IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


“හෝ ගානා පොකුණේ” “කුරිනාරේ”

    SAN_3058

 

“රෑට පේන කිරි හාවා
හඳේ ඉන්නවද බලන්න
මිනිස්සු එකොමත් එක කාලෙක
හඳට ගියා ලු
ලොකු රොකොට්ටුවක් හදාන
හඳට ගියාලු - හඳට ගියාලු
මුහුද උඩින් අහස මැදින්
හඳට ගියාලු”

 

මේ ගීතය ඇහෙන්නෙ කොතැනින්ද කියලා අමුතුවෙන් කිව නොහැකි තරමට අද මේ චිත්‍රපටය ජනප්‍රිය වෙලා. ඒ තමයි ඉන්දික ෆර්ඩිනැන්ඩු අධ්‍යක්ෂණය කළ නොක්ස්ට් ෆ්රේම් වෙනුවෙන් යශෝධරා සරච්චන්ද්‍ර - කුසුම්සිරි ලියනආරච්චි සහ සුනිල් ටී එක්ව නිෂ්පාදනය කළ “හෝ ගානා පොකුණ”. මෑත කාලයේදී ශ්‍රී ලාංකීය සිනමාවට දායාද වූ හරි අපූරු සිනමා නිර්මාණයක් වන මෙහි රංගන ශිල්පී කැල ගැන මෙන්ම මීට සම්බන්ධ බොහෝ දෙනා ගැන හැමෝම ප්‍රශංසාවෙන් කතා කරන මොහොතක මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වන “දිනේෂ් සුබසිංහ” ගැනත් අපට කතා නොකරම බැරිය. මේ අපූරු සිනමා ගෙත්තම හැඩ කිරීමට ඔහුගේ සංගීතය මැවූ රටා සැබැවින්ම මියුරු ය.

 

SAN_3051
● දිනේෂ් ඔබ පසුගිය දිනවල විදෙස්ගතව නේද හිටියෙ?
මම පොඩි අතීත කතාවක් කියන්නද?

 


● ඔව් කියන්න
සංගීතය ගැන උනන්දුවන මුල් කාලයේදී මම මගේ ප්‍රියතම සංගීතඥයින් ගැන පොතක එයාලගෙ නම් සටහන් කරගෙන තිබුණා. ඒක මමම හදාගත්ත පුංචි පොත් පිංචක්. ලෝ ප්‍රකට යානි, රහ්මන්, එල් සුබ්‍රමනියම්, මාක් ඕ කෝනර්, ස්ටැන්ලි පීරිස්, ශක්ති වාදක මඬුල්ල සහ මර්සීලීනු ජයකොඩි පියතුමාගෙ ඡායාරූප හා විස්තර මම ඒ පොතේ සටහන් කරගෙන තිබුණා. පසු කලෙක මර්සීලීනු ජයකොඩි පියතුමා හැර අනෙකුත් සංගීතඥයින් එක්ක මට කටයුතු කරන්නට ලැබුණා. ඒක මම මගේ ජීවිතයේ ලද විශාල භාග්‍යයක්. මර්සීලීනු පියතුමා හමු නොවුවත්, එතුමාගේ වයලීනය මට ලැබුණා. ඒකත් හරි අපූරු සිදුවීමක්. ඉතින් පසුගියදා මම විදෙස්ගත වුණේ ඇමරිකානු ජන සංගීතයේ සළකුණක් සේ සැළකෙන මාක් ඕ කෝනර් මහා සංගීතඥයා යටතේ ශිල්ප හැදෑරීමටයි. වසර තුනක කාලයක සිට විටින් විට ඇමරිකාවට යමින්, එහි ශිල්පීන් සමග ප්‍රසංගවලටත් දායකවෙමින් මම මේ සංස්කෘතික බැඳීමේ නිරත වෙනවා. මෙවර ඇමරිකාවට ගියෙත් ඒ නිසයි. රාවණා (7) මගේ සංගීත නිර්මාණ එකතුවත් එහි ගෙන ගියා. වාදකයින් 150 ක් පමණ සහභාගී වූ ප්‍රසංගයකටත් දායකවීමට අවස්ථාව ලැබුණා. ඇත්තටම ඒ නිසා මට මගේ රටට ලොකු සංස්කෘතික බැඳීමක් ඇති කරවන්න හැකිවූ බව කියන්න පුළුවනි. ඒ සතුට සමග ලංකාවට ආවාම, ඊටත් වඩා ලොකු සතුටකට තවත් හේතුවක් තිබුණා.

 


● ඒ මොකක් නිසාද?
“හෝ ගානා පොකුණ” චිත්‍රපටය නිසයි. මෙතෙක් සංගීතය නිර්මාණය කළ නිර්මාණ අතරින් මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනාගෙන් ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි. ළමුන් මෙහි ගීතවලට අදාළව වීඩියෝ පවා හදලා ඇති බව දැකගන්න ලැබුණා. කාලයකට පසුව චිත්‍රපටයක ගීත ඇතුළත් සංයුක්ත තැටියක් පවා පසුගියදා එළිදැක්වුණා. ඉස්සර අපට ඒ විදියෙ සිනමා සංස්කෘතියක් තිබුණා. නැවතත් තාක්ෂණයේ පෙරළිකාරී යුගයක එවැනි දෙයක් සමාජගතවීම සිනමාවට සුබ ලකුණක්. එය නිකුත්වුණේ එම්. එන්ටර්ටේන්මන්ට් ලේබලය යටතේයි. සමස්තයක් ලෙස මේ හෝ ගානා පොකුණ සාර්ථක නිර්මාණයක් වුණේ ඊට සම්බන්ධ සියලුදෙනා අතර මෝහයක් නොතිබූ නිසයි.

1e0345a7-2550-4fab-8d91-7ee7f770a43b

● ඒ කිව්වෙ?

මෙම චිත්‍රපටය කරද්දී කාටවත් “මං පොර” වීමේ න්‍යාය තිබුණෙ නැහැ. කවුරුහරි ඉස්මතු වෙන්න ගියා නම්? මේ තරමට මේක මිනිසුන්ට දැනෙන්නෙත් නැහැ. ළමා ලෝකයේ විප්ලවය ඉන්දික ෆර්ඩිනැන්ඩු මේ නිර්මාණයෙන් ප්‍රකාශ කළා. ඇත්තම කිව්වොත් ළමා ලෝකයේ. විප්ලව කළ චරිත තමයි පසුකාලෙක ලෝකයට මහා දේවල් කළේ.

 


● ඇයි මෙම චිත්‍රපටයේ එක් ගීතයකට “කුරිනාරේ” කියලා වචනයක් යෙදුවේ?
ඒක ඇත්තටම අරුතක් නැති වචනයක්. නමුත් මෙහි සංගීතය ගලා යන රිද්මයට අනුව, ඒ ගැන හිතලා ඉන්දිකයි - මායි එකතුවෙලා යෙදූ වචනයක් ඒක. ඒක අපට කදිමෙට ගලපා ගන්න පුළුවන් වුණා. නමුත් අපි එහෙම කළාට මේ චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂකයෙක් අපට ඔය “කුරිනාරේ” වචනය ගැන හරි අපූරු තේරුමක් කිව්වා.


“දෑස් අන්ධ ළමයකු ජීවිතයේ ප්‍රථම වතාවට වෙරළක් ළඟට ගිය මොහොතක ඒ වතුර පය දැවටෙන විට දැනුණ හැඟීම කියලා” ඒක ඇත්තටම හරි අපූරු ගැලපීමක්. අපට දැනුණා සංගීත රසයට - ප්‍රේක්ෂකයකු අරුතක් ලබාදුන්නේ ඒ විදියටයි.

 

SAN_3030


● මෙම චිත්‍රපටයේ එක්තරා අවස්ථාවක සංගීත වාදනයට ඉන්දීය ශිල්පීන් පිරිසක් ඔබ දායක කරවාගත්තා නේද?
මගේ ගුරුවරයෙකු වූ ඒ-ආර් රහ්මන් සංගීතඥයාගේ වාද්‍ය වෘන්දයේ 25 දෙනෙක් පමණ වූ ශිල්පීන් සහභාගී කරවා ගත්තා. ඒ නිසා සංධ්වනි රිද්මය චිත්‍රපටයේ ස්වරූපය අනුව මුසුකළ හැකි වුණා. ලංකාවේ අපේ වාද්‍ය ශිල්පීන් බොහෝ දෙනෙකුත් මට ගොඩාක් උදව් කළා.

 


● කොහොමද ඔබ රහ්මාන්ගෙ ශිල්පීන් ගෙන්වා ගත්තෙ?
ඇත්තටම රහ්මාන් සංගීතඥයා සහ ඒ ශිල්පීන් සමග කාලයක් කටයුතු කරමින් ගොඩනගා ගත් හිතවත්කම් ඊට මුල් වුණා. මට හිතෙන්නෙ මේ අපූරු සිනමා නිර්මාණය සමග මගේ සිනමා සංගීතයේ නියම ගමන ආරම්භ වූ වගයි. ඊට පෙර සහ ඉදිරියේ තිරගතවීමට නියමිත චිත්‍රපට ඔක්කෝම 12කට විතර මේ දක්වා මා සංගීත අධ්‍යක්ෂණය කර තිබෙනවා. නමුත් මට “හෝ ගානා පොකුණ” අපූරු කඩඉමක් වුණා.

 


● “හෝ ගානා පොකුණ” සීඩී තැටිය ගැන ඊළඟට කතා කළොත්? 
පසුගිය 26 වැනිදා එය එළිදැක්වීම සිදුවුණා. 

 

5 SAM_5319

sadun-gamage



අදහස් (0)

“හෝ ගානා පොකුණේ” “කුරිනාරේ”

සුජිත් Sunday, 14 February 2016 09:33 AM

මගේ දුවල දෙදෙනා දෙපාරක් බැලුවා මේ චිත්රපටිය දෙබසක්, රූපරාමුවක්, සින්දුවක් ගානේ මතකයි. මතක් කර කර සතුටු වෙනවා. ආයෙත් බලන්න යන්න තම ලෑස්තිය. එහෙම දෙයක් කරපු ඔබ සැමට තව තවත් සක්තිය දිරිය ලැබෙවා.! (ර)

:       0       0

කුමාර Sunday, 14 February 2016 10:40 AM

ඔබ සැබෑ දක්ෂයෙක්. මම ඔබගේ දක්ෂකම් දැක තිබෙනවා. ඔබට ජය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site