ජංගම දුරකතන ලබා දෙන බව කියමින් රුපියල් පන් ලක්ෂයකට අධික මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිසියේ සිටියදී නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් බේරාගෙන ගිය සැකකාර යුවළ අද (29) සවස නැවත අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් නැවත අත්අඩංගුවට ගෙන ඇත්තේ කූඨ ලේඛන සකසා ඇතැයි ලැබී ඇති තොරතුරක් මතය. අත්අඩංගුවට ගත් සැකකාරිය හැඳුනුම්පත් අංක දෙකක් භාවිත කරන බවටත් ඒ අංක දෙකෙන් බොහෝ දෑ කරගෙන ඇති බවටත්, ඒ ගැන සොයා බලන ලෙසත් කියමින් ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සැකකාර යුවළ විදේශ ගතවීම වළක්වන ලෙසට අධිකරණ නියෝගයක් ගෙන ආගමන විගමන අංශයට භාර දී ඇත.
ඉතා අඩු මුදලට ජංගම දුරකතන ලබා දෙන බවට අන්තර්ජාලයේ තිබූ දැන්වීමක් අනුව සැකකරිය සම්බන්ධ වූ බවත්, ඇය සහ ඇගේ ළඟම හිතවතකු දුරකතන ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් පන් ලක්ෂ දස දහසක් වංචා කළ බවත් කියමින් පෞද්ගලික රක්ෂණ සමාගමක රක්ෂණ නියෝජිතයකු දෙසැම්බර 17 වැනි දා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබිණි.
කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී ඊ විදිසිංහ සහ එවකට කැලණියේ වැඩබලන කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ රංජිත් අමරදේව මහත්වරුන්ගේ උපදෙස් පිට විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලුත්ගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වා ජනවාරි මුල් සතියේ සැකකාර යුවළ අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් අත්අඩංගුවට ගත් දින බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා දින තුනක නිවාඩුවක් ගෙන තිබූ අතර එදින රාත්‍රී පෑලියගොඩ පොලිසියට ආ වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිලධාරීනට බැන වැදී සැකකරුවන් බේරාගෙන ගියැයි චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් පැවැත්වෙයි.
ඉන් අනතුරුව සැකාරියට හා සැකකරුට පෑලියගොඩ පොලිසියට පැමිණෙන ලෙස දෙවතාවක් දුරකතන මාර්ගයෙන් දැනුම් දී තිබුණත් ඇය නොපැමිණි බවත්, ඇය සොයා හෝකන්දර නිවසට ගිය විට ඔවුන් එම නිවසින් පිටව ගොස් සිටි බවත්, අසල්වාසීන්ගෙන් ඇය ගැන ප්‍රකාශ ගත් බවත් පොලිසිය කියයි.
සැකකාරිය කළැයි කියන වංචා කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය කිහිපයකට පැමිණිලි ලැබී තිබිණි. ඇය හැඳුනුම්පත් අංක දෙකක් භාවිත කරන බවට ලැබුණු තොරතුරු අනුව එම අංක දෙක ගැන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් වාර්තා ද ලබා ගැනිණි.
ඒ අනුව අංක දෙකකින් ඇගේ නමට හැඳුනුම්පත් ඇතැයි තහවුරු වූ බව ද, ඒ හැදුනුම්පත් දෙකේම සැකකාරියගේ නම සහ ලිපිනය සමාන බව ද, උපන් අවුරුද්ද 1985 සහ 1983 යනුවෙන් සඳහන්වන හැඳුනුම්පත් අංක දෙකක් ඇයට ඇති බව පෙනේ යැයි ද පොලිස් ආරංචි කියයි.
සැකකරුවන් බේරාගෙන යාමෙන් තමනට අගතියක් වූ බව කියමින් පැමිණිලිකාර රක්ෂණ නියෝජිතයා පසුගිය දා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේය. එදින රාත්‍රී පැමිණිලි ඉල්ලා අස් කරගන්නැයි කියමින් තර්ජන ආ බවත්, යතුරු පැදිවලින් නිවස අසල නාඳුනන පිරිස් ගැවසෙන බවත් කියමින් රක්ෂණ නියෝජිතයා පසු දින කිරිබත්ගොඩ පොලිසියට සහ පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කළේය.
බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී ඊ විදිසිංහ මහතා සහ එම කොට්ඨාසයේ වැඩබැලූ පොලිස් අධිකාරී රංජිත් අමරදේව මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු නැවත විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරුවන්ගේ වංචාවන්ට හසුවූවන් තව වෙතොත් දැනුම් දෙන්නැයි පොලිසිය ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට දැඩි දඩුවම් දෙන්න ඕනේ මොකද නැතිනම් අනාගතය ආරක්ෂා කර ගන්න බැහැ (දී)
ම්නිස්සු හොරකම් කරලා ජිවත් වෙන්න පුරුදු වෙලා මොකද්ද හේතුව (දී)
බලයෙන් හොරු ආරක්ෂා කරන්න යන යට දඩුවම් දියයුතුයි.
අද ලංකාවේ සිදුවෙන බොහෝ වංචාවල් පිටිපස්සේ සිටින අය සමාජයේ ඉහල තනතුරු දරන අය සමග කිට්ටු සම්බන්ධකම් පවත්වන අය බව ඉතාමත් පැහැදිලියි (දිල්)
අපරාධකාරයෝ වැඩිවෙනවා කියන්නේ රටක පරිහානිය පෙන්වන කැඩපතක්. හැබයි මේකෙන් මුහුණ බලන්න පුළුවන් දේශපාලකයෝ ලංකාවේ නම් ඇතයි සිතන්න බැහැ. දැන් දැන් ඉහළ කියන ඇතැම් පොලිස් නිලධාරීන්ටත් මේකෙන් මුහුණ බලන්න බැරි වේගන එන්නේ (අ)
නීතිය එක විදිහට ක්‍රයාත්මක වෙනවානම් සමාජයේ හැම කෙනාම නීතියට අවනතයි (දී)
අපි කොහොමද නිතිය ගැන ව්ශ්වාසයක් තියන්නේ (දී)
ඉස්සෙල්ලම මේ නියෝජ්‍ය පොලිස්පතිට දඬුවම් කල යුතුයි , තමන්ගේ රාජකාරිය පැහැර හැරිම , අනිකුත් නිලදාරින්ට බලපෑම් කරමින් වැරදි කරුවන් නිදහස් කිරීම සහ රාජකාරියට බාදා කිරීම , වැරදි කරුවන් ඉදිරියේ අනිකුත් නිලදාරින්ට බැන වැදී ඔඋන්ගේ ආත්මගරුත්වය සහ රැකියාවේ ගරුත්වයට හානි කිරීම , කියන කරුණු යටතේ මෙවන් නිලදාරීන් වහාම පොලිස් සේවයෙන් නෙරපීම පොලිස්පති තුමනි ඔබට බාරයි (දී)
මොනවා කිවුවත් ලංකාවේ පොලිසිය දක්ෂයි. (නි)
අපරාධකාරයෝ වැඩිවෙනවා කියන්නේ රටක පරිහානිය පෙන්වන කැඩපතක්. හැබයි මේකෙන් මුහුණ බලන්න පුළුවන් දෙසපාලකයෝ ලංකාවේ නම් ඇති සිතන්න බැහැ. දැන් දැන් ඉහළ කියන ඇතැම් පොලිස් නිලධාරීන්ටත් මේකෙන් මුහුණ බලන්න බැරි වේගන එන්නේ. (දී)
සියල්ලටම පළමුව මෙම සැකකරුවන් බේරාගෙන ගිය නියෝජ්‍ය පොලිස් උන්නැහේට විරිරුද්දව ක්‍රියා කොරන්න. මේගොල්ල තමයි රටේ නීතියක් නැහැ කියන එක ලෝකෙට පෙන්වන්නේ මොවුන් නිසා නීතිය කරන නිලදාරීන් පවා අමාරුවේ වැටෙනවා. (දී)
සොරුන් වංචා කාරියන් බේරගන්න ඉදිරිපත් වන්නේ ලෝක හොරුන් මේ අය නීතිය රකින්න ඉදිරිපත් වීම ඉතා භයානකයි.(නදී)
පොලිස් ලොක්කත් කුඩු කලොත් තමයි වටින්නේ. මේ වගේ අය බේරගන්නවට ලොකු වාසියක් ඇති.(නදී)
පොලිසියට පුලිෂ් පාර්ට් දාපු නියෝජ්‍ය පුලිෂ්පතිතුමා කවුද? අපිත් කැමතියි එයාගෙන් පරිස්සම් වෙන්න.(නදී)
ගෑනුන්ට නීති විරෝදීව උදව් කරන්න ගිහින් ලොක්කෝ කී දෙනෙක් සවුත්තු උනාද ? (නදී)
දැන් එතකොට අර අනිත් නියෝජ්‍ය පොලිස්පතිතුමා පව්නෙ අනේ.(නදී)