IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොංකොං සය සාමාජික ක‍්‍රිකට් ශූරතාව පාකිස්තානයට

හොං කොං නුවරදී පැවැති අන්තර්ජාතික සය සාමාජික කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අබ්දුල් රසාක් ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු පිල සමත්විය. තරගාවලියේ අද (30) පැවැති අවසන් මහා තරගයේදී එංගලන්තය (119/6) පරදවා පාකිස්තානු පිල (154/5* ලකුණු 35 ක පහසු ජයක් ලැබීය. අවසන් පුර්ව තරගයේදී චාමර කපුගෙදරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල පරදවා කඩුලූ 4 ක ජයක් ලබා ගැනීමට එංගලන්ත පිල සමත්විය. පළමු අවසන් පුර්ව තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල  ඕවර පහ අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 94 ක් ලැබීය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ එංගලන්ත පිල  ඕවර 5 තුළදී කඩුලූ 2 ක් දැවී ලකුණු 101 ක් ලබා අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 8 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර තුනක් සමග වේගවත් ලකුණු 31 ක් ලබා ගත්තේය. චතුර පීරිස් පන්දු 10 කදී හයේ පහර 3 සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 28 ක් ලබා ගැනීමට සමත්විය. පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලූ දෙක ලබා ගත්තේය. අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයේදී සනත් ජයසුරිය මෙහෙයවු  ඕල්ඞ් ස්ටාර් පිල (118/1) පිල පරදවා ශ්‍රී ලංකා පිල (121/2) කඩුලූ 4 ක ජයක් ලැබීය. එහිදී සනත් ජයසුරිය  ඕල්ඞ් ස්ටාර් පිලේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 6 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 34 ක් රැුස් කරපිටියෙන් ඉවත්ව ගියේය. ජයග‍්‍රාහී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 34 ක් ලැබීය. දෙවැනි අවසන් පුර්ව තරගයේදී හොං කොං පිල (84/3) පරදවා පාකිස්තානය (116/3) ලකුණු 32 ක පහසු ජයක් ලැබීය.



අදහස් (0)

හොංකොං සය සාමාජික ක‍්‍රිකට් ශූරතාව පාකිස්තානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site