
(සුරංග රාජනායක)
ගම්පොල මාවතුර කලයිමහල් දෙමළ විද්‍යාල භූමියේ තිබූ සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටස් එකක් පිපිරීමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
තිවාල ලැබූ සිසුන් දෙදෙනකු ප්‍රතිකාර ලබාදී නිවසට යවා ඇති අතර එක් සිසුවකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මෙසේ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ එම පාසලේ හය වසරේ ඉගෙනුම ලබන සිසුවකු එසේ තුවාල ලබා ඇත.
පාසල් කාලය තුළදී මෙම සිසුන් තිදෙනා එළියට පැමිණි අවස්ථාවේ බෝලයක් වැනි යමක් දැක එක් සිසුවකු එයට පා පහරක් එල්ල කර ඇති අතර ඒ අවස්ථාවේදී එය පුපුරා ගොස් ඇති බව පවසයි.
පිපිරීමෙන් සිදු වූ අධික කම්පනය නිසා මෙම සිසුවා ගේ සපත්තුවක් කැඩීගොස් කකුලට ද හානි සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම හක්කපටස් මෙහි ගෙන එන ලද පුද්ගලයා වහාම සොයාගන්න .මිනී මැරීමට තැත් කිරීම වැනි අධි චෝදනාවක් ගොනුකර අධික කාලයක් ඇප නොදී රිමාන්ඩ් භාරයට පත් කරන්න .තරාතිරම නොසලකා හරින්න