාන්දුකරණ රෝගීන් 20ක් පමණ සිටින බවත්, ඔවුන්ට දින දෙකකට වරක් රුධිරය මාරු කර ගැනීම අනිවාර්ය බව රෝගීහු පවසති.
පොළොන්නරුව සහ මැදිරිගිරිය රෝහල් වෙත ගිය පසු, එම රෝහල්වල බොහෝ රෝගීන් සිටින බවද කියා එම නිලධාරීන් ඔවුන්ව හරවා එවන බවද ඔවුහු කියති.
“අපි මැරෙන්න ඉන්න ලෙඩ්ඩු. දුර ඉස්පිරිතාලවල්වලට ගිහිල්ලා ලේ පිරිසිදු කරගන්න අපිට සල්ලි නැහැ. ඉන්න ටික කාලයෙදිවත් අපට ජීවත් වෙලා ඉන්න අවශ්‍ය පහසුකම් ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා” යැයි ද රෝගීහු කියාසිටිති.
මේ සම්බන්ධයෙන් පොළොන්නරුව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඩී.එස් .ඒ ජයසිංහ මහතා පැවසුවේ, හිඟුරක්ගොඩ රෝහලෙන් ඒ සම්බන්ධයෙන් කිසිම දැනුම්දීමක් කර නැති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ මේ සෞඛ්‍ය ඇමතිය හැන්ගිලාද ? නැත්නම් ඩිල් දානවද පනින්න ?
ගෝඨාභය මහත්තයෝ... ඔන්න මේවට විසඳුම් දෙන්න වෙයි දැන්.