වියට්නාම් ජනතාවගේ ශ්‍රේෂ්ඨ නායකයකු මෙන්ම වියට්නාම හිටපු ජනපති ‘හෝ චී මිං’ සමරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විශේෂ සැමැරුම් මුද්දරයක් කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ තැපැල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද නිකුත් කළේය.
තම රටේ නිදහස හා ස්වාධිනත්වය වෙනුවෙන් බටහිර රටවල් සමඟ එඩිතරව සටන් කොට ජයග්‍රහණ ලබා ගැනීම නිසා හෝ චි මිං ලෝක ප්‍රසිද්ධ විය.
තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් සැමැරුම් මුද්දරය සහිත පළමු මුල් දින කවරය එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වු මෙරට වියට්නාම තානාපති ටොන් සින්හ් තාන්හ් මහතා වෙත පිළිගැන්විණි.
වාමාංශික දේශපාලනයේ නියමුවන් මෙන්ම අමාත්‍යවරුන් වන ඩීව් ගුණසේකර,මහාචාර්ය තිස්ස විතාරණ,වාසුදේව නානයක්කාර,ඒ එච් එම් ෆවුසි යන මහත්වරු ද තැපැල්පති රෝහණ අභයරත්න මහතා ද මේ අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් දෙයක්. (ස)
මම නම් පෞද්ගලිකව මේ මුද්දරයට කැමති නැහැ (නි)
ලෝක නායකයින්ට ගරු කිරීමක් වශයෙන් (දී)
සුනෙත්,අපි ඉතින් මුද්දර අලවන්නේ මුද්දරේ පිටුපස කෙළ ගාලානේ. වැරැද්දකට නොවෙයි එහෙම කරන්නේ. අපේ කැත පුරුද්දක් දිව දික්කරන එක. (නි)