
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස තේරී පත්විය. ඒ එම කාරක සභාව ඊයේ (05) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
හෙක්ටර් අප්පුහාමි මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා විසිනි
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා තමන් සභාපතිවරයා ලෙස තෝරාපත්කර ගැනීම පිළිබඳව ස්තූතිය පළකළේය.
ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම උදෙසා ජාත්‍යන්තර සහයෝගයද ඇතිව ගත හැකි උපරිම ක්‍රියාමර්ග ගැනීමට අපේක්ෂා කරන බව හෙතෙම පැවසුවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd