කොළඹ නගරයේ විදුලි සංඥා පුවරු අසල පවත්වන රථ වාහන වලින් හිඟමන් යදින්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් බදාදා (19) අරඹන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි.
අසරණකමට වඩා මුදල් හම්බ කිරිමේ ව්‍යාපාරයක් ලෙස දෛනිකව සිදු කරන බව ඔහු කියයි.
කොළඹ නගරයේ විදුලි සංඥා පුවරු අසල පවත්වන රථ වාහන වලින් හිඟමන් යදින්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් බදාදා (19) අරඹන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි.
අසරණකමට වඩා මුදල් හම්බ කිරිමේ ව්‍යාපාරයක් ලෙස දෛනිකව සිදු කරන බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාචකයන් අල්ලනවට වඩා මුදල් දෙන අය අල්ලනවනම් හොදයි. මමනම් කවදාවත් එතැනදී මුදල් දෙන්නේ නැහැ. සමහර උදවිය අනෙක් ජනතාවට පෙන්න උජාරුවට මුදල් දෙනවා. එකෙන් වෙන්නේ යාචකයන් තවත් බෝ වෙන එකයි. (ර)
නීති ගෙනාවට වැඩක් නෑ ඒවා ක්‍රියාත්මක වන්නේ නැත්නම්. දුම්රියේ හිගාකෑම තහනම් කලත් එහි අඩුවක් නෑ. (ර)
ඉතා හොඳ වැඩක් (නි)
පෙරේරා කියන කතාව සහමුලින්ම ඇත්ත. එහෙම වාහන හිමියන් නොදී හිටියහම ඉවරයි. හිඟමන් ඉල්ලන අයගෙන් හරිඉම කරදරයි. රිය අනතුරු සිදු වෙනවා. ඒ නිසා මහමග හිඟමන් යදින්නන් අල්ල දඬුවම් කල යුතුයි. (ර)
හොද වැඩක්.ජනාදිපති තුමා කියුවනේ 2017 දිලිදු කම තුරන් කරන වර්ෂයයි කියල.එකේ පෙරහුරුවක් තමයි ඔය. (අ)
අත්අඩංගුවට ගෙන සැබෑ යාචකයින්ට විකල්පයක් දෙන්න.(අ)
හොද වැඩක්. මේ අල්ලන අයගේ වත ගොත හොයල බලල ඇත්තම් යාචකයෝ කවුද අනෙක් අය කවුද බලල නිත්‍යානුකුලව කටයුතු කළොත් හොදයි. (අ)
හුඟ දෙනෙක් බලාගෙන ඉන්නේ අර 2030 සල්ලි වැස්ස වැහිනකම්. (අ)
ඉතා හොඳයි ඉක්මනට කළ යුතුයි (අ)
හිඟන්නාගේ පත්තරේට හෙන හුරා වැටෙන්නේ කොහෙද? ඒවා ගොන් කතා.ඔය හිඟන්නෝ වාහනවල හැපිල මැරිලත් තියෙනවා. ඕක හොඳ වැඩක්. සල්ලි දෙන්නේ නැති වාහන කසිතියල හූරගේනේ යනවා. මිනිස්සුන්ට ඉන්දහසේ යන්න නැහැ. ඉතා හොඳ වැඩක්. රිදී ගමට දල තමන්ගේම වෘතියක් හුරු කරන්න ඕන.(අ)
හොඳ ක්‍රියාවක්. හරිම කරදරයක් තියෙන්නේ. සල්ලි දුන්නේ නැත්නම් බැනලත් යනවා. උදේ පාන්දර රැකියාවට යන අයගේ දවසම ඉවරයි (නි)
වාහන වලින් හිඟමන් යදින්නන් අත්අඩංගුවට ගැනීමට පෙර, ඔවුන් වෑන් වලින් ගෙනැවිත්, කොළඹ නගරයේ මාර්ග සංඥා පුවරු අසළ බස්සවන "හිඟන මුදලාලිලා", නැත්නම් "බොස්ලා", ගැන පොලිසිය විමසිල්ලෙන් හිටියොත් මෙම උවදුර නැත්තටම නැති කරගන්න පුළුවන්. මොකද මේක කොළඹ නගරයේ පමණක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන්නේ? අනෙකුත් ප්‍රධාන නගරවල මේ කරච්චලය නැද්ද? (නි)
හිඟන්නෝ ගෙන්වන්නේ මුදලාලිලා කීප දෙනෙක්. බොරුනම් උදයට වාහන වලින් ගෙනත් දානවා බලන්න. (නි)
හොඳ වැඩක්. මම පැහැදිලිවම දන්නවා මේක බිස්නස් එකක්. හැබැයි මේක අලුත් "ලෝක ප්‍රවණතාවයක්" ද මම දන්නේ නැහැ. මේක තවත් සමහර රටවලත් මේ විදියට මම දැකලා තියනවා (නි)