හක්ක පටස් කා තුවාල සිදුවී ආහාර ගැනීමට නොහැකිව සිටි අලියකු සීගිරිය රන්ගිරිගම ප්‍රදේශයේදී මියගොස් සිටියදී අද (24) සොයාගත් බව සිගිරිය වනජීවී කාර්යාලය කියයි. අවුරුදු 15ක් පමණ වයසැති අලියා සිගිරිය දඹුල්ල ප්‍රධාන මාර්ගය අසල මිය ගොස් සිටි බව කියති.
පසුගිය 23 වැනිදා එම අලියා වනජීවී නිලධාරීන්ට හමුවී ප්‍රතිකාර කිරීමට සුදානම් කර සිටියදී මියගොස් ඇතැයිද සිගිරිය අභය භූමියට අයත් ප්‍රදේශවල වගාවන් කරන ඇතැම් පිරිස් වට්ටක්කා ගෙඩි වලට හක්ක පටස් මැදි කර තබන බවද වනජීවී නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ජාතික අපරාධ. අලි මංකඩ නියම අයුරින් සැකසීම රජයේ සහා වන ජීවයේ යුතුකම. අලි මරණ එවුන්ට දැඩි දඬුවම් දෙමු.(රේ)
මෙම කෘර සත්ව හිංසනයන් කරන්නේ වෙන කවුරුන් වත් නොව අපේ සිංහල බෞද්ධයන් බව ලජ්ජාවෙන් වුවත් කිව යුතුයි.තමන්ගේ වගාවන් රැකගැනීමට හෝ වල් උරූ මස් රසයට ලොල් වුවෙක් මෙය කරන්නට ඇති.මෙවන් සිත් පිත් නැති දෑ කෙසේ කරනවාදැයි හිතා ගැනීමටත් බැහැ.හරියට අර අයි.එස් .යක්ෂයන් වගේ (රේ)
අලි මන්කඩවල් තමයි අල්ලගන්නේ උතුරු නැගෙනහිර හා විල්පත්තුවෙත් . මේවට විසදුම් නොදී අලියෝ රකින්නේ කොහොමද ? 2009 පස්සේ තමා මේවා පටන් ගත්තේ . කිසිම ආණ්ඩුවක නැහැ මේවා තේරෙන ඇමතිලා . බුදු හාමුදුරුවොත් කීවේ වනාන්තරයි සත්තුයි ආරක්ෂා කරන්න කියල , (රේ)
අධිරි හැම මගුලටම දේශපාලනය ගාව ගන්න එපා.(රේ)
බුදු රදුන්ගේ නිර්මල දහම මවැනි දුෂ්ට කම් කරන මිනිසුන් ගැන සදහන් කරන්න එපා ඔවුන් කරන මවැනි පපකර්මවලට නිසි දඩුවම් පරලොවෙදී මෙම්න්ම මෙලොවදීද ලැබෙනු ඇති . එහෙහෙත් මෙවැනි කෘර ක්‍රියා කරන්නන් සොයා නීතිමගින් කටයුතුකිරීමට වහාම ක්‍රියා කල යුතුය(රේ).
පවු අහිංසක සත්තු! (නි)
මිනිසුන් වැරදිද? සතුන් වැරදිද? (නි)
මේ වැනසෙන්නේ රටේ වටිනා අලි සම්පත නොවේද? (නි)