යාචකයකුට අයිති රුපියල් දහසයදාස් පන්සිය දාහතක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (13) රාජසන්තක කළේය.
කොළඹ කොටුවේ සිඟමනේ යෙදීමේ වරදට පසුගිය ජනවාරියේදී අධිකරණයට ඉදිරිපත් කළ එම යාචකයා ළග තිබු රුපියල් දහසයදාස් නවසිය දාහත උසාවි බාරයට ගෙන තිබිණි.
නඩුවෙන් වැරදිකරු වු ඔහුට රුපියල් දහයක දඩයක්ද ගැසිණි. එහෙත් හය මාසයක් පසුවී වුවද තැන්පත් මුදල ගැනීමට යාචකයා නොපැමිණිම නිසා එම මුදල රාජසන්තක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තැනැත්තාට මේ ගැන දැනීමක් නැතිව ඇති. හිගන්නගේ දේ ගන්නේ ඊට වඩා හිගන්නෝ.(නධී)
අයියෝ ඕවා මොනාද,,16000 කියන්නෙ දවසේ ආදායම වෙන්නැති.. අර පසුගිය දවස් වල අහුවුනේ වෑන් 2කුයි,කොලබින් ගේකුයි තියෙන හිඟන්නෙක්. (ස)
16000 ගන්න එන එක පාඩු ඇති මිනිහට (ස)
හිඟන්නාගේ පාත්තරේට හෙන හුරා ගහලා..... භාගයක් හරි දෙන්න තිබිබෙ ඒ මනුස්සයට.. (ස)
අපෝ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නම් ඉක්මනට රජ සන්තක වෙනවා. හොර ජාවාරම්කාරයොගේ සල්ලි හොයාගෙන ගිහිල්ල එන්න කියල දෙන්නේ. (ස)
අයියෝ රුපියල් දහය (ස)
හිගන්න හිතන්න ඇති ඔයගානට රස්තියාදු වෙනවට වඩා වෙන වැඩක් කරගන්න එක සමහරවිට ඔය ගාන මිනිහගේ දවසේ ආදායමද දන්නේ නැහැ?අර කොච්චිවල හිගා කනවා බරව කකුල් දෙකක් පෙන්නගෙන මිනිහගේ දවසේ අදායම මම හිතන්නේ 10,000 පන්නල බලන් යනකොට අපි තම හිගන්නෝ (අ)
අනුන්ට අයිති දේවල් රාජසන්තක කර, සියලු ජනතාවටම අයිතිකර අපිත් හිගන්නට ණයකාරයෝ කරන්ඩ එපා විනිසුරුතුමා! (දී)
මටනම් තේරෙන්නේ නැහැ මේ මොන නීතියක්ද කියල. (දී)
ඉඑළින් කියලා ඇති හිගන්නන්ගේ සල්ලි හරි ගෙනල්ලා රජයේ පාඩු පිරිමසන්න කියා.(නදී)
හිඟ කමත් වරදක්ද? අනෙ අපොය් අපේ රටේ නීතිය. පව් අහිංසක සිඟන්න. කාලයක් ඉතිරිකරපු සල්ලි වෙන්න ඇති සමහර විට. (දී)
හිඟ කමත් වරදක්ද? අනෙ අපොය් අපේ රටේ නීතිය. පව් අහිංසක සිඟන්න. කාලයක් ඉතිරිකරපු සල්ලි වෙන්න ඇති සමහර විට. (දී)
දේශපාලකයෝ මොනවද කරන්නද මේකට (දී)
මේ යාචකයට වඩා මහා ජනතව ගසාකමින් ජිවත්වන අය ඉන්නවා නේද. (දී)
හිගන්නට නම් පාර්ට් එක දානවා ලොකු හොරෙක් අහු උනාම හැඟෙනවා ලැජ්ජයි අපිට මේවා දැක්කාම (දී)
හිගාකෑම තහනම් . නැති එකා මොකද කරන්නේ දැන් ඉතින් හොරකම් කරල තමා කන්න ඕන හිගන්නට පිලියමක් කරන්න රජය දැනගන්න ඕනේ
මේ වගේ දේවල් වලට නඩු දාන්න නම් අපේ පොලිසිය හරිම දක්ෂයි. (දී)
හිඟන්නාගේ පාත්තරේටත් බඩුම තමයි (ස)
පව් අනේ ඒ හිගන අයියා..., මට හරි දුකයි (දී)
රුපියල් දහසය දාහක් කියන්නේ අද මොනවද එත් එම මනුස්සයට එය ලොකු ගණනක්. පව් ඕකට තමයි කියන්නේ හිගන්නාගේ පාත්තරේ හෙනහුරා වැටුනි කියල. මහා ලොකු තැන්වල ඉඳගෙන මිනිසුන්න්ගේ සල්ලි පගා ගහන අය දැක්කම මෙ මිනිහාගේ හිගා කෑම මොකක්ද ? (දී)
අනුන්ගේ මුදල් හොරකම් නොකර ඉල්ලලා අරන් තියෙන්නෙ මේ මුදල හිගන්නට අය්තියි මෙය රාජසන්තක කිරීම පනතේ නැහැ වගන්ති කියවා බැලුවේ නැද්ද ........ (දී)
"දේශපාලකයෝ මොනවද කරන්නද මේකට" ඒ අයට මේකට තියා වෙනදේකට වත් කරන්න දෙයක් නැත. (දී)
හොරකම් නොකර හිගා කෑවත් වැරදිද ,? (ත)
මම නම් හිතන්නෙ නැහැ එයා තමන්ගේ සල්ලි රාජසන්තක කරන්න කැමති වෙයි කියලා (නි)
අසේල, ඔබ යන්නේ කොහේද ඇහුවම මල්ලේ පොල්..වරද තියෙන්නේ සල්ල්ලි ඉල්ලීම නොවෙයි, සිඟමන් යැදිම තහනම් කලාපයක සිඟමන් යැදීම.(අ)
කොළඹ කොටුවේ සිඟමනේ යෙදීමේ වරදට දඩය රුපියල් දහයක් නම් එයා ළඟ තිබුණු රුපියල් දහසයදාස් නවසිය දාහත උසාවි බාරයට ගත්තේ ඇයි? (නි)