
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ දිගින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයෙක් කටයුතු කළේය.
ඔහු නමින් උදාර සංජීව නමැති හතළිස් හැවිරිදි තිදරු පියෙකි.
කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ඔයක කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිලදැමූ කිඹුලකු සිටින බවට ප්‍රදේශවාසීන් අතර කටින් කට පැතිර ගිය ආරංචිය සැලවී එම ස්ථානයට පැමිණි උදාර සංජීව එහි සිටි අනකුත් පුද්ගලයන්ගේ සහායෙන් දැඩි වෙහෙසක් දරා කිඹුලව ගොඩට ගැනීමට මුලින්ම කටයුතු කර තිබිණි.
අනතුරුව ඉඩ පහසු ස්ථානයකට කිඹුලාව රැගෙන උදාර සංජීව ඇතුළු අනෙකුත් පුද්ගලයන් ආරක්ෂාකාරී අයුරින් කිඹුලාගේ කට විවෘත කර යතුරු පැදි කේබලයක් ආධාරයෙන් අටවා තිබූ කුකුල් බොකු සවිකර තිබූ ඇම ඉවත් කිරීමට දැඩි වෙහෙසක් දරා කටයුතු කෙරිණි.
ඒ සඳහා ඔහුට විනාඩි 30ක පමණ කාලයක් වැය වූ අතර එහි සිටි සෙසු පුද්ගලයන්ගේ සහාය ද නොමඳව ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවත හා පින්තූරය අනිවාර්යෙන්ම ජාත්‍යන්තර ඇගයීමකට ලක්වනු නොඅනුමානයි. ව්‍යායාමය යෙදුණු සියලුම අපේ කොල්ලන්ට කඩවර ශක්තිය ලැබේවා...!!!
මේ මනුස්සය මොනතරම් අවදානම් වැඩක්ද කරල තියෙන්නෙ , ඔහුට ලොකු අනු කම්පාවක් මේ සතා ගැන ඇතිවෙන්න ඇති . අගය කල යුතු මිනිහෙක්
නමත් උදාරයි, වැඩත් උදාරයි... අපි කාටත් කළින් උදාර යයි නිවන්...!
සත්පුරුෂ ඔබ සැමදෙනටම නිදුක් නිරෝගීබව සසර පුරා සැළසේවා!
මේක නියම වැඩක්. සොබාදහමට ආදරය කරන මේ වීරයාගේ නිර්භීතකම අපි අගය කළ යුතුයි.
බොහොම අගනා බොහෝ කුසල් ලැබෙන ක්‍රියාවක් .ජාත්‍යන්තරයට ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ සත්ව හිංසා පිටුදැකීමේ ව්‍යාපාරයේ ඉන්න අයගේ ප්‍රශන්සාවට සහ ඇගයීමකට ලක් විය යුතු කාරණයක්
උගුල අටවපු එකාට දැන් ඕක ගිලින්න කියා කිව යුතුයි.
හොඳයි
මේක කරන්න හිතුන පුද්ගලයාට තුති.......
මෙන්න මේ වගේ මිනිස්සු කරන උදාර වැඩ වලට සම්මාන දෙන්න ඕනි. ඒ වුණාට කාලකණ්නි දේශපාලුවෝ රජකරන යුගයක ඒ දේවල් අගය කරන්නේ නැහැ. උන් වලිකන්නේ මොන ප්‍රෝඩාවක් හරි දාලා බලේ ඉඳගෙන ගසාකන්න තමයි. කාලකණ්නි.
මෙ ආදරනීය මිනිස්සු කලේ ඉතාම යහපත් ක්‍රියාවක්. . නමුත් මෙ කිඹුලාව අල්ලන්න කවුරු හරි උත්සාහ කලේ ඇයි කියලත් හොයලා බලන්න ඔන නැද්ද ? අනිත් එක, මෙ දවස් වල හැම තැනින්ම කිඹුල්ලු මතු වෙන්නෙ කොහොමද කියලා හොයල බලන්න ඔන නැද්ද?
A Great, meritorious deed. Salute nature lovers.
එල කොල්ලෙක්නෙ
සහභාගී සියලු දෙනාටම නිවන් සුව ලැබේවා